• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

VVIP ස්කොඩ් දාගෙන කෝටි ගණන් වියදම් කරගෙන පරිස්සමට එක්කන් යන හොරු මැරයො තක්කඩි! Sri Lanka Latest News

September 6, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
VVIP ස්කොඩ් දාගෙන කෝටි ගණන් වියදම් කරගෙන පරිස්සමට එක්කන් යන හොරු මැරයො තක්කඩි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

.
ඔන්න අපේ ඡන්දදායකයෝ මීට කාලෙකට ඉස්සර ලොකු චෝදනාවක් කළා. ඒ තමයි මේ රටේ දේශපාලකයෝ සඳහා වියදම් කරනවා වැඩියි කියලා. ජනාධිපතිලා, අගමැතිලා, ජනාධිපති ආර්යාවෝ, අගමැති ආර්යාවෝ, ජනාධිපතිගේ සහෝදරයෝ, සහෝදරයන්ගේ පවුල්වල කට්ටිය වාහන පහේ හයේ නැගලා ගමන් බිමන් ගියපු අවස්ථාවල් දැක්කම අපිට හරියට තරහයි. ඒගොල්ලෝ වාහනවලට වියදම් කරනවා හොඳටෝම වැඩියි කියලා චෝදනාවකුත් තිබ්බා. ඇත්තටම ඒක චෝදනාවක් විතරක් නෙමෙයි, ඒක ඇත්තක්. එහෙම මිල මුදල් නාස්ති කරන්න තරම් අපි පෝසත් රටක් නෙවෙයි. අපිට ඇත්තට දේවල් නෑ. අපි බොහොම දුප්පත්, බොහොම ආර්ථික අතින් අපහසුතාවයට පත්වෙච්ච රටක්. ඉතින් මෙහෙම රටක මේ වගේ තත්ත්වයක් යටතේ මෙහෙම සල්ලි වියදම් කරන එක වැරදියි තමයි.Sri Lanka Latest News

පහුගිය කාලේ අපිට මතකයි, එක යුගයක් තිබුණා තෙල්වලට සල්ලි ගෙවාගන්න විදිහක් නැති. ඒ කියන්නේ එන නැවට ඩොලර් හොයලා ගෙවපු කාලයක් තිබුණා. එච්චර දුප්පත් රටක මෙහෙම මුදල් නාස්ති කරන එක වැරදියි. ඒ නිසා අලුත් දේශපාලන ක්‍රමවේදයකට අපි රට අරගෙන එන්න උත්සාහ කළා. ඉතින් ඔය බැකප් වාහන හය හතක් එක්ක, ලොකු වාහන පෝලිමක යන විදිහ නතර කරන්න උත්සාහ කළා. ඒ කාලේ අපි චෝදනා කළා මේ හෙලිකොප්ටර්වලින් අරන් එනවා. එතකොට හෙලිකොප්ටර් දෙකක් යන්නේ එකක් කැඩුණොත් අනිකට පනින්නද කියලත් ඇහුවා.

දැන් මේ ඔක්කොම ටික යම් විදිහකට සමනයකට ලක්වෙලා තියෙනවා මේ අලුත් ආණ්ඩුවත් එක්ක. ඒ ගැන අපිට චෝදනාවක් නෑ. අපි මේ චෝදනා කරන්න හදනවත් නෙමෙයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඊට වඩා වෙනස් තැනක.

දැන් අපි දකිනවා මේ කාලේ මේ පාතාලයෝ අරගෙන එනවා. ඔය පහුගිය දවස්වල ගියපු නම්ගම් තියෙන කට්ටියව ලංකාවට ගේනවා අපි දැක්කනේ. ඒගොල්ලන්ව අල්ලනවා, ඒගොල්ලන්ව ගේනවා, ඒගොල්ලන්ව ගේන්න කට්ටිය යනවා. මගේ අම්මේ, මේ යක්කුන්ට වියදම් කරන සල්ලි. ගණන් හදලා බැලුවොත් කෝටි කීයක් වියදම් වෙන්න ඇද්ද, අල්ලන්න, ගේන්න, ගෙනාපු එවුන්ව බන්ධනාගාරගත කරන්න, බන්ධනාගාරගත කරලා ඔවුන්ව ආරක්ෂා කරන්න, කෝටි කීයක් වියදම් කරන්න ඇද්ද?
අපි දන්නවා බූස්ස සිර කඳවුරේ ඉඳලා සමහර කාලවලට එකාව ගේන්න එක බස් එකක් එනවා. ඒ කියන්නේ බූස්සේ එකම දවසේ හතර පස් දෙනෙක්ව කොළඹ ගේනවා. හැබැයි හතර පස් දෙනා ගේන්නේ වාහන හතර පහක. ඒ කියන්නේ උන් එක එකා තරහ හින්දා. උන්ට ආරක්ෂාව දෙන්න ගියාම නිලධාරීන් සීයක් හමාරක් යොදවන්න ඕනේ. ගුවන්යානා හිස් කරන්න ඕනේ. පර්යන්තවල ඉන්න මිනිස්සුන්ව අයින් කරන්න ඕනේ. පර්යන්ත වහන්න ඕනේ. සමහර වෙලාවට පාරවල් වහන්න ඕනේ. මොකක්ද මේ කෝළම?

මේගොල්ලෝ රට ජාතිය බේරගත්ත වීරයොද? මේගොල්ලෝ මේ රට වෙනුවෙන් මහා කැපකිරීම් කරපු කට්ටියද? මේගොල්ලන්ට ආරක්ෂාව දෙනවා කියන එක ගැන මේ තරම් උනන්දු වෙන්න තරම් මේ රටට මොනවද මේගොල්ලන්ගෙන් ලැබිලා තියෙන්නේ? ඇත්තටම මේවට ක්‍රමවේද හදන්න ඕනේ. එක්කෝ සූම් තාක්ෂණය ඔස්සේ අහන නඩුවක් අහලා ඉවර කරලා දාලා ඉක්මනින් තීන්දු දීලා, ඉක්මනින් දඬුවම් කරලා තියෙන්න ඕනේ. මේගොල්ලන්ව පරිස්සම් කරන එක ගැන ඕනෑවට වඩා හිතලා, ඒගොල්ලන්ගේ ආරක්ෂාව ගැන හිතලා, ඒගොල්ලන්ට සැප පහසුකම් දෙන්න ගියොත් එහෙම අපේ රටේ තියෙන සල්ලි මදි වෙනවා මේ මිනිස්සුන්ව හිරේදී දාන්න. මොකද අපිට මතකයි, අපි අහලා තියෙනවා බූස්සේ එක කාලෙක මේ වකුගඩු අමාරුව තිබිච්ච හාදයෙක් හිටපු කාලේ, උන්දැගේ ලේ මාරු කරන්නත් හැමදාම නිශ්චිතවම කොළඹ ගෙනාපු කාලයක් තිබ්බා කියලා. ඉතින් මේගොල්ලන්ගේ ලෙඩ දුක්වලට පිහිට වෙලා, දුක සැප බලලා, ආදරේ කරලා, පරිස්සම් කරන්න තරම් මේගොල්ලෝ වීරයෝ නෙමෙයි. අනිත් එක තමයි, මේ අයව මේ විදිහට ආරක්ෂා කරනකොට, සමහර අපරාධකාරයෝ හිතන් ඉන්නවා ඒගොල්ලන්ට තියෙන හොඳම දේ තමයි බන්ධනාගාරගත වෙලා ඉන්න එක කියලා. බන්ධනාගාරය ඇතුළේ තියෙන සැප පහසුකම් ටික විඳගෙන ජොලියේ ඉන්න පුළුවන් කියලා හිතන අය ගැනත් අපි අහලා තියෙනවා.

ඒක නිසා මේ සෙල්ලම මම හිතන්නේ අපේ වගේ රටක කරනවා නම් ගැළපෙන්නේ නෑ. ලෝකේ ඕනෙ තරම් සල්ලි තියෙන කෝටි ප්‍රකෝටිපති රාජ්‍යයකට නම් මේක ප්‍රශ්නයක් නෑ. ඒත් අපි ඉතින් මේ නැති බැරි, කරකියාගන්න දෙයක් නැති අසරණ රාජ්‍යයක්නේ. අපි අපරාධකාරයෙක් අල්ලගත්තා කියලා කෝටි ගණන් වත්කම් හම්බවෙන්නේ නැහැනේ. ඒගොල්ලෝ ගාව තියෙන මිල මුදල් ටික බෙදාගන්න හම්බවෙන්නේ නැහැනේ රටට. ඒ නිසා අපරාධකාරයෝ අල්ලන එක හොඳයි. අල්ලලා ඉවර වෙලා සංදර්ශන පවත්වලා, ඒ සංදර්ශන ඉක්මනට ඉවර කරලා, ආයෙත් අපිට පරණ පුරුදු විදියට ජීවත් වෙන්න පුළුවන් පරිසරය හදාගන්න එක තමයි මම හිතන්නේ වැදගත්. එහෙම නැත්නම් අපිට හැමදාම වෙන්නේ අපරාධකාරයෝ ප්‍රදර්ශනය කරලා සල්ලි හොයන්න.

ලෝකේ රටකට ගිහිල්ලා අපරාධකාරයෙක් අල්ලන් එන එක පොලිසියෙන් කරන වීරකමක්. ඒක ඇත්ත. හැබැයි ඒ සංදර්ශනය ටික දවසකට ඇති. ඊට පස්සේ ඒක නතර කරලා දාන්න ඕනේ. ඒ වගේම අපරාධකාරයන් සඳහා මිල මුදල් වියදම් කරන එක වහාම නවත්තන්න ඕනේ. ඒගොල්ලන්ට පහසුකම් දෙන්න, ඒගොල්ලෝ ඉල්ලන ඉල්ලන දේවල් දෙන්න දඟලන්න හොඳ නැහැ. ලංකාවේ තියෙන්නේ ඇත්තටම මෙහෙම තත්ත්වයක්. ලංකාවේ මේ මිනිස්සුන්ව සතුටින් තියන්න, රට පොහොසත් කරගන්න අවශ්‍ය කරන දේවල් ටික ඒගොල්ලෝ දන්නවා ඉල්ලන්නේ කොහොමද, කොයි වෙලාවටද කතාකරන්න ඕනේ කියන එක ඒගොල්ලෝ දන්නවා. ඒ වගේම ඒගොල්ලෝ ඒක නීත්‍යනුකූලවම ඉල්ලගන්නවා. එතකොට සාමාන්‍ය අපරාධකාරයෙක්, සාමාන්‍ය එකෙක් හිරේ ගියාට පස්සේ ඒකා ඉන්නේ අර සාමාන්‍ය වාට්ටුවේ වුණාට, මේ යක්කුන්ව එහෙම සාමාන්‍ය වාට්ටුවල තියන්නේ නැහැ. මේ මිනිස්සුන්ට අධිආරක්ෂිත බන්ධනාගාරයක් හදලා තියෙනවා. අධිආරක්ෂිත බන්ධනාගාරය ඇතුළේ, අපි අහලා තියෙන විදිහට එක එකාව එළියට ගන්නෙත් වෙන වෙනම. කෑම බීම දෙන්නෙත් වෙන වෙනම. ඒ වගේම පහසුකම් දෙන්නෙත් වෙන වෙනම. කොළඹ ගේන්නෙත් වෙන වෙනම. එහෙම එක එකාව වෙන වෙනම කොළඹ ගෙනල්ලා, පාරවල් වහලා එස්.ටී.එෆ්. එකෙනුයි, අරකෙනුයි, මේකෙනුයි ආරක්ෂාව දාලා මුදල් වියදම් කරන්න අවශ්‍ය නැහැ.

අපි දන්නවා ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවන් හොයන්න මේ වෙනකොට මම හිතන්නේ ලංකාවේ මුදලින් රුපියල් කෝටියකට වඩා වියදම් කරලා ඇති. මේ අහිංසක මිනිස්සුන්ට කන්න නැතුව ඉන්න රටක, අපරාධකාරයෙක් මැරුණම ඒක පස්සේ පන්න පන්න, ඒකාව මරපු එකා හොයන්න කෝටි ගණන් වියදම් කරනවා. මේ වියදම් කරන්නේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි. ඒ නිසා අපි කිව්වේ මේ දේශපාලකයන්ට බැකප් එකක් යන එක, පිටිපස්සෙන් වාහනයක් යන එක වැරදියි කියලා. ඇත්තටම ඒ මිනිස්සු යන එකත් වැරදියි තමයි. ඒ වුණාට ඒ මිනිස්සු යන්නේ මොනවා වුණත් රටේ දෙයක් කරන්න, රට වෙනුවෙන් තියෙන දේකට. මේ කොහෙවත් ඉන්න අපරාධකාරයෝ වෙනුවෙන් රටේ මුදල් වියදම් කරන එක නම් හරිම ඛේදවාචකයක් විදිහටයි අපිට හිතෙන්නේ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

දරුවන්ට සලකන්න ඕනෙ කොහොමද? ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිට දීපු නියෝගය! Sri Lanka Latest News

Next Post

රෝහලේ ඇඳේ ඉඳන් රනිල් කියවපු රනිල් වගේම ජොන්සන් කියන්නේ කවුද? ඔන්න කියවල බලන්න! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.