වත්තල ප්‍රධාන මාර්ගය අසල දී කාන්තාවකට අත්විලංගු දමා ලේ වැගිරෙන්න පහරදෙමින් පාර දිගේ ඇදගෙන ගිය පොලිස් සැරයන්වරයකු වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. (Sri Lanka Latest News)
කාන්තාව සමග ඇති ගනුදෙනුවක් හේතුවෙන් අදාළ පොලිස් සැරයන්වරයා ඊයේ (16) මෙම පහරදීම සිදුකර තිබෙන බව සඳහන්.
වත්තල පොලීසියේ චෝදනාගාරය අසල කාන්තාවක් කෑගසමින් සිටින ශබ්දය ඇසී පොලිස් ස්ථානාධිපතිවරයා එම ස්ථානයට යන විටත් කාන්තාවගේ නළලේ ලේ වහනය වෙමින් තිබූ බවත්, ඒ අවස්ථාව වන විටත් ඇයගේ අත්වලට විලංගු දමා තිබී ඇතැයි ද අනාවරණය වුණි.
පොලිස් සැරයන්වරයා රාත්‍රී රාජකාරි විවේකයෙන් පසු නිල ඇඳුමින් නිවස බලා යන අතරේ මෙම පහරදීම සිදුකර ඇති බව අනාවරණය වීමෙන් අනතුරුව අදාළ සැරයන්වරයාව අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ පොලිස් නිලධාරියා ජාඇල පොලීසියට අනුයුක්තව කුරුඳුවත්ත පොලීසියේ විශේෂ රාජකාරි යොදවා සිටි අයෙකු බව හෙළි වී ඇත.
newscenter











