• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කළුතර සිසුවිය මැරුණු සිද්ධිය ගැන ‌පොලිසියෙන් අල්ලපු කොල්ලා වමාරයි! අඳුනගෙන තියෙන්නේ අනෙක් තරුණියගේ පෙම්වතා මාර්ගයෙන්! මීට පෙර කිසිම දිනක හමුවෙලත් නෑ! නිසිම සබධතාවක් පවත්වලත් නෑ! ලිංගිකව එක්වෙලත් නෑ! හදිසි දුරකතන ඇමතුමකින් පසු සියල්ල වෙනස් ‌වුණාලු!

May 9, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
16 හැවිරිදි සිසුවිය සමග කළුතර හෝටලයට ආ කොල්ලා හදුනාගනී! මීට පෙර විවාහ වී සිටි අයෙක්ලු!
Share on WhatsAppShare on Facebook

කළුතර ප්‍රදේශයේ ලැගුම්හලක උඩු මහලින් බිමට වැටී පාසල් සිසුවියක් මියයෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලීසිය හමුවේ පාපෝච්චරණය සිදුකර පවසා ඇත්තේ සිසුවිය අදාළ හෝටලයේ පස්වැනි මහලෙන් බිමට පැන්න බවය.

ප්‍රධාන සැකකරු අද (09) අලුයම අත්අඩංගුවට ගනු ලැබුවේ, සීනිගම දේවාලයත් හික්කඩුව පොලීසියත් අතර ප්‍රදේශයේදීය.

ඒ, කළුතර පොලීසියට ලද තොරතුරකට අනුවය.

ඔහු කළුතර, ඉසුරු උයනේ පදිංචි ධනුෂ්ක ගයාන් සහබන්දු නමැති 29 හැවිරිදි අයෙකි.

සැකකරු අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිටින බවටත් ඔහු අද අලුයම මෝටර් රථයක් කුලී පදනම මත ලබාගැනීමට එම ප්‍රදේශයට පැමිණෙන බවටත් පොලීසියට තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව, පොලිස් නිලධාරියෙකු උපායදූතයෙකු ලෙස සැරසී මෝටර් රථය ලබාදීම සඳහා අම්බලන්ගොඩ ප්‍රදේශයට ගිය ද සැකකරු අවස්ථා කිහිපයකදී විවිධ ස්ථානවලට පැමිණෙන ලෙස පොලිස් නිලධාරියාව විවිධ ස්ථානවලට ගෙන්වාගෙන තිබුණි.

අනතුරුව ඔහු අම්බලන්ගොඩ ප්‍රදේශයේදීම මෝටර් රථයට ගොඩවී ඇති අතර එහි රියදුරු ලෙස සැරසී සිටි පොලිස් නිලධාරියා විසින් සූක්ෂම ලෙස සැකකරුව සීනිගම දේවාලයත්, හික්කඩුව පොලීසියත් අතර ප්‍රදේශයට රැගෙන ගොස් තිබේ.

එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ කළුතර දකුණ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් විසින් සැකකරුව අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී සැකකරු සතුව තිබී රුපියල් 95,000ක මුදලක් ද පොලීසිය සිය භාරයට ගෙන ඇත.
 
අනතුරුව සැකකරු කළුතර දකුණ පොලීසිය වෙත රැගෙන විත් ප්‍රකාශ සටහන් කරගැනුණු අතර එහිදී සැකකරු පාපෝච්චරණය කර ඇත්තේ, මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් යුවළ අතර සිටින පෙම්වතා මාර්ගයෙන් තමන් අදාළ පාසල් සිසුවිය හඳුනාගත් බවය.

එමෙන්ම ඇයව මෙම සිදුවීමට පෙර කිසිඳු දිනකදී හමුවී නොමැති බවත් ඇය හා කිසිඳු සබඳතාවත් පවත්වා නොමැති බවත් සැකකරු පවසා තිබේ.

තමන් ඇතුළු සිව්දෙනා ඉකුත් සෙනසුරාදා අදාළ ලැගුම්හලට ගොස් මත්පැන් පානය කළ බව ඔහුගේ ප්‍රකාශයේ සඳහන් බව පොලීසිය පවසයි.

අනෙක් යුවළ ලැගුම්හලෙන් පිටව ගිය පසු තමන් හා පාසල් සිසුවිය නිරුවත්ව කාමරය තුළ සිටිය ද ලිංගිකව එක් නොවූ බව සැකකරු පොලීසිය හමුවේ පාපෝච්චාරණය කර තිබේ.

ඒ අතරතුර ඇයගේ ජංගම දුරකතනයට ලැබුණු ඇමතුමකට ඇය අසභ්‍ය වචනයෙන් කෝපයට පත්වී ප්‍රතිචාර දක්වා ඇති බවද සැකකරු පොලීසියට කළ පාපෝච්චාරණයේ සඳහන්ය.

පසුව සිසුවිය කාමරයේ ජනේලයක් අසල වූ පුටුවකට නැග ජනේලයෙන් පිටතට පැන්න බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

ඒ අනුව බියවූ තමන් එම ස්ථානයෙන් පළාගිය බව සැකකරු පොලීසියට පවසා තිබේ.

පොලීසිය අනාවරණ කරගෙන ඇත්තේ එලෙස පළාගිය සැකකරු හොරණ ප්‍රදේශයේ සිටින ඔහුගේ දික්කසාද කළ කාන්තාවකගේ නිවසක රැඳීසිට අනතුරුව තවත් ලැගුම්හලකට ගොස් පැය කිහිපයක් එහි රැඳීසිට ඇති බවය.

කෙසේවෙතත් සැකකරු පොලීසියට සිදුකළ පාපෝච්චාරණයේ සඳහන් කරුණුවල සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.

මේ අතර මියගිය පාසල් සිසුවියට ලද දුරකතන ඇමතුම සම්බන්ධයෙන් ඇයගේ දුරකතන දත්ත පරීක්ෂා කිරීමට නියමිතය.

එමෙන්ම මියගිය සිසුවිය දූෂණයට ලක්වී නොමැති බවට වෛද්‍ය වාර්තාවේ සඳහන්වී තිබෙන බව පොලීසිය සඳහන් කළේය.

මේ අතර අදාළ පාසල් සිසුවියගේ ජංගම දුරකතනය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, එය ඇය ලැගුම්හලට ගිය අනෙක් යුවළ අතර සිටි පෙම්වතා විසින් කළු ගඟට විසිකර ඇති බවය.

අදාළ යුවළ සහ ප්‍රධාන සැකකරුට පළායෑමට උදව්කළ පුද්ගයෙකු මේ වනවිට මැයි 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මේ අතර පාසල් සිසුවියගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරුව ඔහුගේ කළුතර ඉසුරු උයන ප්‍රදේශය පිහිටි නිවස වෙත වැඩිදුර පරීක්ෂණ සඳහා අද පස්වරුවේ රැගෙනවිත් තිබුණි.

මේ අතර කළුතර නාගොඩ පාසල් ඉගෙනුම ලැබූ අදාළ සිසුවියගේ දේහය නිවසේ  තැන්පත් කර තිබු අතර විශාල පිරිසකගේ සභභාගිත්වයෙන් ආගමික වතාවත් සිදුකෙරුණි.

පසුව අද පස්වරුවේ කළුතර ඇටවිල පොදු සුසාන භූමියේදී ඇයගේ අවසන් කටයුතු සිදුකෙරුණි.

SendShareShare
Previous Post

කළුතර සිසුවියගේ මරණයෙන් දෙමව්පියන් ඉගෙන ගත යුතු පාඩම පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැහැදිලි කර දෙයි! නැතිනම් ඊළඟ බිල්ල ඔබේ දියණිය වෙන්න පුළුවන්! VIDEO

Next Post

දෙමළ පක්ෂ රනිල්ව හමුවෙයි! බරපතළ කොන්දේසිය ඉදිරිපත් කරයි! රනිල් කොන්දේසියට එකඟ වෙයි! VIDEO

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.