ආණ්ඩුව ආර්ථිකය ස්ථාවර වෙමින් බව පැවසුවත් රටේ ආර්ථියකට මහත් දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් අද සිය ව්‍යාපාර පවත්වාගෙන යාමේදී දැඩි අපහසුතාවකට මුහුණ දෙමින් සිටින අතර වෙළෙදපොළ තරගකාරීත්වයට වඩා බැංකු ණය සීමා NPL ලෙස වර්ගීකරණය කිරීම හා ණය ප්‍රතිව්‍යුහගතකරණයේ නාමයෙන් අධික ගාස්තු සහ දඩ පොලී පැනවීම බරපතල බලපෑමක් වී ඇති බවත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සදහා ප්‍රකාශිත රජයේ සහන වැඩසටහන් බොහෝවිට ක්‍රියාත්මක නොවීම නිසා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ගේ ව්‍යාපාර වේගයෙන් වැසී යාමේ තත්ත්වයක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාර්ලිමෙන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ගැටලු මතු කරමිනි.
ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා කර්මාන්ත මඟින් මෙරට දළ දේශිය නිෂ්පාදනයට දක්වන දායකත්වය ඉදිරිපත් කර පසුගිය වසර 3 තුළ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මගින් උපයා ගත් අපනයන ආදායම ඉදිරිපත් කර ලෙසත් 2019-2025 තෙක් ක්‍රියාත්මක ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංඛ්‍යාව, වසා දමා ඇති ව්‍යාපාර සංඛ්‍යාව මෙන්ම අලුතින් ලියාපදිංචි ව්‍යාපාර සංඛ්‍යාවත් මෙකී ව්‍යාපාර වසා දැමීමෙන් රැකියා අහිමිවීම ගැන රජය සතුව ඇති දත්ත ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී රජයෙන් ඉල්ලා සිටියේය.
නව රජය යටතේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා හදුන්වා දෙන ලද ණය සහන වැඩසටහන් මෙන්ම 2025, 2026 සදහා ප්‍රකාශයට පත් කළ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රම යටතේ වෙන් කළ මුදලත් සැබවින්ම නිකුත් කර ඇති ණය මුදල් ප්‍රමාණයත් බැංකු මට්ටමින් මේ ණය අයදුම්පත් ප්‍රතික්ෂේප වී ඇත් නම් ඒවාට හේතු ඉදිරිපත් කරන ලෙසත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙකී ව්‍යාපාර සදහා ණය ලබා ගැනීමට ඇති නීතිමය බැංකුමය බාධා ඉවත් කරන්න ඇති වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලෙසයි.
තවද රාජ්‍ය අංශය මණ්ඩල විසින් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සැපයුම්කරුවන් ලෙස ගෙවීමට ඇති හිග මුදල් ප්‍රමාණයත් විදුලිය ඉන්ධන ප්‍රවාහන පිරිවැය ඉහළ යාමෙන් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සිදුව ඇති බලපෑම ගැන අධ්‍යයනයක් කර ඇත්නම් එය ඉදිරිපත් කරන ලෙසත් දිට්වා සුළි කුණාටුව නිසා හානි වූ යන්ත්‍ර සූත්‍ර යළි ආනයනය කිරීමේ දී රජයේ බදු ගාස්තු පාලන බාධා අවම කිරිමට කටයුතු කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.
ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දේපල අත්පත් කර ගැනීම් නඩු ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටුවීමට පරාටේ නීතිය යටතේ ඇති බලතල අත්හිටුවීමට රජය සූදානම් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් පරාටේ නීතිය නිසා මොවුන් අසරණ වී ඇති නිසා ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන ලෙස විපක්ෂ නායකවරයා පැවසීය.










