පළාත් පාලන ඡන්දය කල් දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් ගොනුකර තිබූ පෙත්සම සළකා බැලීම අද (14) සිදු කෙරුණා. මාර්තු 09වෙනිදා පැවැත්වීමට තිබූ පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම අසාධාරණ ලෙසත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙසත් කල්දැමීමට එරෙහිවයි ජාතික ජන බලවේගය විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබෙන්නේ. අද එය ශ්‍රෙෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවා.Sri Lanka Latest News
මේ සඳහා පසුගිය මස 27 වනදා ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබූ පරිදි නව මැතිවරණ කොමිසමේ නිලධාරීන්ද අද දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටි බවයි කියන්නේ.
නඩුවට අදාළ සියලු තාක්ෂණික කරුණු සම්පූර්ණ වී ඇති බැවින් ලබන 24 වනදා යළි පෙත්සම කැඳවීමට තීරණය කර තිබෙනවා.
රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරදීමේ නඩුවක් බැවින් සහ මේ වනවිට අදාළ තාක්ෂණික කරුණු සම්පූර්ණ වී ඇතැයි අධිකරණය පිළිගෙන ඇති තත්වය මත පෙත්සම විභාග කරනු ඇතැයි තමන් පූර්ණ විශ්වාසට පළ කරන බව නීතීඥ සුනිල් වටගල මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කරනවා.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය සහ සෙසු පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ නයිජල් හැච් සහ නීතිඥ සුනිල් වටගල මෙම නඩුවට පෙනී සිටිනවා.