ඊසානදිග මෝසම කාලගුණික තත්ත්වය මේ දිනවල බලපාන බැවින් උතුර, උතුරුමැද, නැගෙනහිර පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයටත් කඩින්කඩ මහ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවැසීය. (Sri Lanka Latest News)
මේ අතර බස්නාහිර, සබරගමුව, ගාල්ල, මාතර යන ප්‍රදේශවල සවස් කාලයේ පැය දෙකක පමණ මහ වැසි ඇතිවිය හැකි බවයි ඔහු පවසන්නේ.
මෙම ඊසානදිග මෝසම් කාලගුණ තත්ත්වය ලබන පෙබරවාරි අවසානය දක්වා බලපැවැත්වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.










