• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රෝහලේ ඇඳේ ඉඳන් රනිල් කියවපු රනිල් වගේම ජොන්සන් කියන්නේ කවුද? ඔන්න කියවල බලන්න! Sri Lanka Latest News

September 6, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
රෝහලේ ඇඳේ ඉඳන් රනිල් කියවපු රනිල් වගේම ජොන්සන් කියන්නේ කවුද? ඔන්න කියවල බලන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඔහුගේ මුහුණෙහි සැබැවින්ම තිබුණේ අතිශය දුක්ඛිත ස්වරූපයකි. ඔහුගේ හිසකෙස් දස අතේ අවුල් වියවුල් වී තිබිණි. දහඩියෙන් මුහුණ තෙත්වී ඇති ආකාරයද පැහැදිලිවම දක්නට හැකි විය. ඒ දසුන් සියල්ලටම වඩා ඔහුගේ දෙනෙත් කඳුළින් පිරී තෙත්වී තිබිණි. එසේ වුවත් මොකක්දෝ වාසනාවකට ඔහුගේ දෙනෙතින් කඳුළු බිමට රූරා නොවැටෙමින් තිබිණි. වෙනදා නිදහසේ තිබුණු ඔහුගේ දෑත් එකට යදමින් බැඳදමා තිබිණි. එතැනින් නොනැවතුණු ඔහුගේ වටා සිටින්නේ ආරක්ෂක නිලදරුවන්ය. මෙයට දින කීපයකට පෙරදී අපගේ මුළුමහත් දේශයත්, එතැනින් එපිටට ගිය මුළු මහත් ලෝකයත් මෙම සජීවී දසුන්ද එකින් එක දකින්නට වූයේය. ලෝකයවටා ඇති විවිධ වාර්තා අලුත් කරමින් මෙම සුවිශේෂ කතාව අපට අසන්නට හා දකින්නට වූයේ පසුගියදා මෙරට හිටපු අගමැති සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන සිරගත කළ දුර්ලභ අවස්ථාවෙහිදීය. කාලයත් සමග එම සිදුවීම ගතවෙමින් පිටු පෙරළෙමින් තිබුණේය. එහි එක් සුවිශේෂ දසුනක්ද අවසානයේදී දක්නට හැකි විය.Sri Lanka Latest News

එනම් එම දසුන කුමක්ද? යම් චෝදනාවක් හේතුවෙන් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගත කළ රනිල් වික්‍රමසිංහ මහතා, පසුව රෝහල්ගතව අධිකරණයෙන් ඇප ලබා නිදහස් විය. ඔහු කොළඹ ජාතික රෝහලේ සිට එළියට පැමිණෙන විට දක්නට ලැබුණු සේයාරූවලින් එක් සේයාරුවක් එක්තරා අමුතු ස්වරූපයක් එක්කර තිබුණේය. එම සේයාරුවෙන් පැහැදිලිවම දක්නට හැකි වූයේ හිටපු ජනාධිපතිවරයාගේ වම් අතෙහි ඇති යම් සුවිශේෂ ග්‍රන්ථයකි. එම ඡායාරූපයෙහිම පසුපසින් තරුණ හෙදියක් සිටගෙන සිටින ආකාරයද දක්නට හැකි විය. ජනාධිපතිවරයා අතෙහි ඇති සුවිශාල ග්‍රන්ථය කුමක්දැයි බොහෝ දෙනකු විමසන්නට වූහ. රනිල් වික්‍රමසිංහ යනු බොහෝ විවිධාකාරයේ ග්‍රන්ථ පරිශීලනය කරන පරිණත පුද්ගලයකු බව ප්‍රකටය. පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ පැවැති සිවිල් අරගල සමයේදී ඔහුට අයත් ඔහුගේ නිවසේ තිබුණු වටිනා පුස්තකාලයක් හා පොත්පත් පවා අරගලකරුවන් විසින් ගිනිතබා විනාශ කරන ලදී. ඒ ආකාරයට ඔහුගේ කියවීමේ සත්‍ය රුචිකත්වය මිථ්‍යාවක් නොවේ. පසුගියදා ජාතික රෝහලෙන් පැමිණෙන විට ඔහු අත වූ විශාල ග්‍රන්ථයේ කතාව කුමක්ද? මෙම සිදුවීම ගැන යම් තොරතුරු කිහිපයක් මාධ්‍ය වාර්තා මගින් හෙළිව තිබුණද මෙහි දීර්ඝ වතගොතක් සොයා බලන්නට අපි කටයුතු කළෙමු. මෙම ග්‍රන්ථය රනිල් වික්‍රමසිංහ මහතා විසින් රෝහලේදී සිටියදී පරිශීලනය කළේ යැයිද කරුණු ප්‍රකාශ වී තිබිණි. එහෙත් මොහු මෙලෙස දැඩි අවධානයකින් කියවන්නේ කුමක්දැයි බොහෝ දෙනකුගේ එතරම් හැඟීමක් ඇතිවී නොතිබිණි. එය සාමාන්‍ය ග්‍රන්ථයක්ද එසේත් නැතිනම් යම් විශේෂිත මාතෘකාවකින් හෙබි ග්‍රන්ථයක්දැයි සොයා බැලීමට කිසිවකුටත් වුවමනාවක්ද නොවීය.

ඉංග්‍රීසි භාෂාවෙන් රචිත මෙම ග්‍රන්ථයෙහි නාමය වන්නේ Boris Johnson – Unleashed යන්නය. සිංහල බසින් ‘බොරිස් ජොන්සන් – අන්ලීෂ්ඩ්’ ලෙසින් හැඳින්විය හැකි අතර, එහි අරුත ‘බොරිස් ජොන්සන් – මුදාහරින ලද යන්න වෙයි. පොතෙහි කවරයෙහි යම් පුද්ගලයකුගේ විශාල සේයාරුවක්ද ඇත. පිටු 784ක විශාල ග්‍රන්ථයක් වන මෙය වටිනාකම මිලකර ඇත්තේ ඇමෙරිකානු ඩොලර් 20-25 පමණ (රුපියල් 7000ක් පමණ) මිලකටය. දැන් එසේනම් මෙම පොතෙහි පිටකවරයෙහි සිටින්නේ කවරෙක්ද? ලෝකය පුරා බොහෝ දෙනකු හොඳින් හඳුනන එක්තරා පුද්ගලයකු මෙම සේයාරුවෙහි සිටින්නේය. බොරිස් ජොන්සන් යන මොහු මහා බි්‍රතාන්‍යයේ (එංගලන්තයේ) හිටපු අගමැතිවරයෙකි. එසේම මොහුගේ තවත් විශේෂත්වයක් වන්නේ ඔහු ප්‍රවීණ ග්‍රන්ථ රචකයකු වීමයි. ඉහත ග්‍රන්ථය මගින් කියැවෙන්නේ ඔහුගේ ජීවිතයේ මතක සැමරුමක් සහ ආවර්ජනාවකි. එම සුවිශාල ග්‍රන්ථය ලියා ඇත්තේ ඔහු විසින්මය. ලෝකයේ විශාලතම සහ ප්‍රකටතම ග්‍රන්ථ ප්‍රකාශන සමාගමක් වන මහා බි්‍රතාන්‍යයේ සහ ඇමෙරිකාවේ පිහිටා තිබෙන හාපර් කොලින්ස් (HarperCollins) සමාගම විසින් මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත්කර ඇත්තේය. බි්‍රතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන්ගේ මෙම ස්වයං ලිඛිත චරිතාපදානය මුලින් ප්‍රකාශයට පත්වූයේ 2024 වසරේ ඔක්තෝබර් මාසයේදීය. එනම් මෙය ලෝකය පුරා ප්‍රකාශිත වූ නවතම ග්‍රන්ථයක් ලෙස සැලකිය හැකිය. මාස 10ක් වැනි කෙටි කාලයක් තුළ පිටපත් මිලියන 02ක් පමණ ශීඝ්‍ර ලෙස අලෙවි වූ ග්‍රන්ථයෙහි බොහෝ ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් ඇතැයි කරුණු ප්‍රකාශ වෙයි. ඒවා සියල්ලක්ම බොරිස් ජොන්සන් අගමැතිවරයාගේ ජීවිතයට අදාළ ඒවා යැයි කරුණු හෙළිව තිබිණි.

දැන් ඔබ මෙම කතාවේ යම් හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ සිටින්නේය. එනම් මෙතරම් උනන්දුවකින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජීවිත කතාව කියවූ බොරිස් ජොන්සන් නමැති සුවිශේෂ මිනිසා කවරෙක්දැයි නිසියාකාරව සොයා බලමු. බොරිස් ජොන්සන් යනු 2019 වසරේ ජූලි 24 වැනිදා සිට 2022 වසරේ සැප්තැම්බර් 22 දක්වා මහා බි්‍රතාන්‍යයේ (එංගලන්තයේ) අගමැති ධුරය දැරූ පරිණත දේශපාලකයෙකි. 61 වැනි වියේ පසුවන ඔහු එංගලන්තයේ කොන්සර්වේටිව් පක්ෂයේ නායකයා ලෙස ඉහත අගමැති ධුර කාලය තුළදීම කටයුතු කළේය. එම තනතුර දැරීමට පෙර ඔහු ලන්ඩන් නගරයේ නගරාධිපතිවරයා ලෙස 2008 සිට 2016 දක්වා වසර 08ක් නොකඩවා කටයුතු කළේය. එසේම ඔහු තමන්ගේ දීර්ඝ දේශපාලන ජීවිතය තුළ 2008 වසරේ සිට 2023 වසර දක්වාම බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක්ද දැරීය. තෙවරක් විවාපත් වූ බොරිස් ජොන්සන්ගේ වත්මන් බිරිය වන්නේ කැරී සීමොන්ඩ්ස් නමැති 37 හැවිරිදි කාන්තාවය. ඇය ඔහුට වඩා වසර 23කින් වයසින් බාලය. මෙම යුවළ විවාහ වී ඇත්තේ අමුත්තන් 30ක් පමණක් සහභාගි වූ අතිශය පුද්ගලික උත්සවයකදීය. එයට පෙර බොරිස් ජොන්සන්ට තිබුණු විවාහයන් දෙකකින්ම දික්කසාද වී තිබිණි. මෙම යුවළට මේ වනවිට දරුවන් 04ක් ලබා ඇතැයි පැවසෙයි. බොරිස් ජොන්සන්ගේ ජීවිතය බොහෝ විනෝදකාමී එකක් යැයිද මාධ්‍ය වාර්තා ප්‍රකාශ කර තිබිණි. එම නිසාම මෙම බි්‍රතාන්‍ය දේශපාලකයාට එරෙහිව යම් සිදුවීම්වලට අදාළව චෝදනාවන්ද එල්ල වන්නට විය. තවත් ආකාරයකින් කිවහොත් බොරිස් ජොන්සන් යනු බි්‍රතාන්‍ය දේශපාලනයේ ඉතා මතභේදාත්මක චරිතයක් ලෙස සැලකෙයි.

මෙවැනි වටපිටාවක් ගතවෙමින් තිබියදී මෙම සුවශේෂ මිනිසා මතභේදාත්මක චරිතයක් වූයේ කෙසේද? සමහර පාර්ශ්ව ඔහු හඳුන්වා සිටින්නේ හාස්‍යජනක, විනෝදාත්මක මෙන්ම මායාකාරී චරිතයක් ලෙසටය. තවත් පාර්ශ්ව ඔහු හඳුන්වා දී ඇත්තේ ප්‍රභූත්වය, ගජමිතුරුවාදය සහ ආගම්වාදයට නැඹුරු වූ පුද්ගලයකු ලෙසය. මෙවැනි තත්ත්වයකදී පසුගිය සමීප සමයකදී ඔහුට එරෙහිව බරපතළම චෝදනාවක් එල්ල විය. එය මුළුමහත් ලෝකයම මහා ආන්දෝලනයකට පත්කරන්නට සමත් විය. එය කුමක්ද?

බි්‍රතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන්ට අදාළව පසුගිය 2020 සහ 2021 යන වසරවලදී සිදුවූ මතභේදාත්මක සිදුවීම කුමක්ද? මෙම සිදුවීම ජාත්‍යන්තර වාර්තා හරහා හඳුන්වා දී තිබෙන්නේ ‘පාර්ටිගේට්’ (Partygate) යන නාමයෙනි. එනම් එයින් සතුටු සාදයන්හි දොරටුව වැනි අරුතක් ගෙන එයි. මෙම සිදුවීම් මාලාවක් ඇතිවන්නේ 2020 සහ 2021 වසරවල කොවිඩ් – 19 වසංගතය උච්චතම ලෙස පැවැති සමයේදීය. මෙම කාලයේදී මහා බි්‍රතාන්‍යයේත්, මුළුමත් ලෝකය පුරාමත් දැඩි මහජන සෞඛ්‍ය සීමාවන් සහ නීතිරීති ප්‍රබල ලෙස ක්‍රියාත්මක කළේය. එවැනි වටපිටාවකදී බි්‍රතාන්‍ය අගමැතිවරයා සිදුකර ඇත්තේ එම නීතිරීති උල්ලංඝනය කරමින් දින කීපයක් පුරා තමන්ගේ අගමැති නිල නිවස තුළදී විවිධ සතුටු සාදයන් කිහිපයක්ම පැවැත්වීමය. ඔහුගේ බිරිය සහ පවුලේ සාමාජිකයන් මෙන්ම ඔහුට සම්බන්ධ ප්‍රබල දේශපාලන හිතවතුන් කිහිපදෙනකු සමගම මෙම උත්සව පවත්වා තිබිණි.

මෙම අවස්ථා සඳහා මද්‍යපාන බීම වර්ග, විවිධ ආහාරපාන මෙන්ම සංගීත සාදයන්ද අයත් වී ඇත. 2020 නත්තල් උත්සවයක් මෙන්ම, 2021දී තවත් උත්සව අවස්ථා කීපයක්ද සමරා ඇත. මුලින් මෙම උත්සව ගැන තොරතුරු රහසිගතව පැවැතියත් පසුව ඒවා සමාජයට හෙළිවන්නට විය. එහෙයින් අගමැතිවරයාට, බිරියට සහ අනෙකුත් පාක්ෂිකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නට විය. අධිකරණයෙහි නඩුපවරා දඬුවම් ලෙස දඩ මුදල්ද නියම කළේය. එතැනින් නොනැවතුණු මෙම අර්බුදය බි්‍රතාන්‍ය ජන සමාජය වෙතද පැතිර ගොස් ජනතා උද්ඝෝෂණයක්ද ඇතිවිය. පාර්ලිමේන්තුව තුළටද අර්බුදය පැතිර ගියේය. අවසානයේදී බි්‍රතාන්‍යයේ විපක්ෂය මෙන්ම ජනතාවද තදබල ලෙස කියා සිටියේ අගමැතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවයි. අවසානයේදී අගමැති බොරිස් ජොන්සන් අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය. ඔහුත් සමග රජයේ ප්‍රබල නායකයන් 05 දෙනකුද ඉල්ලා අස්විය. වසර 03කටත් අඩු කාලයක් පමණක් අගමැති ධුරයේ සිටිමින් 2022 දී ඔහු ඉල්ලා අස්විය. එය ඔහුගේ අවසන් දේශපාලන ගමන සහ ජීවිතයද විය.

සමහර ලෝක විචාරකයන් කියා සිටින්නේ බොරිස් ජොන්සන් යනු මහා බි්‍රතාන්‍යයේ මෑත කාලයේ සිටි අපකීර්තිමත් අගමැතිවරයා බවයි. එසේනම් එවැනි වටපිටාවක් තිබියදී අපගේ රටේ හිටපු අගමැති සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිශය දැඩි ආශාවකින් බොරිස් ජොන්සන් චරිතාපදානය කියවන්නට හේතුව කුමක්ද? ඔහු බොරිස් ජොන්සන් නමැති චරිතයට ආශාවක් දක්වන නිසාද? පිළිතුර ඔබ සතුය.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

VVIP ස්කොඩ් දාගෙන කෝටි ගණන් වියදම් කරගෙන පරිස්සමට එක්කන් යන හොරු මැරයො තක්කඩි! Sri Lanka Latest News

Next Post

එජාප සජබ එකමුතුව කඩන රනිල් වටේ ඉන්න සිරිකොත බහිරවයෝ! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.