අභාවප්‍රාප්ත දෙවැනි එළිසබෙත් රැජිනගේ අවමංගල්‍යය උත්සවය පැවැත්වෙන ලබන සැප්තැම්බර් 19 වැනිදා දිනය බැංකු නිවාඩුවක් ලෙස බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශයට පත් කර ඇතත් සිය ව්‍යාපාරික මෙහෙයුම් අත්හිටුවීමට කිසිදු අයෙකු බැඳී නොමැති බව එම රජය වැඩිදුරටත් දැනුම් දෙයි.
ව්‍යාපාර ස්ථාන වසා තැබීම හෝ පවත්වාගෙන යාම සිදු කළ හැක්කේ තම අභිමතය පරිදි බවත් බ්‍රිතාන්‍ය රජය වැඩිදුරටත් සඳහන් කරයි.
රැජිනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එදින වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී පැවැත්විමට නියමිතව තිබේ. මේ සඳහා විදෙස් රාජ්‍ය නායකයෝ ඇතුළු විශාල පිරිසකට ආරාධනා කෙරෙමින් ඇතැයිද එරට මාධය වාර්තා කරයි.
දැනටමත් එරට සුප්‍රසිද්ධ ඇඟලුම් වෙළෙඳ නාම රැසක් ඇතුළු ව්‍යාපාරික ස්ථාන රැසක් රැජිනට දක්වන ගෞරවයක් ලෙස එදින සිය ව්‍යාපාරික කටයුතු අත්හිටුවන බව දැනුම් දී තිබේ. එහෙත් සුපිරි වෙළෙඳසැල් කිහිපයක් සීමිත කාලයකට පමණක් වසා දැමෙන බව දැනුම් දී ඇත.










