• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔක්කොටම වඩා භයානකයි මේක! රට තුළ සෞඛ්‍ය ත්‍රස්තවාදයක් ඇති වෙලා! විපක්ෂනායක පාර්ලිමේන්තුව ඇතුළේ ඉඳන් ප්‍රකාශයක් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

July 13, 2023
in Exclusive
Reading Time: 18 mins read
A A
ඔක්කොටම වඩා භයානකයි මේක! රට තුළ සෞඛ්‍ය ත්‍රස්තවාදයක් ඇති වෙලා! විපක්ෂනායක පාර්ලිමේන්තුව ඇතුළේ ඉඳන් ප්‍රකාශයක් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ බරපතල කඩා වැටිමක් සහ ව්‍යවසනයක් සිදුව ඇති බවත් වසර 30ක් පැවැති ත්‍රස්තවාදය මුලින් උපුටා දමපු මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ වන විට ත්‍රස්තවාදයක් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

බංකොලොත් මේ රටේ ලක්ෂ 220ක්වූ ජනතාවගේ කරපිටින් මූල්‍ය නාස්තිය, වංචාව, හොරකම, අක්‍රමිකතාව, ගුණාත්මකභාවයෙන් අඩු සහ බාල බෙහෙත්, වෛද්‍ය උපකරණ ගෙන්වීම මෙන් ම රටට තොරතුරු සැගවීම, ඇත්ත කතාකරන වෛද්‍ය ක්ෂේත්‍රයේ විවිධ වෘත්තිකයන් දඩයම් කිරීම, රාජ්‍ය මර්දනය, රාජ්‍ය ත්‍රස්තවාදය ආදී සියලු උපක්‍රම උපයෝගී කර ගෙන නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තිය විනාශ කරන වැඩපිළිවෙළක මේ රජය නිරත වන බවත් එය ත්‍රස්තවාදී ක්‍රියාවකට සමාන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (13) පැවසීය.

ඓතිහාසික පෙරළියකට විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවෙන් වැඩ අරඹයි රට මේ වන විට මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සහ රටට සත්‍ය හෙළි කිරීමේ අරමුණ පෙරදැරිව ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුව තුළ විපක්ෂ නායකවරයකු විසින් කමිටුවක් ස්ථාපිත කිරීම අද (13) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු කාමර 8 දී සිදු විය.

මෙම කමිටුව හරහා දූෂණ වංචාවලට වැට බැදීම, සුසමාදර්ශී පාලනයක් උදෙස් විධිවිධාන සැකසීම, ඒ ඒ ක්ෂේත්‍රවල ගත යුතු ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කිරීම මෙන් ම විවිධ ක්ෂේත්‍රවල පැන නැගී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වේ. හුදු දේශපාලන න්‍යායපත්‍රයකින් තොරව රටට සත්‍ය හෙළිදරව් කිරීම මෙම කමිටුවේ මුඛ්‍ය අරමුණ බව මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මෙන් ම රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය, රජයේ ඖෂධවේදීන්ගේ සංගමය, සිවිල් අයිතිවාසිකම් සදහා වූ වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමය, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ආයතනය යනාදිය නියෝජනය කරමින් නියෝජිත පිරිසක් ද එක්ව සිටියහ.

බෙහෙත් ගෙන්වීමේ දී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කළ යුතු බවට පනතේ සඳහන්ව තිබුණත් එය නොසලකා විශේෂ අවස්ථාවක් යැයි ප්‍රකාශ කරමින් පනතේ 109 වගන්තිය උපයෝගී කර ගෙන මිනිසුන්ගේ මළකදන් මතින් ‘වෛද්‍ය ව්‍යාපාර’ කරන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස බාල නිර්වින්ධන ඖෂධ ලබා දීම නිසා පසුගිය කාලයේ දරුවන්ගේ, පුරවැසියන්ගේ ජීවිත රැසක් නැති වූ බවත් විපක්ෂ නායකවරයා මෙහි දී සඳහන් කර සිටියේය.

අද වන විට පිළිකා රෝගීන්ට අවශ්‍ය ගුණාත්මක භාවයෙන් ඉහළ උපකරණ ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මැලි වී පැරණි උපකරණ භාවිත කරන බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් මේ නිසා රට අතහැර යන බවත් සිටින වෘත්තිකයන් රජය දඩයම් කරන බවත් පැවසීය. එසේ ම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේඥවරු 23ක් ඉන් ඉවත් කර තොරතුරු සඟවා ඇති බවත් සමහර වෛද්‍යවරුන් තොරතුරු ඉදිරිපත් කරන විට ඔවුන්ගේ වැඩ තහනම් කර ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් මෙහි දී සඳහන් කර සිටියේය.

තොරතුරු දැන ගැනීමේ අයිතිය ඇති රටක සෞඛ්‍ය අමාත්‍යාංශය තොරතුරු සඟවන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්නභාවය තහවුරු කිරීමට රට වෙනුවෙන් මහජනතාව වෙනුවෙන් ඇත්ත කතා කරන්න ඉදිරිපත් වන සෞඛ්‍ය වෘත්තිකයන් සහ අනෙකුත් වෘත්තිකයන් වෙනුවෙන් පෙනී සිටි නොමිලේ නීති සහාය ලබා දීමට කටයුතු කරන බව ද  පොරොන්දු වී සිටියේය.

මේ සෑම හොරකමක්ම දැක දැක අහක බලා සිටින සියලු දෙනාම සමගි ජන බලවේග රජයක් යටතේ අධිකරණය හමුවට ගෙනවිත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් බාල බෙහෙත් ලියාපදිංචි කිරීම පිළිබඳ රටේ ජනතාවට තොරතුරු දැන ගැනීමේ අයිතියක් ඇති හෙයින් එම තොරතුරු ජනතාවට ඉදිරිපත් කළ යුතු බවත් යම් හෙයකින් එවැනි තොරතුරු සඟවාගෙන සිටී නම් එම පුද්ගලයන්ට නීතිය හමුවට යාමට සිදුවන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ හිතාමතාම වැරදි කිරිම තුළ සිදුවන සාපරාධි ක්‍රියාවල නිරතවන, දැන දැන බාල ඖෂධ ගෙන එන, මිනිස් ජීවිත අහිමි කරන පුද්ගලයන්ට නිතිය හමුවේ දැඩි දඩුවම් ලබා දීමට කටයුතු කරන බව යි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (13) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක පාර්ලිමේන්තු කමිටුවේ දී අදහස් දක්වමිනි. මෙහි දී විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දූෂණ, වංචා, වැඩි මුදලට බෙහෙත් ලබා ගැනීම, රටට සිදුවන හානිය, ඖෂධ වංචා ගැන රජයෙන් ප්‍රශ්න කර සිටින බවත් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් මීට විරුද්ධව විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ය.

රජය මේ වැරදි අඩුපාඩු නිවැරදි කර ගත යුතු බවත් එම නිවැරදි විසදුම් ගන්නා තෙක් විමසිල්ලෙන් සිටින බවත් මෙරට සෞඛ්‍ය පද්ධතියේ බරපතල කඩා වැටීම ඊළඟ මානව ව්‍යවසනයක් විය හැකි හෙයින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත් පැවසීය.

තවද ආංශික කාරක සභාවලට අමාත්‍යාංශ නිලධාරීන් පමණක් නොව විවිධ සංගම්වල නියෝජිතයන් ගෙන්වීමේ හැකියාවක් පවතින බවත් ඒ තුළින් සත්‍ය අනාවරණය කර ගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

2015-2019 රනිල්ගේ කාලේ බැඳුම්කරවලින් විශාල වශයෙන් ණය ගත්තා! ගෝඨාගේ කාලේ බදු සහන දුන්නා! පොහොර තහනම් කළා! ආනයන තහනම් කළා! මෝඩ තීන්දු ගත්තා! IMF ලංකාවට එදා උදව් වුණෙත් නෑ! අද උදව් වෙන්නෙත් නෑ! විකුණනවාට අමතරව ලංකාව කිසි දෙයක් කරනවා කියලා පේන්නෙත් නෑ! ලංකාව වැටුණු හැටි ගැන ආර්ථික විද්‍යා මහාචාර්ය හොවාර්ඩ් නිකලස්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! Sri Lanka Latest News

Next Post

කෝපා… කෝ යකෝ I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.