පුත්තලම, උඩප්පුව ශ්‍රී වීරභද්‍ර කාලි අම්මාන් කෝවිලට ඇතුළු වූ සොරකු එහි තිබූ රුපියල් ලක්ෂ 25කට අධික වටිනාකමකින් යුත් රන් මාල හා පඬුරු පෙට්ටියෙහි තිබූ විශාල මුදලක් ද රැගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.Sri Lanka Latest News
අද (14) අලුයම් කාලයේ දී සොරා කෝවිලට ඇතුළු වී ඇති අතර, ඔහු කෝවිලේ ඉබි යතුරු කඩා ඊට ඇතුළු වී ඇති බව උඩප්පුව පොලිසිය වාර්තා කර ඇත.
බැතිමතුන් විසින් කාලි දෙවියන් උදෙසා පූජා කළ රන් පවුම් 12ක මාලයක් මෙසේ සොරකම් කර ඇති අතර, රනින් සකසා තිබූ කාලි දෙවියන්ගේ නේත්‍ර දෙක ද සොරකම් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
සොරකම පිළිබඳ උඩප්පුව පොලිසියට අමතර ව පොලිස් ඇඟිලි සලකුණු නිලධාරින් හා පොලිස් ස්ථානීය අපරාධ පරීක්ෂණ නිලධාරින් ද පරීක්ෂණ ආරම්භ කර ඇත.