හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් දේපළ සහ වත්කම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඉහළ පෙළේ පරීක්ෂණයක් මේ වනවිට ආරම්භ වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
ඒ අනුව පසුගිය දිනවලදී බැසිල් රාජපක්ෂ මහතාට සමීපව කටයුතු කළ ව්‍යාපාරිකයන්ගෙන් සහ හිතවතුන්ගෙන් මේ සම්බන්ධයෙන් දීර්ඝව තොරතුරු විමසීමට පරීක්ෂණ කණ්ඩායම් පියවර ගෙන ඇති බව වාර්තා වේ.
එහිදී බැසිල් රාජපක්ෂ මහතාට අයත් සියලු වත්කම් සම්බන්ධයෙන් ඉතා දීර්ඝව ප්‍රශ්න කිරීමට ආරක්ෂක අංශ කටයුතු කොට ඇති බවද දැනගන්නට තිබේ.
පසුගිය දිනෙක විමල් වීරවංශ මහතාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ බැසිල් රාජපක්ෂ මහතාගේ වත්කම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දී තිබිණ.










