• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කුරුණෑගල කෝටිපතියා ඝාතන රහස හෙළිවෙයි! ගේම දීලා තියෙන්නේ ළඟම හිටපු කෙනෙක්! Sri Lanka Latest News

July 6, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
කුරුණෑගල කෝටිපතියා ඝාතන රහස හෙළිවෙයි! ගේම දීලා තියෙන්නේ ළඟම හිටපු කෙනෙක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කුරුණෑගල ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමේ සිද්ධිය පසුගිය දිනවල අපේ රටේ මහත් ආන්දෝලනයක් ඇති කළා. ජුනි මස 25 වැනිදා එලෙස ඝාතනයට ලක්ව තිබුණේ කුරුණෑගල මිල්ලව ඩේසි මවුන්ට් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කුරුප්පු අප්පුහාමිලාගේ කමල් සම්පත් කුරුප්පු (50) නම් පුද්ගලයෙක්. ඔහු කුරුණෑගල – නුවර පාරේ මිල්ලව ප්‍රදේශයේ පිහිටි ‘රන්දුල’ නමැති හෝටලයේ හිමිකරුවායි. ඊට අමතරව වාහන අමතර කොටස් අලෙවි සලක්ද ඔහු විසින් පවත්වාගෙන ගොස් තිබුණා. කමල් සම්පත් විවාහ වී සිටියේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ප්‍රකට සහල් ව්‍යාපාරිකයකුගේ දියණියක සමගයි. Sri Lanka Latest News

මෙම ඝාතනය සිදුව තිබුණේ පාළු කැලෑබද ප්‍රදේශයකයි. මෙම ව්‍යාපාරිකයා පිළිස්සුම් තුවාලද සහිතව සිය ජීප් රථය තුළ අවසන් හුස්ම හෙළා තිබුණු අතර, පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු කර තිබුණේ රියැදුරු අසුනට පිටුපස සිටි අයෙකු විසින් ඔහුගේ ගෙල වයරයක් වැනි දෙයකින් සිර කිරීමෙන් මරණය සිදුකර ඇති බවටයි.
එක්දරු පියෙකු වන කමල් සම්පත් පසුගිය 25 වැනිදා පෙරවරුවේ තම නිවසින් පිටව ගොස් තිබුණේ කොණ්ඩය කපාගෙන එන්නම් යනුවෙන් ගෙදර අයට පවසාය. නමුත් ඉන් අනතුරුව පසුදා පහන්වනතුරුම ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් සොයාගැනීමට නිවැසියන්ට නොහැකිව තිබුණා. මේ නිසාම ව්‍යාපාරිකයාගේ සහෝදරයකු දොරටියාව පොලිසිය වෙත ගියේ තම සහෝදරයා සොයාදෙන ලෙස ඉල්ලමින් පැමිණිල්ලක් ගොනු කිරීමටයි. පැමිණිල්ලට අනුව දොරටියාව පොලිසිය ඔහු සෙවීමට විශ්ෂ මෙහෙයුමක් ආරම්භ කර තිබුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මහව දියබැටේ නම් කැලෑබද ප්‍රදේශයේ තිබී GZ-9654 අංකය දරනXtrail වර්ගයේ ඔහුට අයත් ජීප් රථය සොයාගත් අතර, එහි රියැදුරු අසුනේ ව්‍යාපාරිකයාගේ පිළිස්සී ගිය සිරුරද සොයාගන්නට පොලිසියට හැකියාව ලැබී තිබුණා. කමල් සම්පත් රියැදුරු අසුනේ සිටියදීම පෙට්‍රල් දමා ගිනිතබා විනාශ කිරීමට ඝාතකයන් උත්සාහ දරා තිබුණත්, වාහනයේ වීදුරු වසා තිබීම නිසා ඒ තුළ ප්‍රමාණවත් තරම් ඔක්සිජන් නොතිබීම හේතුවෙන් සිරුර මුළුමනින් දැවී නොතිබූ ආකාරයක්ද නිරීක්ෂණය වී තිබුණා.

ව්‍යාපාරිකයා නිවසින් පිටව යනවිට නිවැසියන්ට පැවසූ අකාරයට ඔහු මිල්ලව නගරයේ සැලුන් එකකින් කොණ්ඩය කපාගෙන පිටවන අකාරයද සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණා. ඝාතනය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන සිදුවෙද්දී ඔවුන්ට තවත් කරුණු රැසක් අනාවරණ කරගැනීමට හැකිව තිබුණා. ඒ අනුව ව්‍යාපාරිකයා තම මුදල් අවශ්‍යතාවක් නිසා රන් භාණ්ඩ කිහිපයක් උකස් කර ඉන් රුපියල් ලක්ෂ 25ක මුදලක් ලබාගෙන තිබූ බවද හෙළිවුණා. මීට අමතරව ඔහු නිතර පැලඳ සිටි බ්‍රේස්ලට් එකක් සහ රන් මාලයද ඝාතනයෙන් පසු අතුරුදන්ව ඇති බවයි විමර්ශන නිලධාරීන්ට වැටහී ගොස් තිබුණේ. එසේම, ව්‍යාපාරිකයා හොඳින් හඳුනන පිරිසක් මෙම ඝාතනය සිදුකර ඇති බවටද පොලිසිය සැක පළකර සිටියි.

කමල් සම්පත් මහතා ප්‍රදේශයේ කාගේත් සිත් දිනාගනිමින් සුහදශීලීව කටයුතු කළ පුද්ගලයකු බවයි බොහෝ දෙනකු පවසා සිටින්නේ.
මෙම සිදුවිමට අදාළව ව්‍යාපාරිකයාට අයත් රන්දුල හෝටලයේ සේවය කළ කළමනාකරුවකු සහ ඔහුගේ මිතුරකු පසුගිය 30 වැනිදා විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනුණා. හෝටලයේ කළමනාකරු ලෙස කලක් සේවය කළ පුද්ගලයා මාවතගම මඩව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයකු වන අතර, ඔහුගේ මිතුරා වන්නේ කුඹුක්වැව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකි. විමර්ශනවලට අනුව ඝාතනයට හේතු වී ඇත්තේ පළිගැනීමේ චේතනාවකි. ප්‍රධාන සැකකරු හෝටලයේ කළමනාකරු ලෙස සේවය කරද්දී එම හෝටලයේ සේවය කළ තරුණියක සමග ඇතිකරගත් ප්‍රේම සම්බන්ධතාවට එහි හිමිකරු විරුද්ධත්වය පළකිරීම මෙම ආරවුලට මූලිකව හේතුව වී තිබුණා. ප්‍රධාන සැකකරු හෝටලයේ කළමණාකාරවරයා ලෙස එහි සේවයට එක්ව තිබුණේ මීට මාස 6කට පමණ පෙරදීය.

ප්‍රධාන සැකකරු දිනක් මෙම හෝටලයේ කාමරයකදී තරුණියක සිප වැලඳගෙන ඇති බව හෝටල් හිමිකරුගේ බිරිඳ දැක තිබුණා. ඒ බව ඇය තම ස්වාමිපුරුෂයාට පවසා තිබුණු අතර, එයින් කෝපයට පත් හෝටල් හිමිකරු අදාළ තරුණයාට තම කලිසම් පටියකින් පහරදී රැකියාවෙන් නෙරපා හැරීමටයි කටයුතු කර තිබුණේ. ඒ අනුව ප්‍රධාන සැකකරු කමල් සම්පත් සමග වෛර බැඳීමට හේතුව වී තිබුණේ තමාව එලෙස රැකියාවෙන් ඉවත් කිරීම, ප්‍රේම සම්බන්ධතාවට එරෙහි වීම සහ පෙම්වතිය ඉදිරියේ තමාට පහරදීමයි. ඒ අනුව මෙම තරුණයා හෝටල් හිමිකරුගෙන් පළිගැනීම සඳහා අවස්ථාවක් ලැබෙන තුරු බලා සිට තිබෙනවා.

කෙසේ වෙතත් මෙම වෛරය සැකකරු විසින් හෝටල් හිමිකරුට නොපෙන්වා ඇති අතර, දිනක් මෙම තරුණයා වට්ස්ඇප් පණිවුඩයක් ඔස්සේ හෝටල් හිමිකරුට දන්වා ඇත්තේ පිලැස්ස ප්‍රදේශයේ වටිනා ඉඩමක් විකිණීමට ඇති බවත්, එය බැලීමට පැමිණෙන ලෙසයි. ඒ මොහොතේ ඔහු කොණ්ඩය කපමින් සිට ඇති අතර, දුරකතන ඇමතුමට අනුව අදාළ ඉඩම් බැලීමට යෑම සඳහා ව්‍යාපාරිකයාද එකඟ වී ඇති බවයි පැවැසෙන්නේ. අනතුරුව පිලැස්ස ප්‍රදේශයට ගිය ව්‍යාපාරිකයා එහිදී ප්‍රධාන සැකකාර තරුණයා සහ ඔහුගේ මිතුරා වාහනයට නංවාගෙන තිබුණා. ඉන් අනතුරුව කැලෑබද ඉඩමකට ව්‍යාපාරිකයාව රැගෙන ගොස් ඔහුව ඝාතනය කිරීමටයි සැකකරුවන් කටයුතු කොට තිබුණේ.
මෙම ආන්දෝලනාත්මක සිදුවිමෙන් මුළු කුරුණෑගල දිස්ත්‍රික්කයම භීතියට පත්ව තිබුණා. වයඹ පළාත භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙම ඝාතනය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන ආරම්භ කිරීමටයි පියවර ගෙන තිබුණේ.

ව්‍යාපාරිකයා ඝාතනය කළ තරුණයන් දෙදෙනා මහව දළදාගම ප්‍රදේශයෙන් බස් රථයක නැග කුරුණෑගලට පැමිණ එක් රන් මාලයක් රුපියල් ලක්ෂ 16කට උකස් කර, ඉන් රුපියල් ලක්ෂ 10ක් ප්‍රධාන සැකකරු ගෙන ඉතිරි රුපියල් ලක්ෂ 06ක මුදල තම මිතුරාට ලබාදී තිබුණා. බ්‍රේස්ලට් එක උකස් කර ලබාගත් මුදලින් ලක්ෂ 02ක් යොදවා ප්‍රධාන සැකකරු ණයක් පියවා තිබූ බවද අනාවරණ වී ඇත. අනතුරුව සැකකරුවන් දෙදෙනා ගම්පහ ප්‍රදේශයේ තනායමක දින දෙකක් නැවතී පසුව ජාඇල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකට ගොස් ගණිකාවන් ඇසුරු කර, මිල අධික මත්පැන්ද පානය කර ඇති බවයි පරීක්ෂණවලින් අනාවරණය වී තිබුණේ. මේ අතර, පොලිසියට ලද තොරතුරක් මත පසුගිය 28 වැනිදා ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනුණු අතර, ඔහුගේ සහායකයාද පසුව අත්අඩංගුවට ගෙන තිබුණා.

බොහෝ දෙනෙකුගේ අදහස වුණේ සේවකයෙක් වරදක් කළා නම් හෝටල් හිමිකරුට තිබුණේ ඔහුව සේවයෙන් ඉවත් කිරීම මිස ඔහුට පහර නොදී ඉන්නට තිබුණා යන්නයි. අපි අහලා තියෙන කතාවක් තියෙනවා බල්ලන්ව ඇඳට ගත්තාම බලු මැක්කොත් ඇඟේ නගිනවා කියලා. ඒ වගේ කතාවක් තමයි මේ වෙලා තියෙන්නේ. වැහිපීළි සකසන කෙනෙක්ව හෝටල් කළමනාකරුවෙක් කළාම එවැනි වගකීමක් ඔහුට දරාගැනීමට නොහැකි වෙන්න ඇති. සමහර විට තම පෙම්වතිය ඉදිරියේ පහරදීමත් ඔහුට දරාගැනීමට නොහැකි වන්නට ඇති. එහෙමයි කියලා මෙවැනි අපරාධ සිදුකිරීම සාධාරණීකරණය කරන්න නම් කෙසේවත් බැහැ. හැමෝටම මේ සිදුවීම හොඳ පාඩමක් ගෙන දෙනවා. දුරදිග බලා තීරණ නොගැනීමක් ලෙසයි මම නම් දකින්නේ. හොඳ සිහි කල්පනාවෙන් හිතලා බලලා තීරණ ගත්තා නම් අදත් මේ ව්‍යාපාරිකයා ජීවතුන් අතර ඉන්නට තිබුණා.
වර්තමානයේ බොහෝ තරුණයන් මත්ද්‍රව්‍යවලට යොමුවෙලා. ප්‍රශ්නයක් විසඳගන්න ඕනේ මෛත්‍රියෙන් කරුණාවෙන් මිස වෛරයෙන් පළිගැනීමෙන් නොවන බව හැම කෙනකුම තේරුම්ගත යුතුයි

මෙම ඝාතනයේ සුලමුල සෙවීම සඳහා මාවතගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ.එන්. හෙට්ටිආරච්චි, කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක සරත් සුමනවීර, දොරටියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව වීරසේකර, මහව මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති තිළිණ මධුසංඛ යන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් සහ දොරටියාව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක්ද එක්ව සිටියා.

Sri Lanka Latest News

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

පිල්ලෙයාන්ගේ ගජයා හිටපු මන්ත්‍රී ‘ඉනිය භාරතී’ අත්අඩංගුවට ගනී!  I Sri Lanka Latest News

Next Post

විජේවීරගේ පුතා අනුරට එරෙහිව සටන පටන් ගනී! හවුල් වෙච්ච නිලධාරීන් කවුද? හවුල් වෙච්ච ව්‍යාපාරිකයන් කවුද? ප්‍රතිලාභ ලැබුවේ කවුද? බහාලුම්වල තිබුණේ මොනවද? Sri Lanka Latest News

MORE NEWS

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.