ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි අලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා අතර ඊයේ දිනයේදී විශේෂ සාකච්ජාවක් පැවැත්වී ඇත.
කොළඹ පිහිටි සම්බන්ධන් මහතාගේ නිල නිවෙසේදී මෙම හමුව පැවැත්වී ඇත.
උතුරු නැගෙනහිරි ප්‍රශ්නයට පළාත් සභා හරහා බලය බෙදමින් ලබා දෙන දේශපාලන විසදුමකට අමතරව උතුරු නැගෙනහිර එක් කොට එහි පරිපාලන කටයුතු දෙමළ ජනතාවට පැවරීම සම්බන්ධයෙන්ද අමෙරිකානු තානාපතිවරිය සමග මෙහිදී සාකච්ජා වූ බව සම්බන්ධන් මහතා මාධ්‍ය වෙත සදහන් කොට ඇත.
මෙම හමුවට අමෙරිකානු තානාපති කාර්යාලයීය නිලධාරීන්ට අමතරව සුමන්තිරන් සහ සෙල්වම් අඩෛක්කිලනාදන් යන මන්ත්‍රීවරුන්ද සහභාගීව සිට ඇත.
කෙසේවෙතත් මෙම සාකච්ජාවේ ඇති විශේෂත්වය වන්නේ ඊයේ (16) පෙරවරුවේ අමෙරිකානු රජය විසින් කොවැක්ස් පහසුකම යටතේ මොඩර්නා එන්නත් ලක්ෂ 15ක ප්‍රමාණයක් ලබාදී දහවල් වරුවේ දෙමළ ජාතික සන්ධානය සමග මෙම සාකච්ජාව පැවැත්වීමට ටෙප්ලිට්ස් මහත්මිය කටයුතු කොට තිබීමය.










