• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘මහර රැඳවියන් 11 දෙනකුට වෙඩි තැබීම අපරාධයක්.. වගකිවයුතු සියලු බන්ධනාගාර හා STF නිලධාරීන් වහාම අත්අඩංගුවට ගන්න’ කියලා මහේස්ත්‍රාත්වරයා CIDයට නියෝග කොට තිබියදී නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා ලෙස දැනුම් දෙමින් CIDයට ලිපියක් යවලා! නඩු ගොනුවත් වසාදමලා! VIDEO I Sri Lanka Latest News

October 17, 2024
in Exclusive
Reading Time: 8 mins read
A A
කැරැල්ලක් මැඩපවත්වන්න වෙඩි තැබූ බවක් පේන්නේ නෑ! මහර බන්ධනාගාරයේ රැඳවූවන් 11ක් වෙඩි තබා මරා දැමීම අපරාධයක්! වහාම බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවට ගන්න! අධිකරණය CIDයට නියෝග කරයි!
Share on WhatsAppShare on Facebook

රැඳවියන් 11 දෙනෙකු මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.Sri Lanka Latest News

ඒ, 2020 වසරේ නොවැම්බර් මස මහර බන්ධනාගාරය තුළ පැවති උද්ඝෝෂණයක් අතරතුර බන්ධනාගාර නිලධාරින් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වෙඩිතැබීමකින් රැඳවියන් 11 දෙනෙකු මියයාමේ සිදුවීම සම්බන්ධයෙනි.

නීතිපතිවරයා මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ, අදාළ සිද්ධිය  අපරාධයක් බවත්, ඊට සම්බන්ධ නිලධාරින් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇති පසුබිමකය. 

කොවිඩ් වැළඳී ඇත්දැයි තහවුරු කර ගැනීමට පීසීආර් පරීක්ෂණ සිදුකරන ලෙස සහ කොවිඩ් වැළඳුණු රැඳවියන් නිසි ප්‍රතිකාර සඳහා රෝහල්වලට යොමුකරන ලෙස ඉල්ලමින් මහර බන්ධනාගාරයේ රැඳවියන් 2020 නොවැම්බර් 29 වනදා උද්ඝෝණයක් සිදුකර තිබුණි. 

එහිදී බන්ධනාගාර නිලධාරින් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වෙඩි තැබීමේදී රැඳවියන් 11දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි.

අනතුරුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නීති කෘත්‍යයක් සලකාබැලූ අතර එහි තීන්දුව ප්‍රකාශයට පත්කරමින් 2023 අප්‍රේල් 26 වනදා වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩිවවිදාන තීරණය කළේ මහර බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනාගේ මරණ සිදුකිරීම අපරාධයක් බවය.

කැරැල්ලක් මැඩපැවැත්වීම සඳහා අවම බලය භාවිත කිරීමක් ලෙස වෙඩිතැබීම් සිදුකළ බවට නීතිපතිවරයා විසින් සාක්ෂි ඉදිරිපත් කළ ද මියගිය සිරකරුවන්ට වෙඩි වැදී තිබූ ආකාරය අනුව කැරැල්ලක් මැඩපැවැත්වීම සඳහා හෝ මානුෂීය මෙහෙයුමක් සඳහා වෙඩි තැබූ බවක් පෙනෙන්නට නැතැයි මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

මහෙස්ත්‍රාත්වරයා සිය තීන්දුව තුළ වැඩිදුරටත් පැහැදිලි කළේ අවම බලය පාවිච්චි කිරීමක් ලෙස දණහිසින් පහළට වෙඩි තැබීම සිදුකළ බවට සාක්කි ඉදිරිපත් වුව ද මරණයට පත්වූ රැඳවියන් 11 දෙනාම මියගොස් තිබූණේ හිස, බඩ, පපුව ආදී ප්‍රදේශවලට සිදුවූ වෙඩි වැදීමෙන් ඇතිවූ තුවාල නිසා බවය.

ඒ අනුව මහර බන්ධනාගාරයේ රැඳවියන්ගේ මරණ සිදුකිරීම අපරාධයක් බව තීරණය කළ මහෙස්ත්‍රාත්වරයා අපරාධයට සම්බන්ධ සියලුම බන්ධනාගාර හා විශේෂ කාර්ය බළකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

කෙසේ වෙතත් අධිකරණය එවැනි නියෝගයක් නිකුත් කර තිබියදී ඉකුත් අගෝස්තු 30 වනදා නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට යැවූ ලිපියකින් දැනුම් දී ඇත්තේ මහර බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනා මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා ලෙසය.

නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය නිකුත් කළ අදාළ ලිපියේ දැක්වෙන්නේ ප්‍රශ්නගත මහර බන්ධනාගාර සිදුවීමේදී බන්ධනාගාර නිලධාරින් සහ පොලිස් විශේෂ කාර්යය බළකාය නිත්‍යානුකූලව කටයුතු කර ඇති අතර නිලධාරින්ගේ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ඉක්මවා කටයුතු කර නොමැති බව නිරීක්ෂණය වන බවය.

තවද බන්ධනාගාර ආඥාපනතේ 77 වගන්තියට අනුව බන්ධනාගාර නිලධාරින් ක්‍රියාකර ඇති බව විමර්ශන උධෘත අධ්‍යනයේදී පෙනී යන බවද එම ලිපියේ සඳහන් ය.

එබැවින් මහර බන්ධනාගාරය තුළ රැඳවියන් 11 දෙනෙකු මියයාම ගැන ඉදිරි පියවර ගැනීම අවශ්‍ය නොවන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ඒ සම්බන්ධයෙන් වන නීතිපති දෙපාර්තමේන්තුවේ ගොනුවද වසා දැමීමට පියවර ගෙන ඇති බව සඳහන් කර තිබේ.

කැරැල්ලක් මැඩපවත්වන්න වෙඩි තැබූ බවක් පේන්නේ නෑ! මහර බන්ධනාගාරයේ රැඳවූවන් 11ක් වෙඩි තබා මරා දැමීම අපරාධයක්! වහාම බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවට ගන්න! අධිකරණය CIDයට නියෝග කරයි!
මහර හිරේ ගැටුමේ අතිබිහිසුණු දර්ශන එළියට එයි: සංවේදී අය නැරඹීමෙන් වළකින්න (VIDEO)
SendShareShare
Previous Post

ඊයෙත් පාතාලේ වෙඩි පත්තු වුණා! එක්කෙනෙක් මැරුණා! අද කොළඹදී පත්තු වුණු පාතාල වෙඩිල්ලකින් තවත් අයෙක් මැරිලා! VIDEO I Sri Lanka Latest News

Next Post

හිටපු ආණ්ඩු ණය ගනිද්දී පාරට බැහැපු ජවිපෙ අද ආණ්ඩු කරද්දී මේ විදිහට ණය ගන්නේ ඇයි? සිරස සටනෙදි ප්‍රශ්න කළාම නලින්ද ජයතිස්ස මෙන්න දීපු උත්තරේ!  I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.