• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විජේවීරගේ පුතා අනුරට එරෙහිව සටන පටන් ගනී! හවුල් වෙච්ච නිලධාරීන් කවුද? හවුල් වෙච්ච ව්‍යාපාරිකයන් කවුද? ප්‍රතිලාභ ලැබුවේ කවුද? බහාලුම්වල තිබුණේ මොනවද? Sri Lanka Latest News

July 6, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
රාජ්‍ය සේවකයන්ව 60න් පැන්ෂන් යවන්න කියපු කෙනාට 70ත් පැනලා! ඒ අයගේ නායකයන්ට 80ට කිට්ටුයි! ඒක මිනිස්සුන්ට අදාළ නැද්ද? රෝහණ විජේවීරගේ පුතා එළියට එයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

රේගුව විසින් නිසි පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් මුදාහැරි බව කියන සිද්ධිය සම්බන්ධයෙන් දෙවන පරපුර පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා පසුගිය 03 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් දැක්වූ අදහස් පහත පළවේ. Sri Lanka Latest News

අපි දන්නවා පහුගිය මාස කීපය තුළම ලංකාවේ ආන්දෝලනයක් බවට පත්වෙච්ච බහාලුම් 323ක් රේගුවෙන් නිදහස් කිරීම කියන කාරණය මත පදනම් වෙලා විවිධ අදහස්, යෝජනා සමාජය තුළ කතාවුණා. 2025 ජුනි මාසේ 12 වැනිදා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පත්කරන ලද කමිටුව විසින් වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වාර්තාවේ නිගමනයන්, නිරීක්ෂණයන් මත පදනම්වෙලා ඉදිරියට ගතයුතු කාරණා ඉදිරිපත් කරමින් එම කමිටු වාර්තාව මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කමිටු වාර්තාව ඉතාම විනිවිදභාවයකින් යුතුව ඉදිරිපත් කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව මේ ආණ්ඩුවට බලය දුන්නෙත් මේ නිශ්චිත මොහොතේදී මෙවැනි කොමිෂන් සභා, මෙවැනි විනිවිදභාවයකින් යුතුව වැඩකටයුතු කරන්න.

ඒ පරීක්ෂණ වාර්තාව මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ජුනි මාසේ 12 වැනිදා ඉදිරිපත් කරලා තියෙනවා. මම මේක දීර්ඝව විස්තර කරන්න යන්නේ නැහැ, මේ වාර්තාවට අනුව පැහැදිලිවම මේ බහාලුම් 323ක් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් ඔවුන් විසින් අවසන් නිගමනය හැටියට ප්‍රධාන වශයෙන්ම නිරීක්ෂණ සහ පරීක්ෂණ කිහිපයක් සහ නිගමන කිහිපයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක ඇතුළේ ඔවුන් පැහැදිලිවම කියනවා මේ රේගුවේ තියෙන තදබදය මගහරවා ගන්න පිටතින් පත්කරන ලද කමිටුවකින් රතු ලේබල් තියෙන බහාලුම් සද්භාවයකින් තොරව වෙනත් අරමුණකින් යුතුව නිදහස් කළා කියන කාරණාව. ඒ වගේම තමයි ඔවුන් කියනවා, මේ බහාලුම් නිදහස් කිරීම නිසා ඇතිවිය හැකි ඉහළ අවදානමද නොසලකා මේ බහාලුම් තදබදයක් මුවාවෙන් මේ ගත්ත ක්‍රියාමාර්ගය කිසිම ලෙසකින් සමාජය තුළ සාධාරණීකරණය කරන්න බෑ කියන කාරණාව. ඒ වගේම තමයි මේ කමිටුව යෝජනා කර සිටිනවා, මේ බහාලුම් එළියට මුදාහැරීම නිසා ඇතිවෙන්න පුළුවන් ජාතික ආරක්ෂාව වේවා, රටේ ආර්ථිකය වේවා, මේ ඇතිවෙන්න පුළුවන් අවදානම්සහගත තත්ත්වය ගැන නැවත කියවීමක් කරන්න සහ පරීක්ෂණයක් කරන්න සහ මේ සම්බන්ධයෙන් වගකිය යුතු නිලධාරීන් සහ පුද්ගලයන්ට අභ්‍යන්තර පරීක්ෂණයකින් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්න කියන කාරණාව. එතකොට අභ්‍යන්තර පරීක්ෂණයකින් ඉදිරි ක්‍රියාමාර්ග ගන්න කියන ප්‍රකාශය ඇතුළෙම තියෙනවා මේක සම්පූර්ණයෙන්ම අත්තනෝමතික ලෙස යම් පිරිසකගේ වුවමනාවට ක්‍රියා කළා කියන කාරණාව.

ඒ වගේම තමයි ඔවුන් පැහැදිලිවම කියනවා මේ රේගු අධිකාරීවරයාට කිසිම බලයක් නැහැ මෙහෙම මේ බහාලුම් එළියට මුදාහරින්න. මොකද පැහැදිලිවම මේ කමිටු වාර්තාවේ සඳහන් වෙනවා බහාලුම් වර්ගීකරණයක් කරනවා, රතු, කහ සහ කොළ. එතකොට මේ රතු බහාලුම් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම භෞතිකව ස්කෑන් තාක්ෂණය හෝ ඒ.අයි. තාක්ෂණය පාවිච්චි කරලා අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු බහාලුම්. කහ බහාලුම් කියන්නේ යම් තත්ත්වයකට යටත්ව පරීක්ෂණය කළ යුතුයි. කොළ ලේඛන කටයුතු විතරක් පරීක්ෂා කරලා මුදාහරින්න පුළුවන් ඒවා. එතකොට කොළ සහ කහ බහාලුම් පරීක්ෂා කරද්දී, රතු බහාලුම් කිසිම පරීක්ෂණයකින් තොරව සමාජයට මුදාහැරීම, මම හිතන්නේ, වර්තමාන ආණ්ඩුව බලයට ආවේ මෙවැනි අක්‍රමිකතා, දූෂණ, වංචා නවත්වනවයි කියලා. එතකොට එහෙම බලයට ආපු ආණ්ඩුවක් යටතේත් මෙවැනි දේවල් වෙනවා නම්, ජනතාවට මේ ආණ්ඩුව කෙරෙහි තියෙන විශ්වාසය බිඳවැටෙනවා. ඒ නිසා වර්තමාන ජනාධිපතිවරයාට සහ මේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා, දැන් ඔබතුමා විසින්ම පත්කරන ලද කොමිෂන් වාර්තාවට අදාළව මේවට හවුල්වෙච්ච නිලධාරීන් කවුද? මේවට හවුල් වෙච්ච ව්‍යාපාරිකයන් කවුද? මේවායෙන් ප්‍රතිලාභ ලැබුවේ කවුද? මේ බහාලුම්වල තිබුණේ මොනවාද කියන එක ගැන රටට හෙළි කරන්න මුලින්ම.

දැන් මේ වාර්තාවට යටත්ව විධිමත් පරීක්ෂණයක් කරලා පළමුවැනි එක එවැනි ක්‍රියාවක් නැවත සිද්ධ නොවෙන්න අවශ්‍ය තීන්දු තීරණ ටික ඉක්මනට ගන්න අවශ්‍යයි. මොකද මේ කමිටු වාර්තාවේ පැහැදිලිවම තියෙනවා බහාලුම් නිදහස් කරන්න තියෙන කමිටුවේ නීත්‍යනුකූලභාවය ගැන ප්‍රශ්න තියෙනවා. මොකද මේ භාණ්ඩ නිදහස් කරන දවසෙත් ඔවුන් පැහැදිලිවම කියනවා මේ කමිටුවේ තුන්දෙනෙක් ඉන්නවා නම් එක්කෙනයි ඉඳලා තියෙන්නේ. ඒ පුද්ගලයාටත් බලය තියෙනවද කියලා ඔවුන් ප්‍රශ්න කරනවා මේ බහාලුම් නිදහස් කරන්න. එතකොට එවැනි අක්‍රමිකතා, අඩුපාඩු වෙනවා නම් මේ ආණ්ඩුව යටතේත්, ඒවා නොවෙන්න පළවෙනියටම වගබලා ගන්න අවශ්‍යයි.
දෙවැනි කාරණාව තමයි දැන් මේ නිදහස් කරපු 323ක් වන මේ බහාලුම්වල මොනවද තිබුණේ? කාටද මේවා නිදහස් කළේ? කවුද මේක පිටිපස්සේ ඉන්නේ? කොහොමද එහෙම කමිටුවකින් මේවා නිදහස් වෙන්න බලය ලැබුණේ? මේක පිටිපස්සේ දේශපාලන හස්තයක් තියෙනවද? එහෙම නැත්නම් ආණ්ඩුවට උදව් කරන යම් ව්‍යාපාරිකයන් පිරිසක් ඉන්නවද මේක පිටිපස්සේ? මේක පිටිපස්සේ කවුද ඉන්නේ කියන එක ගැන වහාම රටට හෙළි කරලා මේවා නැවත නොවෙන්න වගබලා ගන්න අවශ්‍යයි. එහෙම නොවුණොත් අර පරණ දූෂිත ආණ්ඩුවලට තිබ්බ ජනතාවගේ ප්‍රසාදය නැතිවීම සහ විශ්වාසය කඩවීම මේ ආණ්ඩුවටත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ සම්බන්ධයෙන් දැන් කමිටු වාර්තාව ඇවිල්ලා තියෙනවා. ඒක මත පදනම් වෙලා නිවැරදි තීන්දු ගන්න කියන ඒ ආරාධනාව අපි කරන්න කැමතියි.

ඒත් එක්කම අපි දකිනවා දැන් මේ වෙනකොට අපේ රටේ ඉන්ධන මිල නැවත වටයකින් වැඩි වෙලා තියෙනවා. අපි දන්නවා මේ ආණ්ඩුව කියපු ආකාරයට ඔවුන් ප්‍රධාන වශයෙන්ම කිව්වේ අපි ආවම රටේ තියෙන වංචා දූෂණ නවත්වනවා, ඉන්ධනවලින් හම්බකරන මිනිස්සු ටික, මේකෙන් ගසාකන මිනිස්සු ටික, ඒ සියල්ල නවත්වලා, කොමිස් නවත්වලා මේක වෙනස් කරනවා කියන කාරණාව. දැන් අලුත් ආණ්ඩුවක් ඇවිල්ලා ඉන්නවා. එතකොට අපිට දැනෙන්න තියෙන්නේ දැන් මේකෙන් කොමිස් ගන්න කවුරුත් නැහැ, මේකෙන් මුදල් හම්බ කරන්න කවුරුත් නැහැ කියන එක. හැබැයි දැන් ඉන්ධන මිල නැවත වටයකින් වැඩිවෙලා තියෙනවා. අපි දන්නවා ගෝලීය තත්ත්වයත් මේකට බලපානවා. මේ සියල්ල ඇතුළේ අපි විශ්වාස කරන ප්‍රධාන කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ රටේ අපේ බලශක්තියේ ස්වාධිපත්තිය අපි සතු නොවීම. මේ වර්තමාන ආණ්ඩුව වුණත් තාම මේ පැරණි ක්‍රමවේදය, එහෙම නැත්නම් මේ පරණ ආණ්ඩු ලංකාවට තෙල් ගෙන්නපු ආකාරයට, ඒ ගිවිසුම් ඇතුළේ ඉඳන්ම තමයි තාම ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම තමයි අපිට සැකයක් තියෙනවා මේ අයි.එම්.එෆ්. එකට අවශ්‍ය වැඩපිළිවෙළ මේ රටේ ක්‍රියාත්මක කරනකොට මේ තෙල් සූත්‍රවලින් අපිට එළියට එන්න බැරිද? දැන් මේ ආණ්ඩුවට ජනතාව බලය දුන්නේ මේක වෙනස් කරන්න. ඔවුන් පැහැදිලිවම බලය ගන්න කලින් කිව්වා අපි ඇවිල්ලා මේ වරායට ගොඩබාන මුදලටම ජනතාවටත් අපි දෙනවා කියලා. කාටවත් මේකේ කොමිස් තියාගන්න දෙන්නේ නැහැ. මේ අක්‍රමිකතා, දූෂණ, වංචා සියල්ල නවත්වනවා. ඒවා සියල්ල නවත්වලා, මේ අධික බදු බර අයින් කරලා ඉතාම සහන මිලකට ජනතාවට තෙල් දෙනවා කියන එක. අපි දන්නවා යම් ප්‍රමාණයකට තෙල් අඩු වෙලා තියෙනවා. හැබැයි දැන් නැවත මේ තෙල් මිල වැඩිවෙලා තියෙනවා. එහෙනම් මොකක්ද ඇත්තටම තියෙන ප්‍රශ්නේ?

මේ අයි.එම්.එෆ්. එකෙන් එක පැත්තකින් අපි හිරවෙලා ඉන්නවා. මේ නව ලිබරල් ධනවාදී කඩාවැටෙන ආර්ථික මොඩල් එක ඇතුළේ තාම අපි ඉන්නවා. ඒක ඇතුළේ මේ ආණ්ඩුවටත් සිද්ධ වෙලා තියෙනවා අර කලින් ආණ්ඩු කළා වගේ ජනතාව පීඩාවට පත්කරමින් තෙල් මිල වැඩිකරන්න. එහෙනම් දැන් මේකෙන් අපි එළියට එන්න ඕනේ. ඉතින් අපි කලිනුත් මතු කරපු කාරණාවක්. ඉන්දියාවට පුළුවන් නම් රුසියාවෙන් තෙල් ටික අඩුවට අරගෙන ඒක අපේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවලම ඒගොල්ලෝ ගබඩා කරලා අපිටම වැඩි මිලට විකුණනවා.

අලුතෙන් පත්වෙච්ච මේ ආණ්ඩුව ලෝකේ තියෙන අලුත් ප්‍රවණතාවන් එක්ක ඉතාම අඩු මුදලකට තෙල් ගන්න එහෙම උපායමාර්ගික සැලසුමක් නිර්මාණය කරලා තියෙනවද? එහෙම උපායමාර්ගික සැලසුමක් නැහැ. ඒක ඇතුළේ තමයි මේ තෙල් මිල ඉතාම ඉහළ අගයකින් නැවත වැඩි වෙමින් වැඩි වෙමින් යන්නේ.

අපි දන්නවා, දැන් 92 ඔක්ටේන් රුපියල් 12කින් වැඩිවෙලා තියෙනවා. ඔටෝ ඩීසල්, වැඩිවෙලා තියෙනවා 15කින්. භූමිතෙල් නැවත රුපියල් 7කින් වැඩිවෙලා තියෙනවා. හැබැයි සුපර් ඩීසල් සහ ඉහළ පන්තියට අවශ්‍ය තෙල් ටික වැඩිවෙලා නැහැ. මේ සාමාන්‍ය ජනතාවට බලපාන, සාමාන්‍ය ජනතාවගේ ජීවිතයත් එක්ක ගැටගැහිච්ච, සාමාන්‍ය ප්‍රවාහනය නඩත්තු කරන්න තියෙන තෙල් ටික තමයි වැඩිවෙලා තියෙන්නේ. ඉතින් ඒක ජනතාවාදී ආණ්ඩුවකට කොච්චර උචිතද කියන කාරණාව, ගැළපෙනවද කියන කාරණාව සහ ඔබ විසින් ඉතිහාසයේ කියපු කාරණා මත පදනම්ව වර්තමානයේ ඔබ කරන ක්‍රියාදාමය තුළ මේ ජනතාවාදී ආණ්ඩුවක්ද කියන එක නැවත ජනතාව ප්‍රශ්න කරමින් තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා, දෙවන පරපුරේ දේශපාලන ව්‍යාපාරය හැටියට, රනිල් වික්‍රමසිංහලා, රාජපක්ෂලා ගෙනිච්ච වැරදි ආර්ථික මොඩ්ල් එකේ ඇතුළේ ඉඳගෙන ඔබ උත්සාහ කරන්නේ ඒක රෙපෙයාර් කරලා ජනතාවට සහන දෙන්න නම් ඒක මේ ජනතාව විසින් නිර්මාණය කරපු ආණ්ඩුවත් විනාශ කරන වැඩක් කියන එක මතක් කරන්න කැමැතියි. ඒ නිසා ජනතාවට සැබෑ ලෙස සහන ලබාදෙන්න, ඔබ එදා පොරොන්දු වෙච්ච ආකාරයට ඒ වෙනස්කම් කරන්න කියන ඉල්ලීම අපි කරන්න කැමැතියි.
ඒ වගේම තමයි මේ ආණ්ඩුවේ ප්‍රධානම සටන් පාඨය වුණේ වංචාව දූෂණය නැවැත්වීම. ඒ වංචා දූෂණ නවත්වනවා වගේම පෙර වංචා දූෂණ කරපු, මේ රටට හානි කරපු, මේ රටේ මුදල් නාස්ති කරපු අයට දඬුවම් කරනවා කියන එක. අපි දකිනවා ඒක යම් ප්‍රමාණයකින් ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා, දේශපාලකයෝ විතරක් නෙවෙයි, මේකත් එක්ක ගැටගැහිච්ච රාජ්‍ය නිලධාරී පන්තියක් ඉන්නවා. ඒකත් එක්ක ගැටගැහිච්ච තව සමාජ කණ්ඩායම් ඉන්නවා. ඉතින් මේ සියලු දෙනාටම එක ලෙස දඬුවම් කිරීම කළ යුතුයි කියන කාරණාව. ඉතින් අපි දෙවන පරපුර හැටියට ඉතාම මධ්‍යස්ථව මේ වංචා දූෂණ කරපු අයට දඬුවම් දීම සහ මේවා පොඩි පොඩි අයට විතරක් නෙවෙයි, මේ මහා වංචා දූෂණ පිටිපස්සේ ඉන්න මහා තෝරු මෝරුත් අල්ලගන්න අවශ්‍යයි. ඒ අයටත් දඬුවම් දෙන්න අවශ්‍යයි. ඒක තමයි ජනතාවගේ බලාපොරොත්තුව. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා මේක ඉදිරියට ක්‍රියාත්මක වෙයි කියන කාරණාව. ඒ වංචා දූෂණවලට සම්බන්ධ වෙච්ච අයට දඬුවම් ලැබීම වගේම මේ රටේ නැවත වංචා දූෂණ කරන්න බැරි වෙන්න ඒ ඉඩකඩ අහුරන නීතිරීති, අණපනත් ටික හදන්නත් අවශ්‍ය වෙනවා.

ඒ නීති රීති අණපනත් හදන ගමන්ම සමාජය පරිවර්තනයකට ලක්කරන්න අවශ්‍ය වෙනවා. මේ තියෙන වැරදි ආර්ථික මොඩ්ල් එකෙන් අපි එළියට එන්න. මේක නැවත නැවතත් අපි කියන කාරණාවක්. මේ වංචා දූෂණ සහ මේ අක්‍රමිකතා සියල්ල ගැටගැහෙන්නේ මේ පවතින වැරදි ආර්ථික රටාව ඇතුළේ. ඒක දේශපාලකයාගේ ඉඳන් සමස්ත සමාජය දක්වාම ඔඩුදුවලා තියෙන්නේ. එහෙනම් මේක වෙනස් කරන්න අවශ්‍යයි. ඒ වංචා දූෂණවලට සම්බන්ධ අයට දඬුවම් දෙන්න ඕනේ. ඒක ජනතාවට ඔබ වෙච්ච පොරොන්දුවක්. ඒක ජනතාවගේ බලාපොරොත්තුවක්. ඒ වගේම තමයි වංචා දූෂණ කරන්න බැරිවෙන සමාජයක් හදන එක සහ මිනිසුන් මේ වංචා දූෂණ ආර්ථික මොඩ්ල් එකෙන් එළියට අරගෙන වඩාත් යහපත් සමාජ ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතුව තියෙනවා. ඒ වෙනුවෙන් ඔබ ගන්නා ක්‍රියාමාර්ග මොනවාද කියන එකත් අපි දැනගන්න කැමැත්තෙන් ඉන්නවා.

සැකසුම – චානක ලියනගේ

SendShareShare
Previous Post

කුරුණෑගල කෝටිපතියා ඝාතන රහස හෙළිවෙයි! ගේම දීලා තියෙන්නේ ළඟම හිටපු කෙනෙක්! Sri Lanka Latest News

Next Post

එමවිට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි! Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.