උතුරේ අධිකරණ විසින් කොටි මහවිරු සැමරුම් නතර කරණ ලෙසත් එවැනි උළෙලවල් සංවිධානය කරණ පිරිස් අත් අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කොට තිබියදීත් යාපනය විශ්ව විද්‍යාලය තුළ හා මුලතිව් කිළිනොච්චි පළාත්වල මහවිරු සැමරුම් උළෙලවල් කීපයක්ම ඊයේ ( 21 ) දිනය තුළ පවත්වා තිබේ. (Sri Lanka Latest News)
යාපනය විශ්වවිද්‍යාලය හා උතුරේ දෙමළ දේශපාලන පක්ෂ එකමුතුව මහවිරු සමරු සතියක් ප්‍රකාශයට පත්කොට ඇති අතර, එහි සමාරම්භක දිනය නිමිත්තෙන් මෙම මහවිරු සමරු උළෙළ පවත්වා තිබේ.
ඔවුන් විසින් සංවිධාන කොට ඇති මහවිරු සමරු සතිය අවසන් වන්නේ නොවැම්බර් 27 වැනිදාය.
මහවිරු සමරු උළෙල සංවිධාන කරන පිරිස් හා ඒවාට සහභාගි වන පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙස උතුරේ අධිකරණවලින් නියෝග නිකුත් කොට ඇතත් මේ දක්වා එකම පුද්ගලයකු හෝ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන නොමැත.
lankasara










