වසර කිහිපයකට පෙර ඝාතනයට ලක්වී තවමත් සැකකරුවන් සොයාගැනීම අබිරහසක්ව පවතින මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, එක්නැලිගොඩ අතුරුදන් වීම ඇතුළු අබිරහස් සිදුවීම් ගැන රහස් පොලිස් පරීක්ෂණ නැවතී නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
එවැනි අන්දමේ පරීක්ෂණ පැවැත්වීමේදී පරීක්ෂණ අවසන් වූ වාර්තා වැඩිදුර උපදෙස් ලබාගැනීමට නීතිපතිවරයාට යවන බවද ඔහු සඳහන් කළේය.
ඉදිරියේදී මෙතෙක් යටපත්වී තිබූ මෙම පරීක්ෂණවලට අදාළව වගකිව යුතු පුද්ගලයන් කවුරුන්ද යන්න ගැන රටට හෙළිදරව් කිරීමට හැකි වෙතැයි විශ්වාස කරන බවයි රහස් පොලිසියේ උසස් නිලධාරියකු සඳහන් කළේ.
ප්‍රේමලාල් විජේරත්න










