ඉදිරියේදී විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදුවුවහොත් ඊට සාපේක්ෂව ජල ගාස්තු ද ඉහළ නැවීමට සිදුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
පානීය ජලය බෙදාහැරීමේදී පොම්ප කිරීමේ ක්‍රියාවලියට විදුලිය ඒකක විශාල ප්‍රමාණයක් වැය වන නිසා විදුලි ගාස්තු ඉහළ දමන්නේ නම් ඊට අනුරූපීව ජල ගාස්තු ඉහළ යෑම වැළක්විය නොහැකි බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදුවුවහොත් ඊට සාපේක්ෂව ජල ගාස්තු ද ඉහළ දැමීමට අනිවාර්යෙන්ම කටයුතු කරන බවයි එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ.