මේ වනවිට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ආසන්නයේ නවත් ඇති දෙවැනි ඉරාන නෞකාවේ සිටින නාවිකයන් අද දහවල් 2 සිට ලංකාවට නාවික හමුදාවට අයත් යාත්‍රා මගින් මෙරටට රැගෙන ඒමට තීරණය කොට ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
පළමු නෞකාවට අමෙරිකානු ප්‍රහාර එල්ල වීමෙන් අනතුරුව මෙම දෙවැනි ඉරාන නැව ඊයේ ලංකා මුහුදු සීමාවට ඇතුල්වීමට මෙරට බලධාරීන්ගෙන් අවසර ඉල්ලා තිබිණ.
නමුත් ඒ සදහා මෙරට බලධාරීන්ගෙන් අවසර හිමිව තිබුණේ නැත.
එවැනි වාතාවණයක් යටතේ ඊයේ රාත්‍රියේ සිට මේ දක්වා නෞකාවේ සිටින නැවියන් මෙරටට ගෙන්වා ගැනීම සදහා බලධාරීන් අතර සාකච්ඡා විශාල ප්‍රමාණයක් පැවැත්වී තිබිණ.
ඒ අනුව මෙම ඉරාන නාවිකයන් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට අද දිනයේදී තීරණය වී ඇත.










