• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටින් පැන්න සිරියානු ජනපතිගේ මිනිස් වධකාගාරය! Sri Lanka Latest News

December 14, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
රටින් පැන්න සිරියානු ජනපතිගේ මිනිස් වධකාගාරය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය ඉරිදා, අසාද් පාලනය බිඳවැටීමෙන් පසු, සිරියානු සිවිල් වැසියෝ තම ඥාතීන් පිළිබඳ තොරතුරු බලාපොරොත්තුවෙන් රටේ වඩාත්ම රහසිගත හා කුප්‍රකට බන්ධනාගාරය වන සයිඩ්නායා වෙතට යමින් සිටිති. 1980 දශකයේ මුල් භාගයේදී ඩමස්කස් අගනුවරට කිලෝමීටර් 30ක් හෙවත් සැතපුම් 19ක් උතුරින් පිහිටි කුඩා නගරයක පිහිටුවන ලද සයිඩ්නායා යනු, දශක ගණනාවක් තිස්සේ අසාද් පවුලේ සාමාජිකයින් ඔවුන්ගේ දේශපාලන විරුද්ධවාදීන් රඳවාගෙන සිටින ස්ථානයයි. (Sri Lanka Latest News)

මානව හිමිකම් කණ්ඩායම් විසින් ‘මිනිස් වධකාගාරයක්’ ලෙස හඳුන්වනු ලබන මෙහි, 2011 වසරේදී සිරියානු සිවිල් යුද්ධය ආරම්භ වූදා සිට දහස් ගණනක් මිනිසුන් රඳවා තබාගෙන, වධහිංසා පමුණුවා මරණයට පත්කර ඇති බව පැවසේ.

සයිඩ්නායා බන්ධනාගාරය කුමනාකාරද යන්න පිටත ලෝකයට රහසක් වී තිබුණු අතර, එහි ඇතුළත ඡායාරූප පවා මීට පෙර ප්‍රසිද්ධියට පත්වී තිබුණේ නැත. එහෙත්, අසාද්වරුන්ගේ කුරිරු හා මර්දනකාරී පාලනයේ ප්‍රබල සංකේතයක් බවට පත්ව තිබූ මෙම ගොඩනැගිල්ල පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි තොරතුරු, මානව හිමිකම් සංවිධාන සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් හෙළිදරව් කර තිබේ.

සුවිසල් වධකාගාරයක්

1980 දශකයේ මුල් භාගයේදී ඉදිකිරීම් ආරම්භ වූ සයිඩ්නායා බන්ධනාගාරය දශක ගණනාවක් තිස්සේ සිරියානු මිලිටරි පොලිසිය සහ මිලිටරි බුද්ධි අංශ විසින් පාලනය කරන ලදී. වර්ග කිලෝමීටර් 1.4ක බන්ධනාගාරය වෙතට පළමු රැඳවියන් කණ්ඩායම පැමිණියේ බෂාර්ගේ පියා වන ජනාධිපති හෆීස් අල් අසාද්ගේ පාලන කාලය ආරම්භ වී වසර 16කට පසුව, එනම් 1987 වර්ෂයේදීය.

සම්පූර්ණයෙන්ම ක්‍රියාකාරී වූ පසුව, බන්ධනාගාරයේ ප්‍රධාන රැඳවුම් මධ්‍යස්ථාන දෙකක් තිබිණි. මානව හිමිකම් කණ්ඩායම්වලට අනුව, ධවල ගොඩනැගිල්ල, ප්‍රධාන වශයෙන් ඉදිකරන ලද්දේ පාලන තන්ත්‍රයට අපක්ෂපාතී යැයි සැකකෙරෙන හමුදා නිලධාරීන් සහ භට පිරිස් රඳවා තැබීම වෙනුවෙනි. එය මෙම සුවිසල් ගොඩනැගිලි සංකීර්ණයේ ගිනිකොන දෙසට වන්නට පිහිටි ඛ හැඩයේ ගොඩනැගිල්ලකි.

රතු ගොඩනැගිල්ල හෙවත් ප්‍රධාන බන්ධනාගාරය, පාලන තන්ත්‍රයේ විරුද්ධවාදීන් සඳහා වෙන්කර තිබූ අතර, මුලදී ඉස්ලාමීය කණ්ඩායම්වල සාමාජිකයන් යැයි සැකකළ පිරිස් එහි රඳවා තැබිණි. මෙම ගොඩනැගිල්ල කැපීපෙනුණේ එහි වූ සුවිශේෂ හැඩය හේතුවෙනි. මධ්‍යයක සිට පිටතට විහිදෙන ඍජු කොරිඩෝ තුනකින් එය සමන්විත විය.

මෙම ගොඩනැගිලි දෙක තුළ 10,000-20,000ක් අතර පිරිසක් රඳවා තබාගත හැකි බව නිදහස් වූ සිරකරුවන් සමග සාකච්ඡා කළ මානව හිමිකම් කණ්ඩායම් පවසයි. ඉරිදා සිට ඉන්ටර්නෙට් හරහා සංසරණය වන බීබීසීය විසින් සත්‍ය බවට තහවුරු කරගත් වීඩියෝවලින් බන්ධනාගාරයේ ඇති විශාල CCTV තිරවලින් පිරී ඇති විශාල නිරීක්ෂණ කාමරයක් දකින්නට ලැබේ. ඉන් සිරමැදිරි විශාල සංඛ්‍යාවක් නිරීක්ෂණය කළ හැකිය.

2011 වසරේදී සිරියානු සිවිල් යුද්ධය ආරම්භ වීමෙන් පසුව, එතෙක් ධවල ගොඩනැගිල්ලේ රඳවා සිටි සිරකරුවන් ඉන් ඉවත් කළ බවත්, ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනයට එරෙහි විරෝධතාවලට සහභාගි වීම නිසා අත්අඩංගුවට ගත් පිරිස රඳවා තබා ගැනීමට සූදානම් කළ බවත්, බන්ධනාගාරයේ හිටපු ආරක්ෂකයන් උපුටා දක්වමින් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් විසින් 2017 වසරේදී එළිදක්වන ලද වාර්තාවකින් හෙළිවිය.

හිටපු නිලධාරියකු ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙත පවසා තිබුණේ, 2011 වසරෙන් පසුව සයිඩ්නායා බන්ධනාගාරය සිරියාවේ ප්‍රධාන දේශපාලන බන්ධනාගාරය බවට පත්වූ බවය.

එමෙන්ම, හිටපු සිරකරුවන්ගේ සාක්ෂිද උපුටා දක්වමින්, එම සංවිධානය පවසන්නේ, බන්ධනාගාරයේ රතු ගොඩනැගිල්ලේ රඳවා සිටින පුද්ගලයන් දැඩි ලෙස පහරදීම්වලට, ලිංගික හිංසනවලට සහ ආහාර හා ඖෂධ ලබානොදීම ආදී විවිධ වධහිංසාවලට නිතර ලක්කෙරුණු බවය.
ඇම්නෙස්ටි සංවිධානය හා සම්බන්ධ වූවන්ට අනුව, ධවල ගොඩනැගිල්ලට යටින් ‘මරණ දඬුවම දෙන කාමරයක්’ පිහිටා තිබේ. රතු ගොඩනැගිල්ලේ රඳවා සිටි රැඳවියන් එල්ලා මැරීම සඳහා එහි ගෙනැවිත් ඇත.

හිටපු ආරක්ෂකයකු පැවැසුවේ, රතු ගොඩනැගිල්ලේ සිටින්නන්ගෙන්, මරණ දඬුවමට ලක් කළයුතු අයගේ ලැයිස්තුවක් දිවා ආහාරය පැවැති වේලාවට ලැබෙන බවය. පසුව සොල්දාදුවන් විසින් මරණය සඳහා නියම කර ඇති සිරකරුවන් පහළම මාලයේ සිර මැදිරියකට ගෙනයනු ඇත. ඇතැම් විට එම ලැයිස්තුව පුද්ගලයින් 100 දෙනකු පමණ දක්වා දිගු වේ. එහිදී ඔවුහු පහරදීම්වලට ලක්වෙති.

එල්ලා මරාදැමීමට සකස් කළ පෝරක 10ක් සහිත මීටරයක් උස වේදිකාව මතට ගෙනයාමට පෙර, ඇස් බඳින ලද රැඳවියන්ව ධවල ගොඩනැගිල්ලේ ගිනිකොන දිග කොටසේ වූ පඩිපෙළකින් පහළ වූ ‘මරණ දඬුවම් කාමරයට’ ගෙනයනු ලබයි.

ඇම්නෙස්ටි සංවිධානය පවසන පරිදි, 2012 දී මෙම කාමරය විශාල කරන ලද අතර, තවත් පෝරක 20ක් සහිතව දෙවන වේදිකාවක් ඉදිකෙරී තිබේ. පාලන තන්ත්‍රය බිඳවැටීමෙන් පසුව කැරැලිකරුවන්ට අයත් මාධ්‍ය ඔස්සේ, සටන්කාමීන් විසින් සයිඩ්නායාහි තිබී සොයාගත් උගුල් විශාල සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරිණි.

2011 සිට 2018 දක්වා කාලය තුළ වධහිංසා පැමිණවීම, වෛද්‍ය ප්‍රතිකාර නොමැති වීම හෝ සාගින්න හේතුවෙන් රැඳවියන් 30,000කට අධික පිරිසක් මරණයට පත්වී හෝ මරණයට පත්කර ඇති බවට මානව හිමිකම් කණ්ඩායම් ඇස්තමේන්තු කර ඇත. නිදහස් කරන ලද රැඳවියන් කිහිප දෙනකුගේ ප්‍රකාශ උපුටා දක්වමින්, සයිඩ්නායා බන්ධනාගාරයේ අතුරුදන් වූවන්ගේ සහ රැඳවියන්ගේ සංගමය (AMDSP) 2022 දී පැවැසුවේ, 2018 සිට 2021 දක්වා කාලය තුළ අවම වශයෙන් තවත් රැඳවියන් 500කට වත් මරණ දඬුවම දී ඇති බවය.

2017 වසරේදී ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ, ඝාතනයට ලක්වූ සිරකරුවන්ගේ සිරුරු බැහැර කිරීම සඳහා බලධාරීන් විසින් එම ස්ථානයේ ආදාහනාගාරයක් ඉදිකරනු ලැබ ඇති බවය.

රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයකු පැවැසුවේ, නිලධාරීන් මෙම මධ්‍යස්ථානය ඉදිකර ඇත්තේ, සයිඩ්නායා බන්ධනාගාරයේ සිදුවන සමූහ මිනීමැරුම් වසන් කිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස බවය.

ඇමෙරිකානු විමර්ශකයන් නිකුත් කරන ලද චන්ද්‍රිකා ඡායාරූපවල දැක්වෙන කුඩා ගොඩනැගිල්ල, ආදාහනාගාරයක් බවට පරිවර්තනය කරන ලද ගොඩනැගිල්ලකි. ගොඩනැගිල්ලේ වහලය මත හිම දියවී තිබීම මෙම නිගමනය සනාථ කිරීමට හේතු වූ බවද ඔවුන් සඳහන් කර තිබේ.
එමෙන්ම, අවම වශයෙන් දිනකට සිරකරුවන් 50 දෙනකු මෙම බන්ධනාගාරයේදී එල්ලා මරාදමනු ලැබූ බවත් ප්‍රකාශ කර තිබේ.

ගොඩනැගිල්ල වටා දැඩි ආරක්ෂාවක්

එහි ඉතිහාසය පුරාම, මෙම ගොඩනැගිලි සංකීර්ණය දැඩි ලෙස ආරක්ෂා කර ඇති අතර, භූමිය වටා බළකොටු ඇත.
2022 සයිඩ්නායා බන්ධනාගාරයේ අතුරුදන් වූවන්ගේ සහ රැඳවියන්ගේ සංගමයේ වාර්තාවට අනුව, හමුදාවේ භටයන් 200 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් බන්ධනාගාරයේ පිටත මුර සංචාරයේ යෙදී සිටින අතර, හමුදා බුද්ධි අංශ සහ හමුදා පොලිසියේ අතිරේක සොල්දාදුවන් 250 දෙනෙක් එහි අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳ සොයා බලති.

හමුදාවේ තුන් වැනි සේනාංකයේ 21 වැනි සේනාංකයේ භට පිරිස් බන්ධනාගාරය ආරක්ෂා කිරීම සඳහා තෝරාගෙන ඇත්තේ, පාලන තන්ත්‍රයට ඔවුන්ගේ ඇති දැඩි පක්ෂපාතීත්වය හේතුවෙනි. සොල්දාදුවන්ට අණදීම සිදුකළේ, ජනාධිපති බෂාර් අල් අසාද්ගේ ඇලවයිට් (අලිගේ අනුගාමිකයන්) සුළුතරයේ නිලධාරීන්ය.
අසාද් පාලනයේ බිඳවැටීමෙන් පසුව, බන්ධනාගාරයට යාමෙන් වළකින ලෙස සිවිල් වැසියන්ගෙන් ඉල්ලා තිබේ. මානව හිමිකම් සංවිධාන පවසන්නේ, සංකීර්ණයේ පිටත විශාල වශයෙන් බිම් බෝම්බ වළලා ඇති බවය. යුද්ධ ටැංකි නාශක යුද්ධෝපකරණ වළල්ලක් බන්ධනාගාරයේ පිටතින් ඒ වටා දිවෙන අතර, ද්විතීක වළල්ලක් ලෙස පුද්ගල නාශක බිම් බෝම්බ වළලා තිබේ.

සිරියානු සිවිල් ආරක්ෂක කණ්ඩායමක් වන වයිට් හෙල්මට්ස් සංවිධානය නිකුත් කරන ලද ඡායාරූපවල ගොඩනැගිල්ල වටා, මුදුනත කටු කම්බි රැඳවූ උස් බිත්ති දක්නට ලැබේ. එමෙන්ම මෙම ගොඩනැගිල්ල වටා මුර කුලුනුද දැකගත හැකිය.

ජාත්‍යන්තර සංවිධාන විසින් තමන්ට එල්ල කරන ලද චෝදනා අසාද් පාලනය සෑම විටම පාහේ ප්‍රතික්ෂේප කළේ, ඒවා ‘පදනම් විරහිත’ සහ ‘සත්‍යයෙන් තොර’ බව පවසමිනි.

ඇම්නෙස්ටි සංවිධානය පවසන්නේ, පාලන තන්ත්‍රයේ බිඳවැටීම, තම ඥාතීන් සයිඩ්නායාහි රඳවාගෙන ඇති බවට සැකකරන පවුල් සඳහා ‘දශක ගණනාවකට පසුව හෝ ඔවුන්ගේ අතුරුදන් වූ ආදරණීයයන්ගේ ඉරණම පිළිබඳ දැනුවත් විය හැකි බවට අපේක්ෂාව මතු කරන’ බවය.

බීබීසී සිංහල වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

ජනාධිපතිතුමා වෙත ලියමි! Sri Lanka Latest News

Next Post

ඒකාධිපතියකුගේ කෙරුවාව සහ පැනයෑම! Sri Lanka Latest News

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.