ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන් පත්කිරීම සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන, අගමැති දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර අද (01) රාත්‍රියේ පැවැති තීරණාත්මක සූම් සාකච්ඡාව මේ වන අවසන්ව තිබේ.
මෙහිදී සිවිල් සංවිධාන නියෝජිතයන් තිදෙනා පත්කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති නමුත් ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව වාර්තා වේ.
කෙසේ වෙතත් ආරංචි මාර්ග පවසන්නේ විපක්ෂ නායකවරයා මෙහිදී ව්‍යවස්ථාදායක සභාවේ ස්වාධීන බව ආරක්ෂා කරගැනීම සඳහා ආණ්ඩුව සහ විපක්ෂය නියෝජනය කරන නියෝජිතයන් නිශ්චිත වශයෙන්ම තෝරා පත්කරගත යුතු බවකි.
එම නිසා පළමුව එම නියෝජිතයන් තෝරා පත්කරගත යුතු බව විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන් අනතුරුව ස්වාධීන සිවිල් සංවිධාන නියෝජිතයන් තිදෙනා පත්කිරීමට එකඟතාවකට පැමිණ ඇති බව වාර්තා වේ.
ඒ අනුව ලබන 05 වැනිදා පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතව තිබූ යෝජනාව ගෙන ඒම අත්හිටුවා ඇති බවද වාර්තා වේ.