ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය අමාත්‍යාංශ 03ක විෂයයන් සංශෝධනයට ලක් කර ශෂීන්ද්‍ර රාජපක්ෂ, නාලක ගොඩහේවා, මොහාන් ද සිල්වා යන රාජ්‍ය අමාත්‍යවරුන් ගේ විෂයයන් සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව නාලක ගොඩහේවා මහතා දරන ලද වෙරළ සංරක්‍ෂණ විෂය ඉවත් කර එය මොහාන්ද සිල්වා මහතා වෙත පවරා ඇත.
මොහාන් ද සිල්වා මහතා දරන ලද කාබනික හා ස්වභාවික පොහොර නිෂ්පාදන හා සැලසුම් විෂය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා වෙත පවරා තිබේ.










