මැතිවරණය නොපවත්වා මහජන නියෝජිතයින්ගෙන් තොරව පළාත් පාලන ආයතන මුළුමනින්ම නිලධාරී පාලනයට යටත් කළ වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සභා සම්මුතියක් යටතේ රුපියල් කෝටි 70 ක වියදමින් මහනුවර නගරයේ ඉදිකළ මහනුවර මහ නගර සභාවට අයත් සම්මේලන හා රංග කලා මධ්‍යස්ථානය විවෘත කරනු ලැබුවේ ලැජ්ජාවක් නැතිව ද යන ප්‍රශ්නය පැන නගින බව නගර සභාවේ හිටපු මන්ත්‍රී විපුල රණසිංහ මහතා පවසයි.Sri Lanka Latest News
තවද පලාත් පාළන මැතිවරනය නාමයෝජනා බාර දී ඇති අවස්ථාවක පලාත් පාළන මැතිවරන අපේක්ෂකයන් මෙම සමාරම්භක අවස්ථාව සදහා ආරධනා කිරිම මගින් ජනාධිපතිවරයා මැතිවරන නිති උල්ලංඝනය කරමින් කටයුතු කරන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කර සිටියා .
ඩී.එස් සේනානායක පුස්තකාලය හා ශ්‍රවනාගාරය ලෙස නම්කර තිබූ ගොඩනැගිල්ල ගිනි ගැනීමෙන් පසු අලුතින් ඉදිකළ ශ්‍රවනාගාරය කරළිය ලෙස නම්කර තිබෙන බවත් එජාප නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස් නාමය ඉන් හැලී ගියේ ඇයිද යන්න ප්‍රශ්න කළ යුතු බවත් ඒ මහතා කීය.
මහනුවර දී අද (17) මාධ්‍ය හමුවක් පවත්වමින් රණසිංහ මහතා මේ බව පැවසුවේය.
වත්මන් එජාප නායකයාට තම පක්ෂයේ නිර්මාතෘ ඩී.එස් සේනානායක නාමය මහනුවර නගර සභා රංග කලා මධ්‍යස්ථානයෙන් හැලී යාම ගැටලුවක් නොවුනත් තමන් ඇතුළු පිරිසට එය ප්‍රශ්නයක් බවත් කී ඒ මහතා මෙම සියලු දේට විරෝධතාව දක්වමින් සම්මේලන හා රංග කලා මධ්‍යස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය හිටපු නාගරික මන්ත්‍රීවරු 30 දෙනෙකුට ආසන්න පිරිසක් විසින් වර්ජනය කර ඇතැයි ද අවධාරණය කළේය.
ගිනිගත් ගොඩනැගිල්ල වෙනුවට නව ගොඩනැගිල්ලක් ඉදි කිරීම සඳහා මූල්‍ය අනුග්‍රහයක් ලබාදෙන ලෙස 2015 ට පෙර පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් මෙන්ම 2015 බිහි වූ යහපාලන ආණ්ඩුවෙන් ද ඉල්ලීමක් කළ බවත් එයට යහපත් ප්‍රතිචාර නොලැබුණු නිසා බදු ගෙවන ජනතාවගේ මුදලින් මෙය ඉදි කිරීමට සැළසුම් කළ බවත් කී විපුල රණසිංහ මහතා මෙය නගරයට වටිනා සම්පතක් බව ද පැවසුවේය.
මහජන නියෝජිතයින් නොමැති කල මහනුවර මහ නගර සභාව ඉහළ සිට පහළට වංචාවෙන් හා දූෂණයෙන් පිරීගොස් තිබෙන බවත් මහජන සේවය ද එමගින් නිසි පරිදි ඉටු නොවන බව ද ජනතාව චෝදනා කරන බවත් හිටපු විපක්ෂ නායක සේන දිසානායක මහතා කීය.










