• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඒකාධිපතියකුගේ කෙරුවාව සහ පැනයෑම! Sri Lanka Latest News

December 14, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ඒකාධිපතියකුගේ කෙරුවාව සහ පැනයෑම! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වසර 50ක (දශක 5ක්) අතිශය දීර්ඝ කාලයක් පුරා මෙම රටෙහි පැවැති ඒකාධිපති පාලනය පසුගියදා මහා කඳු පර්වතයක් කඩාගෙන වැටෙන්නාක් මෙන්ම හෝරා කිහිපයක් ඇතුළතදී විනාශයට පත්වන ආකාරය දක්නට හැකිවිය. පිය-පුතු රාජ්‍ය පාලකයන් දෙදෙනකු විසින් වසර 50ක පමණ කාලයක් පුරා එක දිගටම රටෙහි පාලනය ගෙන ගියේය. ලෝකයේ අනෙක් රටවල බොහෝ පාර්ශ්ව විසින් මොවුන් හඳුන්වා දුන්නේ ඒකාධිපති, අධිරාජ්‍යවාදී පාලකයන් ලෙසිනි. වෙනත් කිසිදු දේශපාලනික කණ්ඩායමකට එරට පාලනයට අත ගහන්නට මොවුන් ඉඩ ලබාදුන්නේ නැත. මෙම දීර්ඝ කාලය වසර 25ක් පියා විසින්ද, ඉන් පසුව පියාගේ ඇවෑමෙන් තවත් වසර 25ක් පුතා විසින්ද පාලනය කළේය. ඔවුන් මෙසේ කලින් කලට එරට ජනාධිපති ධුරයේ කටයුතු කරන්නට විය. ඔවුන්ගේ පාලනය සැබැවින්ම කුරිරු දඩබ්බර එකක්ද විය. ලෝක ඉතිහාසයට නම්ගම් එකතු කළ මෙම පාලකයන් දෙදෙනාත්, ඔවුන් පාලනය කළ රටත් කුමක්ද?
සැබැවින්ම මෙම කතාව ලෝක ඉතිහාසයට වාර්තාවක්ද එක්කළ පුවතක් විය. මෙම වාර්තාගත දේශය වන්නේ අරාබිකරයට අයත් සිරියාවයි. ලෝකවාසී බොහෝ දෙනකු සිරියාව හඳුනන්නේය. දැන් එසේනම් එරට පාලනය කළ පිය-පුතු යුවල කවරෙක්ද? එම පියා වන්නේ සිරියාවේ 18 වැනි ජනාධිපති ධුරය දැරූ හෆෙස් අල්-අසාඩ් වන අතර, ඔහු 1971 මාර්තු 14 දා සිට 2000 ජුනි 10 දක්වා වසර 29ක් නොකඩවා සිරියාවේ ජනාධිපති ධුරය දැරීය. එනම් ඔහු මියයන තෙක්ම එම තනතුර දැරීය. ඉන් පසුව ඔහුගේ පුත් බෂාර් අල්-අසාඩ් සිරියාවේ ජනාධිපති ධුරයට පත්විය. එනම් ඔහු 2000 ජුලි 17 දා සිට 2024 දෙසැම්බර් 08 දක්වා වසර 24ක් නොකඩවා ජනාධිපති ධුරය දැරීය. මෙලෙස බලන විට පිය-පුතු දෙපළ හරියටම වසර 53ක් සිරියාවේ ජනාධිපති ධුරය දරා ඇත. දැන් එසේනම් අප මොහොතක් නැවතී හැරී බලමු. මෙහි පුතාගේ රාජ්‍ය පාලනය කඩාවැටී ඇත්තේ මෙයට දින කිහිපයකට පෙරදීය. එනම් සිරියාවේ ශෝකාලාපයේ අවසානය මෙසේ සිදුව ඇත. එය කුමක්ද? (Sri Lanka Latest News)

සිරියාවේ සිවිල් යුද්ධයේත්, දේශපාලනික බල අරගලයේත් කතාන්දරය අපට මෙලෙස අසන්නට ලැබුණේ මෙයට දින කිහිපයකට පෙරදීය. සිරියාවේ වත්මන් රාජ්‍ය පාලනයට එරෙහිව එරට කැරැලිකාර කණ්ඩායම් විසින් එරට රාජ්‍ය පාලනය පෙරළා දැමූ ආකාරය අපට පසුගියදා දක්නට හැකිවිය. මුළුමහත් ලෝකයම මහත් ආන්දෝලනයකට පත්කරමින් මෙම වතගොත ජාත්‍යන්තර මාධ්‍ය හරහා අපට ඇසෙන්න විය. එම තතු මේ කියන මොහොත දක්වාම අපට අසන්නට ද ලැබෙයි. සිරියාවේ සිවිල් යුද්ධය යනු 2011 වසරේදී ඇරැඹී වසර 13ක පමණ කාලයක් නොකඩවා පැවැති සන්නද්ධ අරගලයකි. මෙම කාලය තුළදී ජනතා අරගලද, සන්නද්ධ පාර්ශ්වවල කැරැලි ගණනාවක්ද පැවැති අතර, එම යුද්ධයේ යම් අවසානයක් දුටුවේ හරියටම 2024 දෙසැම්බර් මුල් සතියේදීය. මෙම සිවිල් යුද්ධය කොතරම් බියකරු එකක්ද යත් එයින් මියගිය ජනයාගේ ප්‍රමාණය 6,17,910ක් බවට ගණන් බලා ඇත. මෙයින් 3,06,887ක් හරියටම සිවිල් ජනයා වෙති. අනෙක් පිරිස් කැරැලිකරුවන් සහ රාජ්‍ය හමුදා සාමාජිකයන්ය.

දැන් එසේනම් මෙම කුරිරු ම්ලේච්ඡ සිරියානු සිවිල් යුද්ධයේ අලුත්ම කතාවෙන් කියැවුණේ කුමක්ද? පසුගිය 2024 නොවැම්බර් මාසයේ අවසාන සතියේ සිරියානු සිවිල් යුද්ධයේ ප්‍රහාරයන් ඉතා උත්සන්න විය. එනම් රාජ්‍ය විරෝධී කැරැලිකාර පාර්ශ්ව රජයට එරෙහිව ප්‍රහාර දියත් කළ අතර, එයට ප්‍රතිප්‍රහාර ලෙස රාජ්‍ය හමුදා විසින්ද ප්‍රහාරයන් රැසක් එල්ල කරන ලදී. කැරැලිකාර පාර්ශ්ව සිරියාවේ අගනුවර වන ඩමස්කස් අල්ලා ගැනීම සඳහා ආයුධ සන්නද්ධ නගර කීපයකම සිට අගනුවර වෙත පැමිණියේය. එහෙත් ඔවුන් අගනුවර වෙත පැමිණෙන විට සිදුවූයේ අදහාගත නොහැකි දෙයකි. එනම් ඩමස්කස් ආසන්න වන දින තුන හතරක සිටම රාජ්‍ය හමුදාවල ප්‍රහාරයන් ඉතා අවම තත්ත්වයෙන් සිදුවන ආකාරය දක්නට හැකිවිය. කැරැලිකරුවන්ට ප්‍රතිප්‍රහාර එල්ල කරන රාජ්‍ය හමුදා සොල්දාදුවන් දක්නට නොහැකි විය. සමහර හමුදා කඳවුරුවල අවි ආයුධ අත්හැර සොල්දාදුවන් පලාගොස් තිබිණි. කැරැලිකාර පාර්ශ්වවලට ප්‍රතිප්‍රහාර එල්ල නොකරන ලෙසට ඔවුන්ට හමුදා ප්‍රධානීන් උපදෙස් ලබාදී තිබිණි. මෙලෙස දින 12ක් පුරා පැවැති අවසාන සිවිල් යුද්ධයේ අවසාන දින 2 සම්පූර්ණයෙන්ම වෙනස් මුහුණුවරක් ගත්තේය.

මෙම යුද අරගලයේ සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යය උදාවන්නට ගත්තේ මෙතැන් සිටය. එනම් මුළුමහත් ලොවම විස්මයට පත්කරන පුවතක් ආරංචි වන්නට ගත්තේය. සිරියාවේ රාජ්‍ය පාර්ශ්ව විසින් ප්‍රකාශ කර සිටියේය. සිරියාවේ වත්මන් ජනාධිපති බෂාර් අල්-අසාද් රටෙන් පලාගොස් ඇති බවය. ඔහු හඳුනා නොගත් යම් විදේශ රටකට පිටත්ව ගොස් ඇති බව ප්‍රකාශ විය. නොවැම්බර් 27 දින ආරම්භ වී දෙසැම්බර් 08 දා අවසන් වූ සන්නද්ධ අරගලය ඉතා සාමකාමී අයුරින් අවසන් වූ ආකාරය දක්නට හැකි විය. මේ තත්ත්වයට හේතු වූයේ ජනාධිපතිවරයා රටෙන් පලාගොස් තිබීමය. සිරියානු සිවිල් යුද්ධයේ ප්‍රධාන කැරැලිකාර පාර්ශ්වයට නායකත්වය ලබාදී තිබුණේ හයාට් ටරීර් අල්-ෂාම් නමැති කැරැලිකාර නායකයා විසින් වන අතර, එම සන්නද්ධ කණ්ඩායම HTS සංවිධානය ලෙසින් නම්කර තිබෙයි. බෂාර් අල්-අසාද් ජනාධිපතිවරයා සිරියාවෙන් වෙනත් රටකට පලාගිය බැව් HTS සංවිධානයද තහවුරු කළේය. වසර 53ක සිරියාවේ අල්-අසාද් පවුලේ පාලනය බිඳහෙලූ බැව් HTS සංවිධානය නිවේදනය කළේය. ඉදිරියේදී නිදහස් සිරියාවක් උරුම කර දෙන බව HTS සංවිධානය ජනතාවට ප්‍රකාශ කර සිටියේය. මේ අතර සිරියානු ජනතාවද කැරැලිකාර පාර්ශ්වය සමග එකට එක්ව අගනුවර වීථිවලට පිවිසෙමින් ජයග්‍රහණය සමරන ආකාරය දක්නට හැකි විය. දහස් ගණනින් ජනතාව එක්රෝක් වූහ.

තමන්ගේ රටේ ප්‍රධාන පාලකයා වූ ජනාධිපති බෂාර් අල්-අසාද් රටෙන් පලාගිය පුවත දැනගත් රජයේ හමුදා සෙබළුන් දහස් ගණනක් තමන්ගේ ආයුද සහ හමුදා ඇඳුම් කඳවුරුවල දමා සිවිල් ඇඳුමෙන් කඳවුරුවලින් පිටව ගොස් ඇත. කැරැලිකාර පාර්ශ්ව මෙම සෙබළුන් කිසිවකුටවත් හානියක් සිදුකර නැත. රාජ්‍ය පාර්ශ්ව මගින් ප්‍රකාශ වූයේ ජනාධිපතිවරයා තම බලය සාමකාමී අයුරින් කැරැලිකාර පාර්ශ්වය වෙත ලබාදුන් බවයි. කෙසේ වෙතත් සටන්කාමීන් හමුදා කඳුවුරු කිහිපයක්ම තමන්ගේ බලය යටතට ගෙන තිබුණේය. මේ අතර විරුද්ධ පාර්ශ්වවල සටන්කාමීන් සිය ගණනක් අසාද් පාලනය විසින් සිරගත කර තිබුණු අතර, එම සිරකරුවන්ද සටන්කාමීන් විසින් නිදහස් කරගන්නා ලදී. ඇතැම් භූගත සිර මැදිරි තුළ සිරකරුවන් පිරිසක් මියගොස් සිටි ආකාරයද දක්නට හැකිවිය. ලෝකයේ ප්‍රකට මානව හිමිකම් සංවිධාන කිහිපයක්ම මෙවැනි භූගත සිර කඳවුරු හඳුන්වා දී තිබුණේ ‘මානව ඝාතකාගාර’ ලෙසිනි. බෂාර් අල් – අසාද් ජනාධිපතිවරයා දශක ගණනාවක් පුරා ඉතා කුරිරු, ඒකාධිපති පාලනයක් ගෙනගිය නායකයකු ලෙස මෙයින් ඔප්පු වෙයි. වසර 24ක් පුරා පැවැති බෂාර් අල්-අසාද් පාලනය අවසන් කළ බව කැරැලිකාර පාර්ශ්වය එරට ජාතික රූපවාහිනියෙන් නිල වශයෙන් ප්‍රකාශ කර සිටියේය. මේ අතර ජනතාව දහස් ගණනින් රැස්වී අල්-අසාද් පවුල නිරූපණය කරන පිළිම, ප්‍රතිමා සහ විශාල ඡායාරූප, බැනර් ආදිය සියල්ලක්ම විනාශ කර දැම්මේය. මේ අතර කැරැලිකරුවන් සහ ජනතාව ජනාධිපති මන්දිරය වෙත කඩාවැදී එහි ඇති විවිධ උපකරණ හා ගෘහභාණ්ඩ පවා රැගෙන ගොස් ඇත. ජනතාව සංගීත භාණ්ඩ වයමින් නටමින් සතුටු වූහ.

මුළුමහත් ලෝකයම ආන්දෝලනයට පත්කළ මෙම කතාවේ කූටප්‍රාප්තිය උද්ගතව ඇත්තේ මෙතැනදීය. එනම් හොර රහසේ සිරියාවෙන් පලාගිය ජනාධිපති බෂාර් අල්-අසාද්, එසේ පලාගිය රට කුමක්දැයි ප්‍රශ්නයක් විය. ඔහු ඉරානයට, එමිරේට්ස් රාජ්‍යයට හෝ රුසියාවට පලාගියේ යැයි විවිධ මත දින කිහිපයක් පුරා ප්‍රකාශ විය. කෙසේ හෝ එවැනි වටපිටාවකදී රුසියාව නිල වශයෙන් ප්‍රකාශ කර සිටියේ හිටපු සිරියානු ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ගුවන් යානයකින් රුසියාව වෙත පැමිණි බවය. එසේම ඔවුන්ට පවතින තත්ත්වය යටතේ රුසියාවේ රජය විසින් සරණාගතභාවය ලබාදුන් බවටද කරුණු ප්‍රකාශ විය. රුසියාවේ රාජ්‍ය පාර්ශ්ව මෙන්ම රුසියානු රාජ්‍ය රූපවාහිනියද මෙම ප්‍රකාශ විකාශය කර සිටියේය. භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් ජනාධිපතිවරයා ප්‍රධාන පවුලේ සාමාජිකයන්, රුසියාවේ මොස්කව් අගනුවර වෙත පැමිණි බවද අනාවරණ විය. මෙම රහස් පලායෑමට රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්ගේ උපදෙස් මත සියලු කටයුතු සංවවිධාන කෙරී තිබිණි. දැනට දශක කීපයක සිට බෂාර් අල්-අසාද් ජනාධිපතිවරයාගේ පාලනයට සහාය දක්වන ප්‍රධාන රටවල් දෙකක් වන්නේ රුසියාව සහ ඉරානයයි. අනෙක් අපූරු කතාව වන්නේ සිරියාවේ විරුද්ධ පක්ෂ කැරැලිකාර කණ්ඩායමට සහාය දක්වන්නේ ඇමෙරිකාව වීමය. මෙය ලෝක බලවතුන්ගේ බල අරගලයක තරගයේ ස්වරූපයකි. මෙවැනි වටපිටාවකදී වසර 53ක සිරියානු පාලනය දින 12ක් තුළ බිඳදැමීම රුසියාවට මහත් ලැජ්ජාවක් වනු ඇතැයි ලෝක ප්‍රවීණ දේශපාලන විශ්ලේෂකයන් කියා සිටියි. ‘රජකම් කළත් කළකම් පලදේ’ යැයි කියන්නේ මෙයටය.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

රටින් පැන්න සිරියානු ජනපතිගේ මිනිස් වධකාගාරය! Sri Lanka Latest News

Next Post

පොලිය පහත දැමීමෙන් වැඩිහිටියන්ට අසාධ්‍යයි! Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.