• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහනුවර මහා නගර සභාව හදපු ‘කරළිය සම්මේලනය’ හා ‘රංග කලා මධ්‍යස්ථානය’ ජනපති විවෘත කරයි! PHOTOS I Sri Lanka Latest News

December 17, 2023
in Exclusive
Reading Time: 12 mins read
A A
මහනුවර මහා නගර සභාව හදපු ‘කරළිය සම්මේලනය’ හා ‘රංග කලා මධ්‍යස්ථානය’ ජනපති විවෘත කරයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේදී වගකීමෙන් ක්‍රියාකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටියේය.Sri Lanka Latest News

එම වැඩසටහන ප්‍රතික්ෂේප කරන සියලුදෙනා රට බංකොළොත්භාවයෙන් මුදවා ගැනීමට හැකි ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කළ යුතු බවත්, වගකීම් භාර නොගෙන ජනතා සිත් සතුටු කිරීමට පමණක් ප්‍රකාශ නිකුත් කරන දේශපාලනය රට නැවත ආර්ථික අගාධයට ඇද දමනු ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනප්‍රිය ප්‍රකාශ නිකුත් කරන කිසිවෙකු අසීරු තීරණ ගැනීමට සූදානම් නොමැති බව පැවසූ ජනාධිපතිවරයා කෙතරම් දෝෂාරෝපණයට ලක් වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන තමා ආරම්භ කළේ රටේ ආර්ථිකය බේරා ගැනීමට වෙනත් විකල්පයක් නොමැති නිසා බවද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මහනුවර මහ නගර සභාවේ “කරළිය සම්මේලනය” සහ රංග කලා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද (17) පෙරවරුවේ එක් වෙමිනි.

මහනුවර මහා නගර සභාව විසින් කරළිය සම්මේලනය හා රංග කලා මධ්‍යස්ථානය ඉදිකිරීමේ කටයුතු 2018 වර්ෂයේ ආරම්භ කරන ලද අතර ඒ වෙනුවෙන් රුපියල් මිලියන 600කට ආසන්න මුදලක් නගර සභා අරමුදල මගින් වැය කොට තිබේ.

මෙම සම්මේලනය සහ රංග කලා මධ්‍යස්ථානය ඉදි කිරීම මගින් නගරයේ යටිතල පහසුකම් අතරින් අඩු පාඩුවක්ව පැවති ශ්‍රවණාගාර පහසුකම් සැලසීම හා චිත්‍ර, මූර්ති ප්‍රදර්ශන සඳහා ශාලා පහසුකම් ඇති කිරීම අපේක්ෂා කරනු ලබයි.

සමරු ඵලකය නිරාවරණය කර ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරිම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

මහනුවර විධිමත් නගර සංවර්ධන වැඩසටහන යටතේ මහනුවර නගරයේ ලෝක උරුම ගොඩනැගිලි ලක්ෂණ පිළිබිඹු කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මහනුවර මහ නගර සභාව එක්ව ක්‍රියාත්මක කළ “පිවිතුරු දොරකඩ” ව්‍යාපාරික දායකත්ව වැඩසටහන හා නගර අලංකරණ වැඩසටහනට ලබාදුන් දායකත්වය අගයමින් සහතික පත් ප්‍රදානය කිරීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මෙහිදී විශේෂ සිහිවටන තිළිණයක්ද පිළිගැන්විණි.
උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය
“කරළිය” නව රංග ශාලාව ඉදිකිරීමත් සමඟ 21 වන සියවසට අදාළ ගොඩනැගිලි ආකෘතිය මහනුවර නගරයට ලැබී තිබෙනවා. මෙවැනි ගොඩනැගිලි මෙරට සංස්කෘතියේ කොටසක් වෙනවා. මෙම නගරය අ‍පේ ඉතිහාසයේ කොටසක්. එම ඉතිහාසය අපේ සංස්කෘතියේ, සංචාරක කර්මානතයේ කොටසක් බව ද කිවයුතුයි.

මේ ආරම්භ කර තිබෙන මධ්‍යස්ථානයේ සම්මන්ත්‍රණ, උත්සව පවත්වන්න හැකියාව තිබෙනවා. මේ නිසා මහනුවර පුරවරයේ වැදගත්කම තවත් වැඩිවී තිබෙනවා. ඒ වගේම නවීන පුස්තකාලයක් මහනුවරට ලබා දෙන්න අප බලාපොරොත්තු වෙනවා. බෝගම්බර වැඩසටහන යටතේ තුන්මහල් හෝ සිව්මහල් පුස්තකාල ගොඩනැගිල්ලක් ලබාදීමට කටයුතු කරනවා. ඒ අනුව දැනට තිබෙන ඩී .එස්. සේනානායක පුස්තකාලය එම ස්ථානයට ගෙන ගිය විට මෙතන තිබෙන පුස්තකාල ගොඩනැගිල්ල මෙම රංග ශාලා ගොඩනැගිල්ලට එකතු කිරීමට බලාපොරොත්තු වෙනවා. එවිට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව වගේ ඉඩ පහසුකම් තිබෙන තැනක් බවට මෙම ස්ථානය පත් කළ හැකියි.

මහනුවර සංවර්ධන වැඩසටහන ලබන වසරේදී ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඇති කිරීමටත් ලබන වසරේදී වැඩ ආරම්භ කරනවා. ගොපල්ලව මාවතේ තනි තට්ටුවේ නිවාස තවම තිබෙනවා. එම නිවාස ඉවත් කර අඩුම තරමේ තුන්මහල් නිවාස ඉදිකිරීමට කටයුතු කළ යුතුයි. ඉදිරි වසර පහක කාලය තුළ එම කටයුතු අවසන් කළ යුතුයි.

ඒ අනුව නවීන මහනුවර පුරවරයක් නිර්මාණය වෙමින් තිබෙනවා. එහි පළමු වැඩකටයුතු ලබන මාසයේදී ආරම්භ කරනවා.මෙය මීට පෙර කරන්න තිබුණු දෙයක්. නමුත් රටේ පැවැති ආර්ථික අර්බුදය නිසා එම කටයුතු ප්‍රමාද වුණා. රටේ බංකොළොත්භාවය නිසා සංවර්ධන ව්‍යාපෘති නතර වුණා.

රට බංකොළොත් වුණාට පසුව අපට කණ්ඩායම් දෙකක් සමඟ කටයුතු කරන්න සිද්ධ වුණා. රටවල් ගණනාවක් අපට ණය ලබාදී තිබුණා. ණය ලබාගත් රටවල් අතර ඉන්දියාව, චීනය, ජපානය මෙන්ම පැරිස් සමළුවට අයත් සංවිධාන තිබුණා. මේ ණය පිළිබඳ සාකච්ඡාවලදි පැරිස් සමාජයට එන්න ඉන්දියාව මෙන්ම අනෙකුත් සංවිධාන එකඟ වුණත් චිනය පැමිණියේ නැහැ. චිනයත් සමඟ අප වෙනම සාකච්ඡා කළා. ලංකාවෙ වගේම ‍බංකොළොත්භාවයට පත් වූ අනෙකුත් රටවලටද මෙවැනි දුෂ්කර අවස්ථාවන්ට මුහුණු දෙන්න සිදු වුණා.

එකපැත්තකින් ඉන්දියාව හා පැරිස් සමාජික සංවිධාන අනෙක් පැත්තෙන් චීනය. තුන්වන කණ්ඩායම තමයි පුද්ගලික අංශය. අප ලසාඩ් කණ්ඩායමේ සහාය ලබාගෙන මේ කණ්ඩායම් තුනටම කතා කළා. මේ සියල්ල සිදු කළ යුත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අප පළමු ගිවිසුමට පැමිණියා. ඉන්දියාවට, චිනයට, පැරිස් සමාජයට පිළිගත හැකි ණය ප්‍රතිව්‍යුහගතකරණයක් ඉදිරිපත් කරන්න අපට පුළුවන් වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ පරිදි පළමු ණය වාරිකය අපට ලැබුණා.

ඇමරිකාවේ භාණ්ඩාගාර ‍ලේකම්තුමිය සමඟත් සාකච්ඡා කළා. ඊට පසුව ජපානයේ ජනාධිපති, හා අගමැති, මුදල් ඇමැති සමඟ සාකච්ඡා කරන්න සිද්ධ වුණා. ඉන්දියාවේ මුදල් ඇමැතිතුමිය හා අගමැතිතුමා එක්කත් සාකච්ඡා කළා. චිනයට ගිහින් ජනාධිපතිතුමා හා මුදල් ඇමැතිතුමා එකක සාකච්ඡා කළා.

ජපානයේ ආධාර දෙන ආයතනයක් තිබෙනවා. ජයිකා ආයතනය. නමුත් චීනයේ එහෙම ආධාර දෙන සංවිධාන නැහැ. චීනයේ එක්සීම් බැංකුව සමඟ සාකච්ඡා කර ණය ලබාගෙන තිබුණා. මේ සෑම කෙනෙක් සමඟ සාකච්ඡා කර එකඟත්වයක් ලබා ගත්තා. ඉතා අසීරුවෙන් තමයි එම එකඟත්වය ලබා ගත්තේ.

සැම්බියාව දෙස බැලුවොත් සැම්බියාව තවම එකතැන හිරවෙලා තිබෙනවා. ඔවුන්ට ණය සමාලෝචනයට එකඟත්වයක් නොමැතිවීම ප්‍රශ්නක් වෙලා තිබෙනවා.

දැන් අපට තිබෙන්නේ ලන්ඩන් නුවරට ගොස් පුද්ගලික ණයකරුවන් සමඟ සාකච්ඡා කිරීම පමණයි. කෙසේ හෝ බංකොළොත්භාවයෙන් මුදවා ගත් නිසා අපට නැවත ණය අධාර ලබාගන්න පුළුවන්. එම නිසා අපට ඉක්මනින් සංවර්ධන වැඩකටයුතු ආරම්භ කරන්න පුළුවන්. තවත් සංවර්ධන කටයුතු ලබන වසරේ ආරම්භ කරනවා. අප බංකොළොත්භාවය ඉවත් වුණා පමණයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් අනෙකුත් රටවල්වල ණය සම්බන්ධ එකඟතාවන් නිසා මෙම තත්ත්වයට එන්න හැකිවුණා.

අපේ රටට ණය ගෙවිය හැකි අවම ආදායමක් තිබෙන බව පෙන්විය යුතුයි. කෙතරම් අසීරු වුවත් අප ඉදිරියට යා යුතුය කියා තීරණය කළා. පළමුවෙන්ම අපට ලබාදුන් ඉලක්කය දළ දේශිය නිෂ්පාදිතය 10.4% සුපරා ගැනීම. 2024 අපට එම ඉලක්කයට ළගා වෙන්න බැහැ. 2025, 2026 වන විට මෙම ඉලක්කය කරා යා හැකියි. ඒ නිසා අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර වාද විවාද කර 2024 දළ දේශීය නිෂ්පාදිතය 9.2%ක ඉලක්කයක් බවට පත්කර ගැනීමට කටයුතු කළා. එය නැවත වෙනස් කරන්නේ නැහැ කෙසේ හෝ එම ඉලක්කය සපුරා ගන්න කියා ඔවුන් අපට දැනුම් දුන්නා.

මම සිටින තත්ත්වයේ ඔබ සිටියානම් මොකක්ද කරන්නේ, තවත් වසරක් මෙය ඇදගෙන යනවද, නැත්නම් 2024 මෙම ඉලක්ක සපුරා ගන්නවද, මම කිව්වේ හැකිතරම් ඉක්මණින් මෙය සිදුකරනවා කියලා. 2024 මෙම ඉලක්කය සපුරා ගන්නවනම් අපේ ආදායමෙන් අපට බිලියන 534ක හිගයක් තිබෙනවා. එය තමයි විසඳාගත යුතු ප්‍රශ්නය.

එම හිඟයට එක් හේතුවක් තමයි අස්වැසුම ව්‍යාපෘතිය. සමෘද්ධියට අප වැය කළේ බිලියන 61යි. නමුත් අස්වැසුමට බිලියන 207ක් වෙන් කර තිබෙනවා. ඒ මේ රටේ දුප්පත් ජනතාව වෙනුවෙන්. ඒ වගේම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කළා. එම වැටුප් වැඩි කිරීම සහ විශ්‍රාම වැටුප් සඳහා තවත් රුපියල් බිලියන 133ක් වෙන් කළා. මේ බිලියන 534 අවශ්‍ය නැහැ කියනවනම් අස්වැසුම සහ වැටුප් වැඩිකිරීම ඉවත් කරන්න වෙනවා. නමුත් මෙය කරන්න අවශ්‍යයි කියා අප විශ්වාස කරනවා. වසර 03ක් ප්‍රාග්ධන වියදම් නැතිව මේ රටේ ආර්ථිකය කඩා වැටුණා. එම මුදල් ලබාදීමට අපට සිදුවුණා.

මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ එසේනම් ඔබ සිදු කළයුත්තේ බදු වැඩිකරන එක කියලා. මෙය අසිරු තත්ත්වයක්. බදු වැඩි කළොත් ජනප්‍රිය භාවය අඩු වෙනවා.නමුත් ආර්ථිකය රැකගත්තොත් අපේ බංකොළොත්භාවය නැති වෙනවා. අපට බදු ගණනාවක් වැඩි කිරීමට තිබුණා. ඉන්ධන බදු වැඩිකළොත් එය අනිත් සෑම ක්ෂේත්‍රයකටම බලපානවා. ඉන්ධන බදු වැඩකළවිට එය විදුලිබල ගාස්තුවලට එක් වූ විට ඉතා වැඩි අගයක් ගන්නවා.

එසේනම් අප අවධානය යොමු කළේ වැට් බද්ධ පිළිබඳව පමණයි. 15%ක් පැවති වැට් බද්ද 18% කළා. ඒ වගේම දැනට වැට් බදු අය නොකළ ඒවට වැට් බදු අය කළා. අනිත් රටවල ඒ හැම එකකටම වැට් බදු අය කරනවා. ඒ වගේම් ඉන්දියාවේ අද වැට් බද්ද 23%ක් දක්වා ක්‍රියාත්මක වෙනවා. පකිස්ථානයේ 18%ක් වෙනකන් ක්‍රියාත්මක වෙනවා. ඔවුන්ගේ ඒකපුද්ගල ආදායම අපට වඩා අඩුයි.

ඒ නිසා කැබිනට් මණ්ඩලයේ දී මම එම අසීරු තීරණය ගත්තා. කැබිනට් මණ්ඩලයේ සිටින්නේ ඊළග මැතිවරණයකදී නැවත තේරි පත්වන අය. ඒ කිසිම කෙනෙක් කැමති නැහැ බදු වැඩිකරන එකට. නමුත් වෙනත් විකල්පයක් නැති බව අපට පෙනී ගියා. ආණ්ඩුව කැපවී සිටියේ 2024 වන විට මේ රට බංකොළොත්භාවයෙන් ඉවත් කර ගැනීමට. ඒ නිසා අසීරුවෙන් හරි මේ සඳහා සියලුදෙනා එකඟ වුණා. බංකොළොත්භාවයෙන් ඉවත් වූ විට රටක් ලෙස අපට ඉදිරියට යා හැකියි.

මේ හැර අපට මොකක්ද තිබෙන විකල්පය. එකක් තිබෙන්නේ වියදම් නොකර සිටීම. ඒක කරන්න මට බැහැ. වෙන කවුරු හරි කරනවනම් කියන්න කියලා මම කිව්වා. නමුත් වෙන කවුරුවත් කියලත් නැහැ එය කරනවා කියලා.

සමහර විශේෂඥයෝ, දේශපාලනඥයෝ කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නැවත සාකච්ඡා කරනවලු. මේක මහ බොරුවක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තනි ආයතනයක් නොවෙයි. අපි රටවල් කීයකට කථා කළාද. ඒ වගේම එම රටවල්වල නායකයන් මුණ ගැසුණා. දැන් ඒ අය කියන්නේ මේක වෙනස් කළොත් අපේ රටට නැවත ණය ගෙවීමට සිදු වෙනවා කියලා. මේක වෙනස් වුණොත් නැවත අප බංකොළොත් වෙනවා. ඒකට මම නම් කැමති නැහැ. ඒ වගේම ජනතාවගෙන් ඇසිය යුතුයි නැවත බංකොළොත්භාවයට යන්න කැමතිද, නැද්ද කියලා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන එපා නම් වෙන මොකක්ද කරන්න පුළුවන් කියා මීට විරුද්ධ වන අය පැවසිය යුතුයි. කොහොමද අපි මුදල් උපයා ගන්නේ, කොහොමද බංකොළොත්භාවයෙන් මිදෙන්නේ කියා ඔවුන් ප්‍රකාශ කළයුතුයි. මෙය තමයි අපේ දේශපාලනයේ තිබෙන විශාලම දුර්වලකම. කිසිවෙක් වගකීම භාරගන්න සූදානම් නැහැ. කිසිවෙක් අසීරු තීරණ ගැනීමට සුදානම් නැහැ. සිත් සතුටු කිරීමට පමණයි උත්සාහ කරන්නේ. කොහෙන් මුදල් ලැබෙනවද කියලා සිතන්නේ නැහැ. ඒ නිසයි පසුගිය මැයි මාසයේ මේ වගකීම භාරගන්න කිසිවෙක් ඉදිරිපත් නොවුණේ. ඒ නිසා මේ පිළිබඳ වගකීමෙන් ක්‍රියාකරන ලෙස මම සියලු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලනවා.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා
ඓතිහාසික මහනුවර නගර මධ්‍යයේ ඉදිකල මේ රංගශාලා ගොඩනැගිල්ල ජනගත කිරීමට පැමිණීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ අනාගත කලා පරපුර වෙනුවෙන් මෙවැනි වටිනා සත්කාරයක් කිරීම සම්බන්ධයෙන් හිටපු නගරාධිපති කේසර සේනානායක මැතිතුමා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා. ඩී.එස්.සේනානායක පුස්තකාලය ගිනිබත් වීමෙන් පසුව මේ රංග ශාලාව ඉදිකරනු ලැබුවා.

මේක අපේ දරුවන්ට ඒ වගේම අනාගතය බාරගන්න සියලු දෙනාට ඉතා වැදගත් වෙනවා. නවීන තාක්ෂණයෙන් සමන්විත මෙම රංග ශාලාව නිසා මහනුවර නගරයේ වැදගත්කම තවත් වැඩි වෙනවා.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, ඒ.එච්.එම්. හලීම්, එම් වේලුකුමාර්, මධ්‍යම පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මහනුවර මහා නගර සභාවේ හිටපු නගරාධිපති කේසර සේනානායක,මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, මහනුවර මහා නගර සභාවේ නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-12-17

SendShareShare
Previous Post

රටක් වටින ‘ගජමෑන්’ හදපු කැමිලස් ජාතියට සමුදෙයි! I Sri Lanka Latest News

Next Post

රනිල් අද විවෘත කළ මහනුවර රංග කලා ආයතනයෙන් එජාප නිර්මාතෘ ‘ඩී.එස්.’ගේ නම හලලා! විරෝධය පළ කරමින් හිටපු මන්ත්‍රීවරු 30ක් උත්සවය වර්ජනය කරයි! හදලා තියෙන්නෙත් සභාවේ සල්ලි කෝටි 70ක් වියදම් කරලා! I Sri Lanka Latest News

MORE NEWS

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!
Exclusive

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

ලබන සතියේ ප්‍රංශයේ පැවැත්වීමට නියමිත ජී-7 (G7) රාජ්‍ය නායක සමුළුවට සමගාමීව, වයස අවුරුදු 16ට අඩු සහ යොවුන් කණ්ඩායම් සඳහා සමාජ...

Read more
නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.