ප්‍රවීණ කාටූන් නිර්මාණ ශිල්පී කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය. කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වන විට 84 වියේ පසුවිය.Sri Lanka Latest News
කැමිලස්ගේ ගජ මෑන් මෙරට අතිශය ජනාදරයට පත් වූ කාටූන් චිත්‍ර කතාවක් වූ අතර එම චිත්‍රකතාව ඇසුරින් මෑත කාලයේදී නිෂ්පාදනය කෙරුණු ගජ මෑන් චිත්‍රපටයද ජනාදරයට පත්විය. කැමිලස් පෙරේරා 1939 දෙසැම්බර් 1 වැනිදා මීගමුවේ උපත ලැබූ අතර පිරිමි ළමුන් තිදෙනෙකු සහ ගැහැණු ළමුන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා විය.
1964 වසරේදී ලේක්හවුස් ආයතනයේ “සරසවිය” පුවත්පතින් කැමිලස් පෙරේරා මහතා කාටූන් චිත්‍රකතා නිර්මාණයට පිවිසිණි.










