ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව ඉහළ යමින් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. (Sri Lanka Latest News)
එහි අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවේ, මේ වනවිට ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව 36 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
නිවාසවලට අමතරව, පොදු ස්ථාන, රජයේ හා පෞද්ගලික ආයතනවලින්ද මදුරු කීටයන් බෝ වන ස්ථාන හඳුනාගෙන ඇතැයි ඔහු පැවසුවේ ය.
වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 69,008 ක් වාර්තා වී තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ පසුගිය මාසයේ රෝගීන් 4,000ක් වාර්තා වී ඇති බවයි.
මේ මාසයේ ගතවූ දින 3 ඇතුළත රෝගීන් 500 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවී තිබේ.
newsfirst










