කොළඹ හත විජයරාම මාවතේ 75 හැවිරිදි සංගීත ගුරුවරිය දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය පොලිසිය කියයි..Sri Lanka Latest News
සැකකරු එම විසින් සොරාගෙන තිබූ ජංගම දුරකථනයක් ලැප්ටොප් පරිගණකයක් සහ ගෑස් සිලින්ඩර දෙකක්ද පොලිසිය මගින් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකි .\
කෙසේ වෙතත් සිදුකළ විමර්ශනයෙන් අනතුරුව අදාළ මරණය ඝාතනයක් බවට සැකකළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකළේය.
එහිදී සිදුකළ CCTV පරීක්ෂාවේ දී සැකකටයුතු පුද්ගලයෙක් නිවසට ඇතුළු වන අයුරු හා ඉන් පිටව යන ආකාරය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා තිබිණි.
එම සැකකරු කොළඹ නිවාසවල වතු සුද්ධ පවිත්‍ර කරන කම්කරුවෙක් බවත් ඔහු අවිවාහකයෙකු බවත් පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.
මේ අනුව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් සැකකාර කම්කරුවා ඊයේ (02)උදෑසන සිය නිවසේදීම අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුගෙන්කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඝාතනයේ සුලමුල හෙළිකරගැනීමට හැකිව ඇත.
පසුගිය 14 වැනිදා මොහු මිත්‍රානි ප්‍රනාන්දු නමැති කාන්තාවගේ නිවස පවිත්‍ර කිරීමට ගොස් ඇත. ඔහු ඊට පෙරාතුවද මෙම නිවසේ විවිධ වැඩ කටයුතු සඳහා ගිය අයෙකු හෙයින් මිත්‍රානි ද මොහු හොඳින් දැන සිටි තැනැත්තියකි.
ඒ අනුව දෙසැම්බර් මස 15 වන දිනත් උදෑසන ඔහු මිත්‍රානි මහත්මියගේ නිවසේ සුද්ද පවිත්‍ර කටයුතු සඳහා ගොස් ඇති අතර, එහිදී ඇයව දූෂණය කර පසුව වයර් කැබැල්ලකින් ගෙල සිරකර ඝාතනය කළ බවටත් සැකකරු පාපොච්චාරණය කර ඇත.
පසුව එම නිවසේ තිබූ මියගිය කාන්තාවගේ ජංගම දුරකථනය, ලැප්ටොප් පරිගණකය හා මුළුතැන්ගෙහි තිබූ ගෑස් සිලින්ඩර් සොරකම් කර විවිධ පුද්ගලයින්ට විකුණූ බවටත් සැකකරු පාපොච්චාරණය කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු මේ වනවිට කුරඳුවත්ත පොලීසියේ රඳවා ගන්න තබා ඇති අතර අද (03) දින අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.