• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේක හැමෝටම අමාරු කාලයක්! ඒ නිසා පාසලේදී ගුරුවරුන් විදුහල්පතිවරුන් එකතු වෙලා දරුවන්ගේ අම්මලා පිට පටවලා තියෙන බර පොඩ්ඩක් හෑල්ලු කරන්න! පුලුවන් නම් මේ කරුණු 8ට අවධානය දෙන්න! ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකාව කියන මේ කතාව හොඳට අහන්න! Sri Lanka Latest News

January 3, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
කන්න නෑ! යන්න විදිහක් නෑ! ගෙවල්වල ප්‍රශ්න! කොළඹ ‌ඉස්කෝලවල පොඩි පන්තිවල ළමයි 50%ක් පාසල් යන්නෙ නෑ! ප්‍රජා වෛද්‍ය විශේෂඥවරිය කරන බිහිසුණු හෙළිදරව්ව මෙන්න!
Share on WhatsAppShare on Facebook

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා එෂාමා කාරියකරවන – (Sri Lanka Latest News)

ආදරණීය විදුහල්පතිවරුන්, ගුරුවරුන් ගෙන් , පාසල් බලධාරීන්ගෙන් කරන්නට ඉතාම කාරුණික ඉල්ලීමක් මා හට ඇත.

පසුගිය කාලයේ පාසල් දරුවන් සහ දෙමව්පියන් හට උපදේශනාත්මක පසුබිමක් සහිත දේශන කරන්නට අවස්ථාව මට උදාවිය.

ඔවුන්ගේ දුක්ගැනවිලි රාශියක් ඔවුහු මා වෙත ඉදිරිපත් කළහ. ඒවායින් 90% ක් පාසල් මට්ටමින් ඉතා පහසුවෙන් විසඳිය හැකි දේ බව මාහට තේරුම් ගිය බැවින් මෙය ලියමි.

පාසල් පොත් උපකරණ ඉතා මිල අධික කාලයකි. එමනිසා පාසල් බලධාරීන්ට පහත දැක්වෙන කරුණු ගැන සානුකම්පිතව බැලිය හැකි නම් මව්පියන්ට විශාල අස්වැසිල්ලකි.

  1. පොත් ලයිස්තුව පාසලෙන්ම අනිවාර්යයෙන් ගතයුතු බව විදුහල්පතිවරුන් කරන බලකිරීම නැවැත්වීම.
    මන්ද යත්. සමහර පවුල්වල දරුවන්ට තෑගි සහ පරිත්‍යාග ලෙස පොත් පත් ලැබෙන බැවිණි. ඔවුන්ට ඒවා ප්‍රයෝජනයට ගත හැකිය. සමහර පාසල් මෙසේ බලකරන බව දනිමි.
  2. කවර දැමීමට අසවල් වර්ණ කඩදාසි භාවිතා කළ යුතුය. පාසල් ලොගෝව සහිතව මුල්පිටුවේ නම , පංතිය, නිවාසය සඳහන් මුද්‍රිත නේම් ටැග් ඇලවිය යුතුය යන නීතිය ඉවත් කිරීම. දරුවන්ට හැකි දෙයකින් කවර දමා පිරිසිදුව පොතපත පාවිච්චියට උපදෙස් දීම. මා කුඩා කළ මගේ පංතියේ සිටි යෙහෙළියක් පොත්වලට කවර දැමුවේ පත්තර කඩදාසි සහ කැලැන්ඩර කොළ වලිනි. අද ඇය කැනඩාවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමියකි. කවරය ඇයගේ අධ්‍යාපනයට වැදගත් වූයේ නැත
  3. විෂය ලිවීම සඳහා CR පොත්, 200 pages පොත් ඉල්ලා නොසිටිම. සටහන් ලිවිය හැකි ඕනෑම අභ්‍යාස පොතක් භාවිතයට අවසර දීම. නිවසේ දරුවන් දෙදෙනෙකු සිටී නම් එම වියදම කෙසේ දරන්නද? අනෙක අඩු බර පොත්පත් දරුවාගේ පාසල් බෑගයේ බර අඩුකිරීම දරුවාට කෙතරම් සහනයක්ද?
  4. සාමූහිකත්වය, බෙදාහදා ගැනීමත්, සම්පත් නාස්තියත් වළක්වාලීමටත් මව්පියන්ගේ පසුම්බියටත් පහසු වනු පිණිස පාට පෙට්ටි, ක්ලේ, මැටි, සෙලෝ ටේප්, ගම්, විවිධ ඇට වර්ග, කඩදාසි වර්ග, සායම් තැවරූ පොල්කුඩු, රිබන් ආදිය පංතියටම සෑහෙන ප්‍රමාණය පමණක් ගැනීමට අවශ්‍ය වියදම මව්පියන් ගෙන් එකතු කිරීම. සමහර පාසල්වල සෙලෝ ටේප් , ‍රිබන්, වැනි දේවල් එක ළමයාට එක බැගින් ඉල්ලන බව මව්පියන් කියති. එසේ ඉල්ලා සිටින ගුරුවරුද සිටිති. අඟල් එකක පළල සෙලෝ ටේප් ලොකු ප්‍රමාණයේ එක බැගින් පංතියේ ළමුන්ට රැගෙන එන්න කියූ ගුරුවරයෙක් ගැන මව්වරු මට කීහ.
  5. විවිධ දේවල් සඳහා රූප කොළ , රැගෙන එන්න නොකියා ඒවා දරුවන්ට අඳින්නට උපදෙස් දෙන්න. අපි පොඩි කාලේ සියලු විද්‍යාඥයින්ගේ, ජාතික වීරයින්ගේ, ශාක පත්‍රයන්ගේ රූප අපිම ඇන්ඳෙමු. දරුවන්ගේ කුසලතා වර්ධනයට එය ඉවහල් වනු ඇත.
  6. පංති කාමරය පවිත්‍ර කිරීම , තීන්ත ගෑම මේ වසරේ නොකරන්න. ලොකු පංතිවල ළමුන්ගේ මව්පියන් නොකැඳවා දරුවන් ලවා ඒවා කරවාගන්න.
  7. පාසලේ ආපනශාලාවේ දරුවන්ට ගුණදායක නොවූ ආහාර පාන විකිණීමෙන් වළකින්න.
  8. වට්සැප් ගෘප් වලට පණිවුඩ නොදමා කොවිඩ් සමයට පෙර මෙන් ගෙදර වැඩ පණිවිඩ පොත නැවත භාවිතයට ගන්න. ජංගම දුරකථනයට ගොදුරුවූ දරුවන් බේරා ගැනීමට මේ පියවර ඉතා වැදගත් බව සලකන්න.

ජීවිතේ කම්කටොළු ඇති කාලයක, රටක් ආර්ථික ආගාධයකට වැටී ඇති කාලයක ඔබට කළ හැකි දෙයකින් මව්පිය දරුවන්ට සහනයක් දෙන්න.

ස්තුතියි

lankasara

SendShareShare
Previous Post

දරුවන්ට කන්න දෙන්න බැරිව පවුල් පිටින් දිවිනසාගන්නා මහා විනාශකාරී තත්ත්වයකට රට ඇද වැටිලා! ආණ්ඩුව ජනවාරි පළමුවැනිදා ගගහපු වැට් එකෙන් මේ විනාශය තවත් වැඩිවෙනවා! ආදායම් හොයන්න වැට් ගහන්නම ඕන නෑ! 59 වැනි සුහුරු පන්ති කාමරය බුත්පිටිය දරුවන්ට පිරිනමමින් විපක්ෂනායක සජිත් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

කොළඹ හතේ විශ්‍රාමික සංගීත ගුරුවරිය මැරූ සැකකරු අල්ලයි! මීට කලිනුත් ගෙදරට ආ ගිය වත්ත සුද්ද කරන කම්කරුවෙක්! Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.