• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හපුතලේ ගංවතුරට ජිප් රථයක් ගසාගෙන යන දර්ශන අපේ රටේ නොවේ! විදෙස් රටක වීඩියෝවක් බව තහවුරු වෙයි! I Sri Lanka Latest News

June 15, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
හපුතලේ ගංවතුරට ජිප් රථයක් ගසාගෙන යන දර්ශන අපේ රටේ නොවේ! විදෙස් රටක වීඩියෝවක් බව තහවුරු වෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාර්ගය හරහා වූ ගංවතුර තත්ත්වය නොසළකා හරිමින් ධාවනය කිරීමට ගිය රියදුරෙකු සැඩ දිය පහරට හසුවී සිය මෝටර් රථය සමගින් ගසා ගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් මෙරට සමාජ මාධ්‍ය පරිශීලකයින් බොහොමයක් අතර හුවමාරු වුයේ හපුතලේ ප්‍රදේශයේ වූ සිදුවීමක් බව හඟවමින්.

එම වීඩියෝවේ නිරවද්‍යතාවය සොයා factcrescendo වෙබ් අඩවිය සිදුකළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

SUV මෝටර් රථයක් ගංවතුර අවස්ථාවක දී ගසා යන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුල ව සංසරණය වුණා. මේ අතර මෙය හපුතලේ වූ සිදුවීමක් ලෙස ද, ඇතමුන් නොමග ගොස් තිබුණා.

WhatsApp ඔස්සේ ද, මෙම වීඩියෝ ව බහුලව සංසරණය වූයේ මෙය හපුතලේ වූ සිදුවීමක් බවට අඟවමිනි.

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව සොයා කටයුතු කිරීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ ප්‍රදේශයේ, වර්ෂාපතය හමුවේ ඇති වූ මෙවැනි හදිසි ගංවතුර තත්වයක් පිළිබඳව ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ ද, යන්න අප පරීක්ෂා කළත්, මෙවැනි වීඩියෝවක් මෙරට ප්‍රධාන මාධ්‍ය ධාරා නාලිකා සිය පුවත් විකාශනයේදී හෝ දක්වා නොතිබුණු බවට අපට ප්‍රත්‍යක්ෂ වුණා.

මේ හේතුවෙන් අප මෙම වීඩියෝවේ ඡායාරූප Reverse Image සෙවුමක් සඳහා යොමු කළා. එහිදී බොහෝ රටවල සමාජ මාධ්‍ය වේදිකාවල මෙම වීඩියෝවේ විවිධ කෝණ ඇතුළත් වීඩියෝ රාශියක් දැක ගන්න ට ලැබේ.

මෙය මධ්‍යම ඇමරිකානු රාජ්‍යයක් වන නිකරගුවා රාජ්‍යයේ සිදුවීමක්!

මෙම වීඩියෝව මධ්‍යම ඇමරිකානු රාජ්‍යයක් වන නිකරගුවාවෙන් වාර්තා වී තිබුනේ මැයි 29 වන දා යි. Veracruz ප්‍රදේශයේ මාර්ගයක ඇති වූ ගංවතුර තත්ත්වය නොසලකා හරිමින් Alberto Uriel Romero Martíne නමැති එම පුද්ගලයෙකු, තවත් මෝටර් රථ මාර්ගයේ නතර කර තිබියදී, ඒවා ද ඉස්සර කරමින් තම Toyota 4×4 SUV මෝටර් රථය ධාවනය කරගෙන, ඒ වනවිටත් වතුරින් යටවී තිබු මාර්ගය හරහා යාමට සුදානම් වූ අවස්ථාවක දී, ජාල ධාරාව වැඩිවී, මෝටර් රථය සැඩ පහරට ගසාගෙන ගිය අවස්ථාවක් මෙම විදියෝවෙන් දැක්වෙනවා. සම්පුර්ණ වීඩියෝව පරික්ෂා කිරීමේ දී අදාළ රියදුරා මෝටර් රථයෙන් ඉවතට පැන තම ජීවිතය බේරා ගැනීමට තැත් කරන අයුරුත් පෙනී ගිය ද, නිකරගුවාවේ මාධ්‍ය වාර්තා කළේ අවසානයේ රියදුරාට සිය ජීවිතය ද අහිමි වූ බවයි.

මෙම වසරේ නිකරගුවාවෙහි ආරම්භ වන ශීත ඝෘතුවේ පළමු වර්ෂාපතනය වූ අවස්ථාවේදී මෙලෙසින් මෙම අවසනාවන්ත සිදුවීම වාර්තා තිබුණා. ඒ බවට පළ වූ විදෙස් මාධ්‍ය වාර්තාවක් මෙතනින්. Archived Link. මේ සිදුවීම සම්බන්ධයෙන් පළ වූ තව ත් වීඩියෝවක් මෙතනින්. Archived Link

ඉන් අනතුරුව අප පරීක්ෂා කළේ, හපුතල ප්‍රදේශයේ මෑතකදී ගංවතුර තත්ත්වයක් ඇති වූවාද නැතහොත් එම ප්‍රදේශයට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේද යන්නයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

හපුතලේ නාය යෑම් අවදානමක් ඇති  ප්‍රදේශයක් බවත්, එනම්, හපුතලේ වසරේ දින 365ම යම් අවදානම් මට්ටමක පවතින බවත් අප කළ විමසීමේදී බදුල්ල දිස්ත්‍රික්කයේ මෙහෙයුම් භාර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) සහකාර අධ්‍යක්ෂක උදය කුමාර මහතා අප කළ විමසීමේදී සඳහන් කළා.

කෙසේවෙතත් මේ දිනවල හපුතලේ ප්‍රදේශයට අඩු වර්ෂාපතනයක් පවතින අතර  දැනට පවතින නිරිතදිග මෝසම් තත්ත්වය කොළඹට සහ දිවයිනේ නිරිතදිග ප්‍රදේශයට විශේෂයෙන් බලපෑම් සිදුකළත්, හපුතලේ ඇතුළු බදුල්ල දිස්ත්‍රික්කයට එතරම් බලපෑමක් සිදු නොවන බැවින්, මෙවැනි ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව අඩු බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

ජූනි මාසය හපුතලේ ප්‍රදේශයේ වියළි ම මාසවලින් එකක් ලෙස සැලකිය හැකිය. ඒ බවට දැක්වෙන වාර්තාවක් මෙතනින්. Archived Link

එමෙන් ම ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් මෑතකදී නිකුත් කරන ලද නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් සහ ගංවතුර අනතුරු ඇඟවීම් නිරීක්ෂණය කිරීමේදී ද බදුල්ල දිස්ත්‍රික්කය එහි සඳහන් කර නොමැති බවත් අපට දැක ගන්නට ලැබුණා.

Conclusion (අවසාන නිගමනය) :

මාර්ගයක් හරහා ඇතිවූ ගංවතුර තත්ත්වයක් නොසළකා හරිමින් සිය රථය ධාවනය කිරීමට ගිය රියදුරෙකු සැඩ දිය පහරට හසුවී සිය මෝටර් රථය සමගින් ගසා ගෙන යන අයුරු දැක්වෙන වීඩියෝව මෙරට හපුතලේ ප්‍රදේශයේ වූ සිදුවීමක් නොව, මධ්‍යම ඇමරිකානු රාජ්‍යයක් වන නිකරගුවාහි වූ සිදුවීමකි. එසේම මේ දිනවල හපුතලේ ප්‍රදේශයට අඩු වර්ෂාපතනයක් පවතින අතර මෙවැනි ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව අඩු බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

srilanka.factcrescendo.com

SendShareShare
Previous Post

රටම හෙල්ලූ හාර ලක්ෂයේ මංකොල්ලය ආයෙත් කියවමු I Sri Lanka Latest News

Next Post

ටික්ටොක් එකෙන් යාළු වෙච්ච පාසල් දැරියගේ නිරුවත් වීඩියෝ අන්තර්ජාලයට මුදාහරින්න තැත් කළ හමුදා සෙබළා අත්අඩංගුවට ! Sri Lanka Latest News

MORE NEWS

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News
Exclusive

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News
Exclusive

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Exclusive

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

Exclusive

පොදු අපේක්ෂකයෝ අතුරුදන් වෙයි! Sri Lanka Latest News

Load More
2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News
Exclusive

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

2014 ඔක්තෝබර් මාසයේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ හමුවීමට ගොස් ඔහුට ලංකාවේ සංචාරයක් සඳහා ආරාධනා කළේය. ඊට පෙර 2013දී...

Read more
ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.