• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාලා හමාරයි! හාල් ඉවරයි! Sri Lanka Latest News

November 30, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
කාලා හමාරයි! හාල් ඉවරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවේ මිනිස්සුන්ට හැමදාම තිබුණු ප්‍රශ්නයක් තමයි සහල් මිල. සහල් මිල ඉහළ යෑම, සහල් මිල පාලනය කරගන්න බැරිවීම අතරතුරේ දැන් ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා සහල් තොග නොමැති වීම. අලුත් ආණ්ඩුව මේ සහල් සම්බන්ධයෙන් දරන ස්ථාවරය පරණ ආණ්ඩුවලට වඩා වෙනස් නැහැ වගේම, කිසිසේත්ම සාධනීය නෑ කියන එකත් අපිට එළිපිටම ප්‍රසිද්ධියේම මේ විදියට කියන්න සිද්ධ වෙනවා. මොකද ඒකට හේතුව මේ ආණ්ඩුව අලුතෙන් අරගෙන තියෙන තීන්දුව. ඒ තීන්දුව වෙන්නේ සහල් පිටරටින් ගෙන්වීම. නාඩු සහල් මෙටි්‍රක් ටොන් 70,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙලා තිබෙන බව අනුර කුමාර දිසානායක මහත්තයාගේ ප්‍රධානත්වයෙන් පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී 25 වැනිදා පස්වරුවේ කියැවිලා තිබුණා. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තමයි මේ පිළිබඳ සඳහන් කරලා තිබුණේ. විවෘත ටෙන්ඩර් කිරීමකින් තොරව සහල් මෙරටට ආනයනය කිරීමේ කටයුතු සිදුවෙන බව ඔහු ප්‍රකාශ කරලා තිබුණා. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සහ ලංකා සතොස මගින් සහල් මෙරටට ආනයනය කරන බවයි එතුමන් වැඩිදුරටත් සඳහන් කරලා තිබුණේ. (Sri Lanka Latest News)

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කරමින් කිව්වේ මේ වනවිට සහල් වෙළෙඳපළේ නාඩු සහල් හිඟයක් දකින්න ලැබෙන බව. දැන් මේ තත්ත්වය මීට කලිනුත් විවිධ අවස්ථාවලදී ආපු දෙයක්. හාල් හිඟ වුණාට වී හිඟ නෑ. වී මෙටි්‍රක් ටොන් ගණනක් මිලදී ගෙන ඇති බව ලාල්කාන්ත ඇතුළු ප්‍රධාන දේශපාලකයෝ කීප දෙනෙක් පහුගිය දවස්වල ප්‍රකාශ කරලා තිබුණා. ඒ කියන්නේ වී කුඹුරෙන් මිලට ගැනීම සිදුවෙනවා. කුඹුරෙන් වී මිලට ගත්තට පස්සේ ඒ වීවලට මොකද වෙන්නේ? සාමාන්‍ය ක්‍රමවේදය වෙන්නේ කුඹුරෙන් වී මිලට ගන්නවා. ඒ වී සහල් බවට පත්වෙනවා. සහල් වෙළෙඳපළට එනවා. පොළොන්නරුව ආශ්‍රිතව ජීවත් වෙන ප්‍රධාන සහල් ව්‍යාපාරිකයෝ මේ විදියට වී මිලට ගැනීම සිදුකරන බව අපි හොඳාකාරවම දන්නවා. ඩඩ්ලිලා නිපුනලා වගේ අය මේ සම්බන්ධයෙන් කතා කළා. ඔවුන් මේ දේශපාලනයට ඍජුව සම්බන්ධ වෙච්ච බවට කතන්දර පැතිරෙනවා. ඩඩ්ලි සිරිසේන හදිසියේම ප්‍රවෘත්ති සාකච්ඡාවක් එහෙමත් තියලා මේ ගැන පැහැදිලි කිරීම් කළා පහුගිය කාලේ අපි දැක්කා. ඉතින් මේ තත්ත්වයත් එක්ක සාමාන්‍ය ක්‍රමවේදය වෙන්නේ වී සහල් බවට පත්වෙලා, සහල් බත් බවට පත්වෙන එක.

නමුත් දැන් අපිට පේන්න තියෙන කාරණය තමයි වී මිලදී ගත්තාට ඒවා සහල් බවට පත්වීම සඳහා බලාපොරොත්තු වෙන කාලයට වඩා කාලයක් ගතවෙන එක. එතකොට වී ගබඩා සංකීර්ණවල ඉතිරි වෙද්දී සහල් වෙළෙඳපළේ හිඟ වෙනවා. මේ තත්ත්වය අඩු මිලට වී මිලදී ගෙන ඒ වීවලින් වැඩි ලාභ ලබාගැනීම ව්‍යාපාරිකයන් කරන දෙයක්. මේ හරහා මරඳගහමුල සහල් වෙළෙඳපළ වැනි කුඩා පරිමාණ සහල් වෙළෙඳපළවලට විශාල හානියක් සිදුවෙනවා සහ කුඩා පරිමාණ වීමෝල් හිමියන් ඉන්නවා මරඳගහමුල ආශ්‍රිතව සහ රටේ හැම තැනම. ඒගොල්ලන්ට මේ වී මිලදී ගැනීමේ හැකියාව නැතිවෙලා යනවා. ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෝ සියලු දෙනාම ගොයම් කපන තැනටම ගිහිල්ලා වී ටික මිලදී ගැනීමේ ක්‍රමවේදයක් දැන් හදාගෙන තියෙනවා. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ යන්ත්‍ර සූත්‍රම දාලා ගොයම් කපන බවක් අපට අහන්න ලැබෙනවා. එතැනදී ඔවුන් කරන්නේ ගොයම් ටික කපාගෙන සල්ලි දීලා වී ටික අරගෙන ගිහිල්ලා තියාගන්න එක. ඉතින් මේ තත්ත්වය පහුගිය කාලය පුරාම අපි දැකපු දෙයක්. රටේ දේශපාලකයන්ගේ නෑදෑකම් හිතවත්කම් සහ ඔවුන් දේශපාලනයට ඍජුව මැදිහත් වීම් වගේ දේවල් මත තමයි මේ දේවල් සිද්ධ වුණේ. ඒ නිසා දේශපාලකයාටත් මේ හාල් ව්‍යාපාරිකයාගේ වැඩකටයුතුවලට මැදිහත් වෙන්න බැරි වුණා. ඔවුන් ඉතා ප්‍රබලව මේ තැන්වලදී නැගීසිටියා. ඒ වගේම ඔවුන්ට ලොකු ඒකාධිකාරයක් තියෙනවා සහල් සම්බන්ධව. යම් හෙයකින් මේ මොකක් හරි ක්‍රියාකාරකමක් නිසා ඔවුන් තරහා වුණොත් මේ තරහා කරගත්ත සහල් ව්‍යාපාරිකයා හදිසියේ සහල් වෙළෙඳපළට දැම්මොත් මේක පාලනය කරගන්න බැරිව ගියොත්, මිල සම්බන්ධ ගැටලු ඇතිවෙන්න පුළුවන් වගේ දේවල් කිව්වා.

කොහොම වුණත් හාල් මිල රුපියල් 200 ඉක්මවා ගියා. දැන් 300ට කිට්ටු වෙන තැනට සමහර හාල් වර්ග යමින් තිබෙනවා. ඒ වගේම අපි දන්නවා සහල් වෙළෙඳපළේ කලිනුත් යම් හිඟයක් තිබුණා. අර හාල් වර්ගය ගත්තොත් තමයි මේ හාල් කිලෝ එකක් දෙන්නේ, මේ හාල් කිලෝ පහක් ගත්තොත් තමයි අර හාල් කිලෝ එකක් දෙන්නේ වගේ තත්ත්වයක් තිබුණා. දැන් අපි දකිනවා සමහර සුපිරි වෙළෙඳසල්වල සහල් කිලෝ 5කට වඩා ගන්න බැරි නීති පනවලා තියෙනවා. සමහර සුපිරි වෙළෙඳසල්වල අපි දැක්කා හාල් නෑ. විශේෂයෙන්ම මරඳගහමුල තියෙන සුපිරි වෙළෙඳසල්වලට අපි ගොඩවෙලා බලපු වෙලාවේ අපි දැක්කා ඒ තැන්වල හාල් නෑ විකුණන්න. මේ තත්ත්වය රටට ඉතා භයානක තත්ත්වයක් බවට පත්වෙන්න නියමිතයි. පිටරටින් ලංකාවට සහල් ගෙන්වීම අපි හිතන්නේ නෑ මේ වෙලාවේ කරන්න පුළුවන් දෙයක් සහ කළ යුතු දෙයක් කියලා. මොකද මේකෙන් සිදුවෙන්නේ අපේ රටේ මුදල් විදේශ විනිමය ලෙස විදේශ රටවලට ගලාගෙන යෑම. මේක දිගින් දිගටම නොකළ යුතු දෙයක් බවට තමයි අපි සැලසුම් කළ යුත්තේ. මොකද අපි මේ වෙනකොටත් ලෝකෙට ණය වෙච්ච රටක්. අයි.එම්.එෆ්. ආධාර ලබාගනිමින් ඉන්න රටක්. අපි ණය වාරික ගෙවීමට ඉන්න රටක්. එහෙම තත්ත්වයක් යටතේ තවදුරටත් අපි ඩොලර්වලින් යම් යම් දේවල් ගෙන්වනවා නම් ඒක ඉතා භයානක තත්ත්වයක් විදියටයි අපිට පෙනෙන්නේ. මේ වෙලාවේ කළ යුතුව තියෙන්නේ රටේ ප්‍රධාන ධාරාවේ දේශපාලකයන් විසින් මේ හාල් හංගගෙන ඉන්න මිනිස්සු කවුද, වී හංගගෙන ඉන්න මිනිස්සු කවුද කියලා හොයලා වී සඟවාගෙන සිටීම සම්බන්ධයෙන් නීතිරීති පනවලා බැලූ බැල්මටම පේනවා නම් එහෙම දෙයක් වෙනවා වගේ දෙයක් රට ඇතුළේ, ඒ සම්බන්ධයෙන් තීන්දු ගැනීම මිසක් මේ පය බරවායට පිටිකර බෙහෙත් බඳිනවා වගේ වැඩ නෙවෙයි.

අපි දන්නවා කලින් ආණ්ඩුත් පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමේ ව්‍යාපෘති දියත් කළා. නමුත් අතීසාරයට අමුඩෙ ගහලා ලෙඩේ හොඳ කරගන්න බැරි බව අපි දැන් කාලයක් තිස්සේ බලාගෙන ඉඳලා දන්නවා. එහෙම තත්ත්වයක් නෙවෙයි අපි මේ ප්‍රධාන ධාරාවේ දේශපාලකයන් නොවුණු අලුත් දේශපාලන පරම්පරාවෙන් බලාපොරොත්තු වුණේ. අපි දන්නවා ඔවුන් හොරකම් කරලා නෑ. ඔවුන්ට දේශපාලන වශයෙන් චෝදනා නෑ. මේ නිසා මේ අයට පුළුවන්කම තියෙන්න ඕනේ දේශපාලන හාදකම් නැති දේශපාලන මිතුරුකම් නැති දේශපාලන නෑදෑකම් නැති ව්‍යාපාරිකයන්ව තමන් ඉදිරියට ගෙනල්ලා දණගස්වන්න. ඒකට අර ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පත්වෙච්ච ගමන් ආර්ථික මධ්‍යස්ථානවලට ගිහින් ඒවායේ වැඩකරන අයට කනේ පාරක් ගහලා කළා වගේ නාට්‍ය පෙන්නනවා වෙනුවට නිසි ක්‍රමවේදයක් යටතේ වී සහල් බවට පත්වීමට නිශ්චිත කාලයක් හදාගෙන, වී තියෙනවා නම් ඒවා සහල් බවට පත්කළ යුතු බවට නීති පනවලා වීවලින් සහල් නිෂ්පාදනය වෙනවා මිසක වී අවුරුදු ගණන් ගබඩාවල පුස්කාලා, පරණ වෙලා, ඒවා කවදා හරි දවසක ඉහළ මිලක් තියෙන වෙලාවට විතරක් එළියට දාන්න මේ හදාගෙන තියෙන කූට උපක්‍රමය වළක්වන්න මේ ආණ්ඩුවටවත් මොළය පහළ වේවා ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

දීඝ දන්තුවත් මැරුවා! Sri Lanka Latest News

Next Post

දිලිත් කැලණියට ගිහින්! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.