රාජපක්ෂ පවුලේ ප්‍රබලයන්ගේ ඉතා විශේෂිත සාකච්ඡාවක් පසුගිය සතියේදී පැවැත්වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් ‘මව්රට’ පුවත්පතට දැනගන්නට ලැබී තිබේ.
මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සහ හිටපු ක්‍රීඩා අමත්‍ය නාමල් රාජපක්ෂ මහතාද සහභාගි වී සිටි බව දැනගන්නට තිබේ.
මේ දිනවල ඇමෙරිකාවට ගොස් සිටින බැසිල් රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවට සම්බන්ධ වී ඇත්තේ සූම් තාක්ෂණය ඔස්සේය.
මෙම සාකච්ඡාවේදී වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ ඉතා දීර්ඝව සාකච්ඡා වී ඇති බව දැනගන්නට තිබේ.
එමෙන්ම ඉදිරියේදී ආණ්ඩුව ඇතුළේ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී දැඩි තීන්දු තීරණ කිහිපයක්ම ගෙන ඇතැයි සඳහන්.
වත්මන් ආණ්ඩුව පොහොට්ටු ආණ්ඩුවක් වීම සහ ජන වරම හිමිව ඇත්තේද පොහොට්ටුවට බැවින් එම පදනම මත පිහිටා ඉදිරියේදී කටයුතු කිරීමටද මෙහිදී රාජපක්ෂවරුන් තීන්දු කොට ඇති බවත් ආරංචිය.










