• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දිවි නසා ගත් සිසුවියක් පාදුක්කේ පාසලක හොල්මන් කරන කතාවකින් පාසලම කැළඹෙයි! ගුරුවරියක් දැකලා ගෙදර තොවිල් කරලා! ළමයිනුත් දැකලා කෑ ගහලා! විදුහල්පතිත් මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News

August 6, 2023
in Exclusive
Reading Time: 12 mins read
A A
දිවි නසා ගත් සිසුවියක් පාදුක්කේ පාසලක හොල්මන් කරන කතාවකින් පාසලම කැළඹෙයි! ගුරුවරියක් දැකලා ගෙදර තොවිල් කරලා! ළමයිනුත් දැකලා කෑ ගහලා! විදුහල්පතිත් මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාදුක්ක කිව්වහම මතකයට එන්නේ මොනවාද?

පාදුක්ක ඒ සන්දියේ හිටං ප්‍රසිද්ධ වුණේ පෘථිවි චන්ද්‍රිකා මධ්‍යස්ථානය නිසාය. ඒ පසුගිය සතියේ පාදුක්ක තියෙන්නේ කොහේදැයි බොහෝ දෙනා විමසිලිමත් වුයේ ඒ නිසා නොවේ. ඒ අන්කිසිවක් නිසා නොව පාදුක්කේ පාසලක මියගිය සිසුවියකගේ ආත්මයක් සැරිසරන බවට පැතිරෙන්නට වූ ප්‍රවෘත්තියක් සමඟය.Sri Lanka Latest News

පසුගියදා අප පාදුක්ක ප්‍රදේශය පීරා සැරිසැරුවේ මේ ගැන සෙවීමටය. පාදුක්කට ටිකක් මෙහායින් පාර අයිනේ වූ තේ කඩයකට ගොඩවී මාත්, ඡායාරූප ශිල්පියාත් ප්ලේන්ටියක් තොල ගාමින් සිටියෙමු. බලන තෙක් මානයේ වූයේ සරුසාර වෙල් යායවල්ය. උදැල්ලක් අතින් ගත් ගොවියකු තේ කඩයට ආ විට මේ පාදුක්කේ සැරිසරන මේ ආත්මය ගැන විමසා සිටියෙමු.

“අපෝ මහත්තයෝ කතා කරන්න එපා ඔය භූතයා අක්කරයකට රුපියල් විසිපන්දාහක් ගන්නවා. ඩීසල් වැඩිවෙන්න ඉස්සෙල්ලා අක්කරේකටම ගත්තේ විසිදාහටත් අඩුවෙන්”

ගොවි මහත්තයාගේ සල්ලි අය කරන භූතයා ගැන අසා අපි අන්දුන් කුන්දුන් වූයෙමු. ගොවියා කියා ඇති භූතයා අප සිතා සිටින පාදුක්කේ පාසලක සැරිසරන භූතයා නොවේ. ඔහු භූතයා යනුවෙන් හඳුන්වා ඇත්තේ ගොයම් කපන දැවැන්ත යන්ත්‍රයයි. පාදුක්ක පැත්තේ මේ යන්ත්‍රයට ‘භූතයා’ යයි අමතනු ඇසුවේ මුල් වරටය. බොහෝ ප්‍රදේශවල මේ යන්ත්‍රය හඳුන්වන්නේ ‘සුනාමි’ ලෙසය.

තේ පානයෙන් පසු අපේ ගමන නැවත ආරම්භ වූයේ පාදුක්ක වෙතය. ඔය කියන භූතාත්මයක් ඇති බවට කියන පාසල අසල ටිකක් රස්තියාදු වූයේ ඉහ – නිකට පැහැණු හාදයකු එන විටය.

අපේ අරමුණ සාර්ථක විය. ජාතික ඇඳුම ඇඳගෙන සිටි වියපත් පුද්ගලයකු ඔය කියන පාසලේ භූමිය ගැන ඉතිහාසය අපට කිව්වේ ඇහි බැමි ඉහළට නංවමිනි.

“මේ ඉස්කෝලේ පටන් ගත්ත කාලෙකට ඉස්සෙල්ල ඔය ඉඩම පාවිච්චි කරල තිබ්බේ මිනී වළලන්න. ඒ කියන්නේ ඕක කනත්තක් එහෙම ‍ෙනමෙයි. මං කියන්නේ ඔය වසූරිය වගේ ලෙඩක් පැතිරිලා ගිය කාලෙක මැරෙන ලෙඩ්ඩු වළලන්න ඔය ඉඩම පාවිච්චි කළා. මේ හරිය ඒ කාලේ පාළු මණ්ඩියක්. මිනී වැළලුවා කියල මොන හොල්මනක්වත් තිබ්බේ නැහැ. ඔය ඉස්කෝලේ පටන් ගත්තේ සෑහෙන කාලෙකට පස්සේ ඒත් ඉස්කෝලේ පටන් ගන්න කොට මහා සෙත් පිරිතක් කියලා ඒ මළගිය අයට පින් දුන්නා. බහිරව පූජාවකුත් තිබ්බා. එදා මෙදා තුර ඒ මිහිදන් කරපු උදවියගෙන් නම් කිසිම කරදරයක් වෙලා නැහැ.”

අප සමඟ කතා කළ වියපත් පුද්ගලයා කිව්වේ මෙම පාසල පටන් ගැනීමට පෙර එවකට මෙරට සිටි ගුරුකම්වලට නම් දරා සිටි හිමි නමක් හා කපුමහතකු මෙම භූමියට ආරක්ෂාවක් කළ බවය.

ඒ කාලේ සියනෑ කෝරළේ බලගතු ගුප්ත විද්‍යා මන්ත්‍ර ගුරුකම්වලට ප්‍රකට හාමුදුරුනමක් හිටියා. ඒ ලුනුගම පන්සලේ නායක හාමුදුරුවෝ. හාමුදුරුවන්ගේ සහායට ආවේ මාවිට ජෝසප් කපු මහත්තයා. එදා මෙදා තුර කිසිම භූතාත්මයක් ඔය ඉස්කෝලෙට කරදරයක් නොකළේ ඔය ගුරුකම්වල බලෙන් තමයි.”

මේ භූතාත්මය සැරිසරනවායි කියූ පාසලට ඇතුළු විය යුත්තේ ප්‍රධාන මාර්ගයට සමගාමීව කඳු මුදුනක් හරහා ඇති මාර්ගයකිනි.

අපට මුලින්ම සොයා ගැනීමට අවශ්‍ය වූයේ මේ ‘භූතාත්ම කතාව’ ආරම්භ වූයේ කවර කාලයකදැයි දැන ගැනීමටය. පාසලේ ගේට්ටුව ඉන් පසු වසා තැබුණු අතර ආරක්ෂක නිලධාරියා එන තුරු අපට රැක සිටින්නට විය. ඒ අසල ත්‍රිරෝද රථයක් නවත්වාගෙන සිටි රියදුරකු සමඟ කතාවට වැටුණේ නිකමට මෙනි.

කොරෝනා කාලෙත් ඕවගේ කතාවක් ගියා. වේරගල පැත්තේ ඉඳන් ආපු ත්‍රිවීල් එකකට අරුක්වත්තේදී නෙට් බෝල් එකක් අතින් ගත්ත ගෑනු ළමයෙක් නැඟල තිබ්බා. ත්‍රිවිල් එක මෙතැන නැවැත්තුවාම ගේට්ටුවෙන් ඇතුළට ගිහින් තියෙනවා. අන්කල් සල්ලි අරන් එන්නම් කියලා. පැය ගාණක් බලන් ඉඳලා ත්‍රිවිල් එක ගියා. පහුවෙනිදා උදේට ඇවිල්ල ත්‍රිවිල් එකේ ඩ්‍රැයිවර් ඒ ළමයව හොයල තිබෙනවා. මොකක් හරි අනතුරක්වත් වෙලා ද කියලා. ගෑනු ළමයගේ හැඩරුව කිව්වාම කාටත් තේරුම් ගියා ඔය අර ගැහැනු ළමයා කියලා. අන්තිමට ඒ ත්‍රිවිල් ඩ්‍රැයිවර් එදායින් පස්සේ මේ පැත්ත පළාතේ ආවේ නැහැ. ඒත් ඕවා ප්‍රසිද්ධ වුණේ නෑ!”.

දැන් මේ පාසල් සැරිසරනවා යැයි කියන භූතාත්මය ගැන ඇති කතාව පුදුම සහගත එකකි. බොහෝ දෙනා කියන්නේ මේ පාසලේ සැරිසරන්නේ කොරෝනා සමයේ මරණයට පත් ශිෂ්‍යාවක් බවය. ඈ විදුහලේ දක්ෂතම ක්‍රිඩිකාවක වූවාය. ඇතැමුන් කියන්නේ ඇයගේ මරණයට හේතුව ඇයට නෙට්බෝල් කණ්ඩායමේ නායකත්වය සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් බවය.

මේ ආත්මය කරළියට එන්නේ වත්මන් නෙට්බෝල් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ගත් සමූහ ඡායාරූපයක මෙම ආත්මය සටහන් වීමක් ගැන කළ කතාබහක් සමඟයි. ඊළඟට මේ ආත්මය ආයෙත් කරළියට එන්නේ ගුරුවරියක් බියපත්ව කෑගැසීමත් සමඟය.

මේ ආත්මයේ ඇති විශේෂත්වය එය විදුහලේ එක් නෙට්බෝල් ක්‍රීඩා කණ්ඩායමක් සමඟ පමණක් ගමන් කිරීමය. පාසලේ සිට නෙට්බෝල් ක්‍රීඩා පිටියට ගිය විට ක්‍රීඩිකාවන් ගණන් කිරීම සාමාන්‍ය කටයුත්තකි. පුදුම එලවන සුළු කරුණ වී ඇත්තේ ක්‍රීඩා පිටියේ සිටින ක්‍රීඩිකාවන් ගණනට වඩා තවත් එක් අයකු ගණනය වීමය. මවුපියන් පවසන්නේ තමන්ගේ දරුවන් මේ ගැන පැවසුව ද එය අදහාගත නොහැකි කරුණක් වී ඇති බවය.

මෙහි වඩාත් සංවේදී කරුණ වන්නේ මෙම නෙට්බෝල් කණ්ඩායම භාර ගුරුවරිය මෙම භූතාත්මය දැක බියපත්ව කෑගැසූ අවස්ථාවල එම නෙට්බෝල් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ද බියපත්ව කෑගැසීමය.

අන්තිමට සිදුවී ඇත්තේ මෙම ආත්මය ඉවත් කිරීම අදාළ ගුරුවරියගේ නිවෙසේ තොවිලයක් පැවැත්වීමය. ගුරුවරිය සිතා සිට ඇත්තේ මියගිය ක්‍රීඩිකාව අදෘශ්‍යමාන ආත්මයකට පත්ව තමන් පසුපස හඹා එන බවය. ගුරුවරිය අවසානයේ මේ ගැන දක්ෂ යකැදුරකු තම නිවෙසට කැඳවා මේ ආත්මය ගැන විපරම් කරන්නට වූවාය.

යකැදුරා මුලින්ම කොට ඇත්තේ මේ ආත්මය අධි මානසිකත්වයකින් යුතු කාන්තාවකට බන්දනය කිරීමය. ඉන් පසු ඇගේ හැසිරිලි හා කතාබහ තුළින් මේ ආත්මය මිය ගිය ශිෂ්‍යාවක් බව යකැදුරා සැකහැර දැනගෙන ඇත. ඉන්පසු යකැදුරා ගුරුවරියගේ ඥාතියකු උසස් ආත්මයක සිට අංජනමක මාර්ගයෙන් මල් යහනට කැඳවා ඇත. ඉන් පසු ආත්මය ගෙනගොස් ඇත්තේ පාදුක්ක අරුක්වත්තේ කනත්තටය. මේ කියන නෙට්බෝල් ශිෂ්‍යාව මිහිදන් කොට ඇත්තේ එම කනත්තේය. යකැදුරාගේ අවසන් කටයුත්ත වී ඇත්තේ එම ආත්මය එම මිහිදන් කළ සොහොනට බැඳ තැබීමය. නැවත නිවෙසට පැමිණි යකැදුරු ඇතුළු පිරිස අංජනමෙන් බලා දේවතාවුන් වහන්සේ නමක් කැඳවා මෙකී ආත්මය සොහොනේ බන්දනය ඵල දරා ඇති බව තහවුරු කොට ඇත.

ඒත් මේ මොන තොවිල් නැටුවත් මේ පාසලේ ආත්මය තවමත් සැරිසරන බව බොහෝ දෙනාගේ මතයයි. පාදුක්කේ මේ ආත්මය සැරිසරන බව කියන පාසල අසල ගැවසුණ අපට ප්‍රධාන ප්‍රශ්නයක් වූයේ මේ ආත්මයක් ලෙස සැරිසරනවා යැයි කියන නෙට්බෝල් කණ්ඩායම් සිසුවිය මරණයට පත් වූයේ කෙසේද යන පැනයත් කැමරාවට එම ආත්මය හසු වූයේ එක් වරක් පමණක් බවය. මෙම පාසල අසල අලුතින්ම ගොඩනඟා තිබූ නිවෙසක් අසල සිටි තරුණ පහේ මේසන් බාස්වරයකු අප සමඟ සුහද වූයේ අප ආ කාරණය දැනගත් පසුවය.

“ඔය මැරිච්ච ළමයා හරිම සිරියාවන්ත පාටයි. අපි මේ ගේ හදන්න පටන් ගත්ත කාලේ ඒ ළමයා ඉස්කෝලේ ආවා. අපි හදන ගෙයි ඉඳල බැලුවම පේනවා ඉස්කෝලේ ගේට්ටුව. දවසක් රෑ අපිත් එක්ක හිටපු පිරිමි ළමයෙක් දැකල තිබෙනවා මේ ළමයෙක් ගේට්ටුව ළඟ ඉන්නවා. ඒ කොල්ලා මේ කෙල්ලට පුදුම විදියට කැමතියි. කෙල්ල ගේට්ටුව ළඟ ඉන්නවා ගත්ත ෆෝන් එකෙන් ෆොටෝ එකේ එක පාරටම මේ ළමයාගේ රූපය ඡායාවක් වෙලා පොල්ගහක් විතර උස්වෙලා ආයිමත් මිටි වෙලා තිබෙනවා. කොල්ලට මේක අදහගන්නත් බැරුව අපිවත් ඇහැරවලා ගෙනත් ඉස්කෝලේ ගේට්ටුව පෙන්නුවා. අපි බලන කොට එතන කවුරුවත් හිටියේ නෑ.

මේ කොල්ල පහුවෙනිදා උදේම පාදුක්ක ටවුමට ගියා ඒ ළමයගේ පින්තූරයක් ගන්න. ඒත් ෆෝන් එකේ බැලුවම ළමයා නෑ ඩිස්ප්ලේ එකත් ගිහින්, එදා උදේ තමයි ආරංචි වුණේ කලින් දවසේ හවස මේ ළමයා එල්ලිලා මැරිලා කියලා. හැමෝම කිව්වේ මේකට හේතුව ලව් කේස් එකක් කියලා.”

විවිධ අය මේ මිය ගිය සිසුවිය ගැන විවිධ කතා කියද්දී අවසානයේ මේ සිසුවියගේ නිවෙස සොයා අරුක්වත්ත උතුරට යන්නට තීරණය කළෙමු. අප පැමිණි කාරණය කියූ විට මෙම සිසුවියගේ මව සහ පියා අප ආදරයෙන් පිළිගෙන අප සමඟ කතා කළේ හැඬූ කඳුළෙනි.

“අනේ දුව නැතිවෙලා ලබන මාසේ පහළොවට අවුරුදු දෙකයි. දුව හොල්මන් කරනවා තියා අද වෙනකම් හීනෙන්වත් දැකලා නෑ.”

මේ පාසල් සිසුවියගේ මව කියන්නේ දියණියගේ නම ෂෙහානි ඉමේෂිකා බවය. ඇය උපන්නේ 1996 මැයි 17 වැනිදාය. නෙට්බෝල් ක්‍රීඩාවට උපන් හපන් ඈ ජයග්‍රහණය කළ නෙට්බෝල් තරගවලට ලැබුණ සහතිකපත්‍ර, කුසලානවලින් ඇගේ කාමරය පිරී තිබුණි. ෂෙහානිට අක්කලා දෙදෙනකු සිටින අතර ජනනි හේමමාලා සහ කෞෂල්‍යා ලක්ෂාණි ඒ දෙදෙනාය. අම්මා සුගන්ධිකා මැණිකේ වන අතර තාත්තා කිව්වේ තමන්ගේ නම පී.බී. ඔබේසේකර බවය.

“දුව පිරිත් අහන්න ආසයි. මැරෙන්න කලින් දවසේ ඉස්කෝලේ පිරිතක් එළිවෙනකම් කිව්වා. එළිවෙනකම් පිරිත් ඇහුවා. අක්කලා දෙන්න ගියෙත් ඔය ඉස්කෝලෙටම තමයි.

මේ මියගිය දැරියගේ මව කියන්නේ දිවි නසාගත් දිනයේ ඇගේ කිසිදු විශේෂත්වයක් නොවූ බවය.

“එදා එයා කන්න ආස නිසා ගෙදර බිත්තර බැද්දා, අක්කගේ දුවට එතකොට අවුරුදු එකහමාරයි. දුව හිටපු කාමරේ පොඩි බබා අදින නිසා එයා කාමරේ වහගෙන තමයි නිදා ගත්තේ. අක්කගේ දුව හුරතල් කරලා දවල්ට කන්නෙත් නැතුව නාලා දොර වහගෙන කාමරේ නිදා ගත්තා. නැගිටින්නෙම නැති නිසා හවස තුනට විතර මහත්තයා දොරට තට්ටු කරල කිව්වා කන්න ඉන්නේ ඔයා විතරයි කාලා ඉන්න කියලා.”

ෂෙහානි කොතරම් දොරට තට්ටු කළත් දොර අරින්නේ නැති බැවින් තාත්තා කළේ මිදුල පැත්තෙන් කාමරේ ජනේලයට එබිකම් කිරීමය. එහිදී පියාට දැකගත හැකි වූයේ තම දියණිය දිවි නසාගෙන ඇති බවය. වහාම දොර කඩා ඇයව රෝහලට ගෙන යන විටත් ඇය මිය ගොස් සිටියාය.

“සමහරු කියනවා නෙට්බෝල් ටීම් එකේ කැප්ටන්කම දුන්නැති නිසා කියලා, තව සමහරු කියනවා ප්‍රේම සම්බන්ධතාවක් නිසා කියලා. ඔය මොන ප්‍රශ්නයක්වත් මගේ පොඩි කෙල්ලට තිබුණේ නෑ. මේ මරණය අදටත් අබිරහසක්.”

ෂෙහානිගේ මවුපියන් කියන්නේ තම දියණිය ගැන කියන භූතාත්ම කතාව නිසා තමන් දැඩි පීඩනයකට සහ ආර්ථික වශයෙන් යන එන මං නැති තත්ත්වයකට පත්ව ඇති බවය. මේ නිවෙසේ ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇත්තේ බුලත්විට වෙළඳාමය. මේ භූතාත්ම කතාව නිසා ඔවුන්ගේ ව්‍යාපාරය දැඩි ලෙස බිඳ වැටී ඇත.

“මේක පත්තරවල, ටීවීවල ගිහිල්ල අපිට පාර බැහැලවත් යන්න බෑ. මේ ගෙදර මැරිච්ච ළමයා මොකටද ඉස්කෝලේ ගිහින් හොල්මන් කරන්නේ. ඒත් මේ සීදේවි දුවට කොහොමද ඔහොම ආත්මයක් අත්වන්නේ. අපි මානසිකව පත්වෙලා ඉන්න තත්ත්වෙ දන්නවා නම් ඔය වගේ දේවල් ප්‍රචාරය කරන්නේ නැහැ කියලයි අපි කියන්නේ.

අප අවසානයේ ගියේ ෂෙහානිව මිහිදන් කළ අරුක්වත්ත සුසාන භූමියටය. එහි කපන ලද දෙහි මෙන්ම පෙරේත තටු ද තැනින් තැන පෙනෙන්නට තිබුණු අතර ඒවා නිසොල්මනේ කියන්නේ කෙනෙක් මිය ගිය පසු ඔහුගේ ආත්මය අවතාරයක් එහෙමත් නැත්නම් ආත්මයක් ලෙස රෑට තැන් තැන්වල ගමන් කරන බව කීම ‘මිථ්‍යාවක්’ බව කියන්නාක් මෙනි.


මේ ආත්ම කතාව මුළුමනින්ම බොරුවක්

– විදුහල්පති කියයි

අද උදේ මට ඉස්කොලේ ළමයි 3500 කැඳවලා රැස්වීමක් තියල ඇහුවා මේ ආත්මය දැකපු කෙනෙක් අත උස්සන්න කියලා. එක ළමයෙක් වත් නෑ. ඔය ආත්මයට බයවෙලා කෑගහනවා කියන ගුරුවරිය ‘විශාදය’ කියන මානසික තත්ත්වයට ප්‍රතිකාර ගන්නවා. ප්‍රශ්න පත්‍ර බලන කාලයේ පීඩනයට ඕක වෙනවා. අන්තිමට අනික් ගුරුවරුන්ට ගෙවල්වල ගිහිල්ලත් එයාගේ ප්‍රශ්න පත්‍රත් බලන්න වෙනවා. ඔය සිද්ධිය වෙච්ච දවසේ ගුරුවරිය බේත් අරන් තිබුණේ නෑ. ඔය පුවත්පතේ අපේ ඉස්කෝලේ නෙට්බෝල් කාමරයක් ගැන කියනවා, එහෙම කාමරයක් ඇත්තෙත් නැහැ. ඔය ආත්මය ඉන්න පින්තුරේ ෆොටෝෂොප් ගිහින් හදන්න ඕන කෙනෙක්ට පුළුවන්. මේ සිද්ධියෙන් වුණේ පාසලේ දරුවන්ට අනර්ථයක්. මේ පාසල නෙට්බෝල්වලින් ලබපු ජයග්‍රහණ ගැන වාර්තා නොකර ඇයි මේ වගේ බොරු ප්‍රචාරය කරන්නේ. මේ වගේ බොරු හින්දා ඉස්කෝලේ තොවිල් තියන්න, පිරිත් කියන්න කිසිම අවශ්‍යතාවක් නෑ. ඇයි මේ වගේ දේවල් විදුහල්පතිගෙන් අහන්නැතුව දාන්නේ. දැන් ඔබ තුමා ඇහුවා වගේ මාව හම්බෙලා ඇහුවා නම් මම සත්‍ය තත්ත්වය කියනවා. මේ මිථ්‍යා විශ්වාස සමාජගත කරන්න එපා.

ස්වසනය සහ හෘදය ස්පන්දනය නැවත යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වන ලෙස නතරවීමත් එම නිසා මොළයට රුධිරය සැපයීම විනාඩි 04 කට වඩා වැඩි කාලයක් නතරවීම නිසාත් මොළයේ නියුට්‍රෝන සෛල විනාශවී මොළය හා මධ්‍ය ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය නැවත යථාතත්ත්වයට පත් කළ නොහැකි ලෙස ඇණ හිටීම තමයි මරණයට කියන්නේ.වෛද්‍ය විද්‍යාත්මකව කෙනකුගේ මරණයක් සිදු වන්නේ මෙවැනි ආකාරයටයි. මෙවැනි ආකාරයට කෙනකුගේ මරණයක් සිදු වන විට ඔහුගේ හෝ ඇයගේ සිරුර තුළින් ආත්මයක් පිටවී ගොස් පසුව තැනින් තැන හොල්මන් කරනවා යැයි පැවසීම විද්‍යාත්මක පදනමක් නොමැති හුදු විශ්වාසයක් පමණක් බව මේ අසත්‍ය කටකතා ප්‍රචාරය කරන සියලු දෙනාට වගකීමෙන් දන්වා සිටිනවා.

මං කියන්නේ පුළුවන් නම් මේ වූ තත්ත්වය දැකපු එක්කෙනෙක් ඉදිරිපත් කරන්න. අවිද්‍යාත්මක අන්ධ විශ්වාසයක් පතුරුවන පිරිස් සඳහා තවදුරටත් මුළා නොවන ලෙස මම ඉල්ලා සිටිනවා.


මේ භූතයා අපි දැකලා නැහැ

-කේ.ජේ. පුෂ්පා

අපි ඔය මැරුණ කියන ළමයා ඉස්කෝලේට එනවා දැකලත් තියෙනවා. ඉස්කෝලේ ඉස්සරහා බිස්නස් පටන් අරන් අවුරුදු 20කටත් වැඩියි. අපි නම් ඔහොම භූතාත්මයක් දැකලා නෑ. අපෙනුත් ඔය ගොඩක් අය මේ ගැන අහනවා. ඔය කිව්වට ඕක දැක්කයි කියන කවුරුත් බලන් ගිහාම නැහැ.


මෙහෙම දෙයක් ගැන කිසිදු පැමිණිල්ලක් නැහැ

පාදුක්ක ප්‍රධාන පොලිස්

පරීක්ෂක – කපිල සේනානායක

මේ ගැන විමසලා බොහෝ දෙනෙක් ඇමතුම් දෙනවා. මේ සෙල්ලම් කරන්නේ පාසල් සිසුන් දහස් ගණනකගේ ජීවිත එක්ක. මැරිච්ච කෙනෙක් ගැන මෙම ප්‍රවෘත්තියක් පළවුණාට ඒ පවුලේ උදවිය කොයිතරම් අපහසුතාවකට පත්වෙනවාද මෙහෙම සිද්ධියක් මීට කලින් අපිට වාර්තා වෙලා නෑ. මේ සම්බන්දයෙන් අද වනතුරුත් පාදුක්ක පොලිසියට කිසිම පැමිණිල්ලක් ලැබිලා නැහ. මේ වගේ දේවල් වාර්තා කරන කොට වීට වඩා වගකීමෙන් ජනසන්නිවේදකයන් කටයුතු කළ යුතුයි.

වජිර ලියනගේ -සිළුමිණ

ඡායාරූප – රුක්මාල් ගමගේ

SendShareShare
Previous Post

ජනාධිපති පත් කළේ අපි! නියඟයෙන් පීඩාවට පත්වෙච්ච ජනතාවට මොකද කරන්නේ? වතුර ඉල්ලන ගොවීන්ට මොනවද කරන්නේ? නාමල් ජනාධිපතිගෙනුයි කැබිනට් මණ්ඩලයෙනුයි ප්‍රශ්න කරන්න ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

Next Post

සිසුවෙක්ට දවසට වතුර ලීටර් 20යි! ඊට වැඩිය ගන්නවා නම් ඉස්කෝලෙන් ගෙවන්න! මණ්ඩලය දැනුම් දෙයි! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.