විදුහල්පතිවරයාගෙන් සිසුන් හත්දෙනෙකුට රජ දඬුවමක් ලබාදීම හේතුවෙන්; එම දඬුවම ලැබූ ළමුන් දෙදෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. (Sri Lanka Latest News)
මෙම සිදුවීම නාවලපිටිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය – රඹුක්පිටිය මධ්‍යම මහා විද්‍යාලයෙන් වාර්තා වේ.
එම පාසලේ 11 වන වසරේ අධ්‍යාපනය ලබන සිසුන් අද (22) දින දිවා ආහාරය කෑම ඔතන පොලිතින්වල දමා එය පත්තර පිටුවකින් ඔතාගෙන පැමිණ තිබෙනවා.
මෙම සිදුවීම සිදු වූ පන්තියේ සිසුන් 33 දෙනෙකු අධ්‍යාපනය ලබන අතර පොලිතින්වල දමා පත්තර පිටුවලින් ඔතා සිසුන් 07 දෙනෙකු කෑම රැගෙන විත් ඇති බවයි වාර්තා වන්නේ.
එම සිසුන් හත්දෙනා විවේක කාලයේ දී දිවා ආහාර ලබාගැනීමෙන් අනතුරුව රැගෙන එන ලද පොලිතින් සහ පත්තර පිටු නැවත නිවසට රැගෙන යාමට පාසල් බෑගයට දමාගෙන සිටියදී එම ස්ථානයට පැමිණි විදුහල්පතිවරයා ඒවා ඉවතට ගෙන ළමුන් හත්දෙනාටම එම මොහොතේම සපා කන ලෙස උපදෙස් ලබාදුන්නේ යැයි චෝදනාවක් එල්ල වී තිබෙනවා.
විදුහල්පතිවරයාගේ උපදෙස් මත සිසුන් හත්දෙනා විසින් පොලිතින් සහ පත්තර අනුභව කර ඇති බවයි වාර්තා වන්නේ.
එසේ පොලිතින් සහ පත්තර අනුභව කළ ළමුන් හත්දෙනා අතරින් එක් ළමයෙකු උදරයේ අමාරුව, වමනය, උගුරේ අමාරුව යන රෝග ලක්ෂණ සහිතව නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඔවුන්ගේ දෙමාපියන් විසින් ඇතුළත් කරනු ලැබුවා.
සිද්ධිය සම්බන්ධයෙන් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිසුවෙකුගේ පියා විසින් නාවලපිටිය පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත නාවලපිටිය පොලිසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.
dasathalankanews










