• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් රනිල්ගෙ පොත ගැන කියයි! I Sri Lanka Latest News

March 8, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

පසුගිය අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ භූමිකාව මෙරට කාටුන් ශිල්පීන් දුටු අන්දම එක් කර පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විසින් සම්පාදනය කළ “Press Vs. Prez” කෘතිය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී සිදු කෙරිණි.Sri Lanka Latest News

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙවන් නිර්මාණ රටක ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක් බවත්, රට තුළ ස්ථාපිත වී ඇති නිදහස මෙමඟින් තහවුරු වන බවත්ය.
ඒකාධිපති රජ්‍යයක කිසිදු අවස්ථාවක මෙවන් නිර්මාණ බිහි නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සාපරාධී අපහාස නීතිය ඉවත් කිරීමට ලැබීම පිළිබඳව තමා නිහතමානීව ආඩම්බර වන බව ද සඳහන් කළේය.

පසුගිය කාලය තුළ රජය අසීරුවෙන් හෝ ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන් අද රටේ ආර්ථිකය ධනාත්මක තත්ත්වයකට ගෙන ඒමට හැකි වී තිබෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා අද අප රටක් ලෙස ගත කරමින් සිටින්නේ අසීරු කාලයේ අවසන් කොටස බව ද පැවසීය.

අසීරු සමයක, සිතට සතුටක් ගෙන එමින් මෙම සියලු විකට නිර්මාණ සිදු කළ නිර්මණ ශිල්පීන්ට සිය ස්තූතිය පුද කිරීමටද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා 2021 ජූනි 23 වනදා 9 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දුන් දා සිට එතුමාගේ ගමන් මග පිළිබඳ 2023 මැයි මාසය දක්වා පුවත්පත්වල පළවු කාටූන් නිර්මාණ 618ක් පමණ එක් කර මෙම කෘතිය සම්පාදනය කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විසින් මෙහිදී කෘතිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.
කාටූන් ශිල්පීන් 40 දෙනෙකු සහ ජනමාධ්‍යවේදීන් 20කට ආසන්න පිරිසක් විසින් මෙහි නිර්මාණ දායකත්වය ලබා දී තිබෙන අතර එම කාටුන් ශිල්පින් සහ රූපවාහිනිය ඔස්සේ ඒවා ඉදිරිපත් කළ රූපවාහිනී නිවේදකයින් ද මෙහිදි ජනාධිපතිවරවයා අතින් ඇගයීමට ලක් විය.
කෘතිය එළිදැක්වීමේ අවස්ථාවේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ඉන්දීය කාටූන් ශිල්පී නාලා පොන්නප්පා මහතා සහභාගී වූ අතර ඔහු විසින් විශේෂ දේශනයක් ද සිදු කරනු ලැබීය.
කෘතියේ විචාර දේශනය මහාචාර්ය රොහාන් නෙත්තසිංහ මහතා විසින් සිදු කරන ලදී.

මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය
මෙම කාටුන් නිර්මාණ එකතුව සම්ප්‍රදායක් ඉටු කිරීමක් බව කිවයුතුයි. එදා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ නිවසට ගිය අවස්ථාවේදීත් මෙවන් නිර්මාණ එකතුවන් දක්නට ලැබුණා. ඒ වගේම ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමාගේ නිවසෙත් මෙවැනි නිර්මාණ දක්නට ලැබුණා. ඉතින් අද වජිර අබේවර්ධන මැතිතුමාත් පිළිපැද තිබෙන්නෙත් එම සම්ප්‍රදායයි.
මෙම නිර්මාණයට අදාළ කාල වකවානුව වන 2021-2023 කාලය දැන් අපට අමතක වෙලා තිබෙනවා. මම වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අවස්ථාවේ කාටුන් නිර්මාණයක් මෙම පොතෙහි ඇතුළත් වෙලා තිබෙනවා මම දුටුවා. මට එම අවස්ථාවේ දිවුරුම් දෙන්න තැනක් තිබුණේ නැහැ. ආණ්ඩුවේ කාර්යාලයකදී එය සිදු කිරීමට බිය වුණේ ඒවා ගිනි තබයි කියලා. අනතුරුව අගවිනිසුරුතුමාට දැනුම් දී වාලුකාරාම විහාරස්ථානයේදී මම දිවුරුම් දෙනු ලැබුවා. එවැනි තත්ත්වයකයි එදා අපේ රට පැවතුනේ. ප්‍රචණ්ඩකාරී පිරිස් පාර්ලිමේන්තුව වට කර තිබුණා. හමුදාවේ මැදිහත්වීමෙන් එය නවතා ගැනීමට හැකි වුණා.
මෙම කාලය තුළ රටේ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීමට අපට සිදු වුණා. ඒ වගේම රටේ සාමය සහ ස්ථාවරත්වය ඇති කිරීම වෙනුවෙන් පියවර ගැනීමට සිදු වුණා. මේ කාලය තුළම විකට චිත්‍ර 2000ක් පමණ නිර්මාණය වෙලා තිබෙනවා. අප ඒකාධිපති රාජ්‍යයක් නම් මෙවන් නිර්මාණ බිහි විය නොහැකියි. මෙම නිර්මාණ බිහිවීම ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක් බව කිවයුතුයි. අපහාස නීතිය ඉවත් කිරීමට හැකිවීම පිළිබඳ මම ආඩම්බර වෙනවා.
අද පොත් ලියන්න පුළුවන්. රූපවාහිනි, ගුවන් විදුලි, චිත්‍රපටි ඕනෑම නිර්මාණයක් සිදු කළ හැකියි. ඒ නිදහස තිබෙනවා. මේ රටේ සර්වජන ඡනද බලය ලැබුණේ 1931 වර්ෂයේදීයි. ඒ කාලයේ සිට මේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ක්‍රියාත්මක වුණා. විපක්ෂය තහනම් කළේ නැහැ. විපක්ෂ නායකයෝ සිරගත කළේ නැහැ. ප්‍රශ්න තිබුණා. නමුත් මැතිවරණයකින් පසු එම ප්‍රතිඵල පිළිගෙන ඒ අනුව පරාජය භාරගෙන බලය භාරදී ඉවත් වුණා. ආසියාවේ එසේ සිදු වූ එකම රට අපේ රට පමණයි. අපි අතර කෙතරම් ප්‍රශ්න තිබුණත් අප ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රටක්.
මේ සියලු විකට චිත්‍රවලින් පෙන්වන්නේ රට තුළ තිබෙන නිදහසයි. මේ වසර අවසානයේ ජනාධිපතිවරණය, ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන විට මෙම විකට චිත්‍ර වැඩි වෙනවා මිස අඩු වන්නේ නැහැ. මේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අප ඉදිරියට ගෙන යා යුතුයි.
මම රට භාරගත්තේ ඉතා අසීරු සමයක. රටේ දේශපාලනය කැඩි ගිය අවස්ථාවක. නමුත් අපේ එක් කණ්ඩායමකට හැකියාව ලැබුණා රටේ ආර්ථිකය යහපත් මට්ටමටකට ගෙන ඒමට. පාර්ලිමේන්තුව තුළ අපි ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ලෙස එකට වැඩකටයුතු කළා. ඒ ප්‍රජාතන්ත්‍රවාදයයි මෙම නිර්මාණ මඟින් පිළිඹිබු වෙන්නේ.
මෙම කාලය තුළ අප අසීරුවෙන් හෝ ගෙන ගිය වැඩපිළිවෙළ නිසා රටේ ආර්ථිකය ධනාත්මක තත්ත්වයකට ගෙන ඒමට හැකි වී තිබෙනවා. මේ අප ගත කරමින් සිටින්නේ අසීරු කාලයේ අවසන් කොටසයි. අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග මම සාකච්ඡා කළා. අප මෙතෙක් කළ සියලු කටයුතු සාර්ථක බව එහිදී සඳහන් කෙරුණා. අපට ණය දුන් රටවල කමිටුවේ තීරණය අනුව පුද්ගලික ණය හිමියන් අදහස් ප්‍රකාශ කිරීමට නියමිතයි. අද අපි එම කටයුතු කරගෙන යනවා. අප මේ ගෙන යන වැඩපිළිවෙළේ සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.
ඊයේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමා යෝජනා කළා ණය පිළිබඳ ආණ්ඩුව සිදු කරන සාකච්ඡාවලට විපක්ෂයේ නියෝජිතයන් සම්බන්ධ කර ගන්න කියලා. ඒ අනුව ලබන සඳුදා විපක්ෂය ඇතුළු සියලු නායකයන් කැදවලා ඔවුන්ගේ අදහස් ලබාගෙන එම සියලු අදහස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ඔවුන් ලබාදෙන අවසාන තීන්දුව අනුව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා අප සියලුදෙනාට එකතුවෙලා මේ ගමන යන්න පුළුවන් කියලා.

මෙම දුෂ්කර කාලයේ යම් කිසි සහනයක් මෙම විකට චිත්‍රවලින් අපට ලැබුණා. ඒ මගින් සැහැල්ලුවෙන් ජීවිතය දෙස බැලීමට හැකියාව ලැබුණා. දැන් අපි සියලුදෙනා ස්ථාවර අනාගතයක් වෙනුවෙන් ගමන් කළයුතුයි. විපක්ෂයේ සියලුදෙනාත් එක් කර ගනිමින් එම කටයුතු ඉදිරියට ගෙන යාමට හැකි වනු ඇතැයි මම විශ්වාස කරනවා.
ඒ වගේම කලාකරුවන් සහ චිත්‍රශිල්පීන් සියලුදෙනාට මම මගේ ප්‍රශංසාව පළ කරනවා

ඉන්දීය කාටූන් ශිල්පී නාලා පොන්නප්පා මහතා අදහස් දක්වමින්
ජනාධිපතිතුමනි මෙම පොත තුළ ඔබව කාටූන් නිර්මාණවලට ලක් කර ඇති ශිල්පීන් විසින් ඉතා යහපත් කාර්යයක් ඉටු කර තිබෙනවා.
දේශපාලඥයින් ද මිනිසුන් වන නිසා ලොව පුරා සිටින නායකයින් තමන්ගේ ජනතාවට සහ රටට හොඳ දේ කුමක්ද කියා දන්නවා. කාටූන් ශිල්පීන් ඔවුන්ට පවතින උපරිම නිදහස භාවිතා කරමින් ඔවුන්ගේ දැක්මට අනුව ඒ පිළිබඳ තම අදහස ප්‍රකාශ කරනවා. මෙහි රැස්ව සිටින පිරිස දැක ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්ද එය තිබිය යුතු ආකාරය කුමක්ද යන්න පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීමට ජනතාවට මෙය ඉතා හොඳ අවස්ථාවක් බවට පත්වෙනවා.
මෙම පොත රට පුරා මෙන්ම ලෝකය පුරාම පවතින පුස්තකාලයන්ට බෙදා හැරීමට නියමිත වෙනවා. එමගින් අනාගත පරපුරට දේශපාලන කාටූන් පිළිබඳ ඉතිහාසය අධ්‍යයනය කිරීමට අවස්ථාවක් සැලසෙනවා. මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ගමන්මඟ මෙම පොත තුළ නිරූපණය වෙනවා.
සියයකට ආසන්න කාටූන් ශිල්පීන් පිරිසක් විසින් ඔවුනගේ දර්ශනය අනුව නිර්මාණය කරන ලද කාටූන් 618ක් මෙම පොතෙහි අන්තර්ගත වෙනවා. මෙම පොත සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම සම්පාදනය වී තිබෙනවා. ගරු ජනාධිපතිතුමනි මෙම වැදගත් අවස්ථාවේ ඔබට සහ ඔබේ රටේ ජනතාවට දීප්තිමත් අනාගතයක් වෙනුවෙන් මම මගේ හෘදයාංගම සුභපැතුම් පිරිනැමීමට කැමතියි.
ඒ වගේම ඔබව කාටූන් නිර්මාණයට ලක්කර ඇති ශිල්පීන්ටත් ඔවුනගේ කාර්යයන් ඉදිරි පරම්පරාවන් වෙනුවෙන් ඉතා සාර්ථකව සිදු කිරීමට මම සුභපැතුම් පිරිනමනවා.

මහාචාර්ය රොහාන් නෙත්තසිංහ මහතා
වානේ පන්නරය ලැබූ හැටි කියන පොත මම කුඩා කාලයේ කියවා තිබෙනවා. එයින් කියවෙන්නේ වානේ රත් කරන්නේ කොහොමද කියන කාරණය පිළිබඳවයි. මේ පොත රචනා කර තිබෙන්නේ නිකොලායි ඕසත්‍රොෆ්. රැසියානු භාෂාවෙන් ඕසත්‍රොෆ් හෙවත් ඔස්ත්‍රේ කියන වචනයේ තේරුම තියුණු/තීක්ෂණ යන්නයි. මේ වචනය ගරු ජනාධිපතිතුමාට ඉතාම යෝග්‍යයි. මන්ද යත් ඔහු සෑම පැත්තකින්ම තියුණුයි. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස මෙහි පැමිණ සිටින රනිල් වික්‍රමසිංහ මහතාත් ජනාධිපති ආර්යාව ලෙස මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියත් අභියෝගවලට මුහුණ දෙන ආකාරය පිළිබඳ හොඳාකාරවම දන්නවා.
මම මෙම සභාවේ සිටින විට කාටූන් ශිල්පියෙකු ප්‍රකාශ කළ අදහසක් මට ඇසුණා. එතුමා කිව්වා කාටූන්ශිල්පියෙක් කියන්නේ බොහොම කොන්ද පණ තිබෙන පිරිසක්. අපි කරන වැඩ හරියට කවුරුන්හෝ දන්නවා නම් අද වගේ දවසක අපට මෙතැනට ආරාධනා කරන්නේ නැහැ කියලා. ඔවුන් සිනා වෙලා කිව්වේ ඔවුන්ට මේ ආරාධනය පිළිබඳ සිනහ යනවා කියලා. නමුත් එහි අනෙක් පැත්ත තමයි සිදුවුණේ. මම හිතන්නේ ඔබගේ දක්ෂතාවය නිසා තමයි ඔබ මේ කාර්යය හොඳින් ඉටු කර තිබනේනේ කියා ජනාධිපතිතුමා හොඳාකාරවම දන්නවා වගේම ‍ ඊට ප්‍රශංසා කරනයි ඔබට අද මෙතැනට ආරාධනා කර තිබෙන්නේ.

මෙහි රඟ දැක්වුණු ආකාරයට විටෙක මේ පුවත්පත් කාටූන් මඟින් සිදු කරන ලද තදබල විවේචනයන් නිසා සිත් වේදනාවක් ඇතිවෙනවා. නමුත් මා මුලින් සඳහන් කල ආකාරයට ජනාධිපතිතුමා ඔහුගේ දැනුම සහ කුසලතා තියුණු කරගෙන තිබෙනවා. වානේ පන්නරය ලබාගෙන තිබෙන්නේ ඒ ලැබුණා වූ අත්දැකීම්වලිනුයි. ඔබතුමාගේ නායකත්වයට වගේම මේ රට ඉදිරියට ගෙනයාම වෙනුවෙන් මම ඔබතුමාට පෞද්ගලිකව ස්තූතිය පළ කිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ සහ සුභපැතුම් ප්‍රාර්ථනා කරනවා.
ඒ වගේම මෙහි පැමිණ සිටින සියලුම කාටූන් ශිල්පීන්ටත් ඔවුන් විසින් සිදු කරන කාර්යය වෙනුවෙන් ස්තූති කරනවා.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරු ඇතුළු පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු රැසක් ද, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ප්‍රමුඛ අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීන් ද, විදෙස් තානාපතිවරු, ආරක්ෂක අංශ ප්‍රධානීහු, මාධ්‍යවේදීන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2024-03-07

SendShareShare
Previous Post

කැනඩාවේදී සිංහල පවුලක්ම මරා දැමූ සැකකාර ෆෙබ්‍රියෝ සොයිසා ‌කැනඩා පොලිසියෙන් අධිකරණයට ඉදිරිපත් කරයි! විදෙස් මාධ්‍ය ෆොටෝ එළියට දමයි! Sri Lanka Latest News

Next Post

කැනඩාවේ එකම පවුලේ 5ක් ඇතුලු 6ක් මැරූ ලාංකික තරුණයා සිය දිවි නසා ගැනීමේ මානසිකත්වයෙන් සිටි අයෙක්? I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.