ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය රැජිනට අවසන් ගෞරව දැක්වීම සදහා ලන්ඩනයට ගිය අවස්ථාවේ ජනාධිපතිවරයාට විදෙස් රාජ්‍ය නායකයන් මෙන්ම බ්‍රිතාන්‍ය රජයේ ඉහළ පෙළ නිලධාරීන් මුණ ගැස්වීම සදහා සුවිශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කොට තිබී ඇත.
මෙම රාත්‍රි භෝජන සංග්‍රහය ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකයකු ලෙස පත් කොට ඇති නෙරන්ජන් දේවාදිත්‍ය මහතා විසින් සූදානම් කිරීමට පියවර ගෙන තිබේ.
නෙරන්ජන් දේවාදිත්‍ය මහතා කලක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අයකු වීම හේතුවෙන් ඔහුට බ්‍රිතාන්‍ය පාලක පක්ෂය සමග සමීප සබධකම් ඇති බව පැවසේ.
ඒ අනුව ලන්ඩනයේ පෝල්මෝල්හි පිහිටි ආමි ඇන්ඩ් නේවි ක්ලබ් නැමැති සුපිරි හෝටලය දේවාදිත්‍ය මහතා විසින් වෙන් කරගෙන ඇත.
කෙසේවෙතත් මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සදහා රැජිනගේ අවමගුලට සහභාගී වී සිටි විවිධ රටවල රාජ්‍ය නායකයන්ටත් බ්‍රිතාන්‍ය රජයේ ඉහළ පෙළ නිලධාරීන්ටත් ආරාධනා කර තිබුණද ඒ සදහා සහභාගී වී ඇත්තේ සීමිත පිරිසක් පමණක් බව වාර්තා වේ.
කිසිදු රාජ්‍ය නායකයකු ඒ සදහා සහභාගී වී නැති අතර දන්නා කියන චරිතයකට සිට ඇත්තේ මීට වසර ගණනාවකට පෙරාතුව බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධූරය දැරූ ඩේවිඩ් කැමරන් පමණි.
මීට අමතරව බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයකු වන රනිල් ජයවර්ධන තවත් ඇමැතිවරු කිහිප දෙනෙක්ද එහි සිට ඇති බව වාර්තා වේ.
ඒ අනුව දේවාදිත්‍ය මහතා විසින් ජනාධිපතිවරයා වෙනුවෙන් සූදානම් කර තිබූ භෝජන සංග්‍රහය අසාර්ථක එකක් බවට පත්ව ඇති බවද දැනගන්නට තිබේ.