යාපනයේ පුතූර් නවගිරි ප්‍රදේශයේ එළු ගාලක අපූරු එළු පැටවකු බිහිවී තිබේ.
ඊයේ (31) වැනිදා උපන් මෙම එම එළු පැටවා දැකගැනීම සඳහා අතිවිශාල ජනතාවක් එහි පැමිණෙමින් සිටින බව වාර්තා වේ.
මෙම එළු පැටවාගේ විශේෂත්වය වන්නේ උගේ නළල මැද තනි කුහරයක් තුළ ඇස් දෙක ලෙස පිහිටා තිබීමයි.
එළු පැටියා උපත ලබා ඇත්තේ යාපනය පුතූර් නවගිරි ප්‍රදේශයේ කන්දස්වාමි බාලකරන් නමැති ගොවි මහතාගේ ගොවිපළේ වන අතර, යාපනය විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ පිරිසක්ද මෙම අරුම පුදුම සත්වයා නිරීක්ෂණයට ලක්කොට ඇති බවද වාර්තා වේ.