කැනඩා රාජ්‍යයේ ඔටාවා හී පදිංචි ශ්‍රී ලාංකික පවුලක හය දෙනෙකු පිහියෙන් ඇණ ඝාතනය කිරීමේ සිදු වීමට සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන තිබෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති 19 හැවිරිදි තරුණයා, සියදිවි නසා ගැනීමේ මානසිකත්වයෙන් සිටි අයෙකු බව අනාවරණය වී තිබේ.
අදාල යෞවනයාට ඔහු ඉගෙන ගන්නා පාසලේ යම් ගැටළුවකට මුහුණ දී සිටි අයෙකු බවත්, ඉන් මානසික පීඩනයක් ඔහුට තිබී ඇති බවත් පැවසේ.
ඝාතනය වී ඇත්තේ, ඔටාවා හී පදිංචි ශ්‍රී ලාංකික පවුලක තරුණ මවක්, ඇගේ දරුවන් සිව් දෙනාත්, එම පවුල සමග පදිංචිව සිටි තවත් පුද්ගලයෙක් ය.
ඝාතනය සිදු කර තිබෙන දහනම වියැති, ෆේබ්රියෝ ඩි සොයිසා නමැති යෞවනයා ද ඔවුන් සමග කලක සිට එකට ජීවත් ව සිටි අයෙකි.
එම පවුලේ පියාද පිහි ඇනුම් පහර දීමට ගොදුරු වී ඇති නමුත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව පැවසේ.
අදාල යෞවනයා සියදිවි නසා ගැනීමේ මානසිකත්වයෙන් පසුවන බව, පිහි ඇනුමෙන් දිවි ගලවාගත් එම පවුලේ පියා විසින්, ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ටත්, ඔහුගේ තවත් මිතුරෙකුටත් පවසා ඇති බව වාර්තා වේ.









