• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්ටර් ජෙරොම්ගේ ‘මිරකල් ඩෝම්’ මාලිගාවේ රහස් සියල්ල හෙළිවෙයි! කෝටි 9ක් වටිනා මිනුවන්ගොඩ ඉඩම දීලා තියෙන්නේ කෝටිපති ව්‍යාපාරිකයෙක් වෙච්ච හිටපු පොලිස් නිලධාරියෙක්! දැවැන්ත ඇඟලුම් කම්හලකත් හිමිකරුවෙක්! ජෙරොම්ගේ දේශනා අහලා දියුණු වුණාලු! ජෙරම්ට එන ආදායම හිතාගන්නත් බෑලු! හැබැයි සියලු ආදායම් විගණනය කරලා! Sri Lanka Latest News

July 17, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
පාස්ටර් ජෙරොම්ගේ ‘මිරකල් ඩෝම්’ මාලිගාවේ රහස් සියල්ල හෙළිවෙයි! කෝටි 9ක් වටිනා මිනුවන්ගොඩ ඉඩම දීලා තියෙන්නේ කෝටිපති ව්‍යාපාරිකයෙක් වෙච්ච හිටපු පොලිස් නිලධාරියෙක්! දැවැන්ත ඇඟලුම් කම්හලකත් හිමිකරුවෙක්! ජෙරොම්ගේ දේශනා අහලා දියුණු වුණාලු! ජෙරම්ට එන ආදායම හිතාගන්නත් බෑලු! හැබැයි සියලු ආදායම් විගණනය කරලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සිය දේශන හරහා බුදු දහමට මෙන්ම හින්දු සහ ඉස්ලාම් යන දහම්වලට ද එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කරනවාත් සමඟ මාස දෙකකට පෙර රටින් පැන්න ෆෙඩ්රික් ක්‍රිස්ටෝපර් ජෙරොම් ප්‍රනාන්දු නොහොත් ෆාස්ටර් ජෙරොම් තාමත් සිටින්නේ රටින් බැහැරවය. සිය අඹුදරුවන් සමඟ මැයි 14 වෙනිදා සිංගප්පූරුව බලා පිටත්ව ගිය ජෙරොම් නැවත මැයි 21 වෙනිදා මෙරටට පැමිණෙන බව කීවත් ඒ කියූ මැයි 21 වෙනිදා තාමත් ඔහුට උදා වී ඇති බවක් නම් පෙනෙන්නට නැත. ඒ මෙරටට එන මොහොතේදී ගුවන්තොටුපොළේදීම තමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා බව දන්නා බැවිනි. ෆාස්ටර් ජෙරොම් නැවතත් මෙරටට පය තබන්නේ නම් ඔහු පැමිණෙන්නේ නිදහසේ මෙරටට පය තැබීමට හැකි නීතිමය වාතාවරණය උදා වීමෙන් අනතුරුව පමණි. ඒ වෙනුවෙන් ඔහුගේ නීතිිඥවරුන් පමණක් නොව, බලවත් අනුගාමිකයන් මේ වන විට නොගන්නා වෙහෙසක් නැති තරම්ය.Sri Lanka Latest News

ෆාස්ටර් ජෙරොම්ට එරෙහිව සිදු කරනු ලබන විමර්ශන ගණන 02කි. එක් විමර්ශනයක් සිදු වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකරගේ අධීක්ෂණයෙනි. ඒ ආගම්වලට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙනි. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ එකී විමර්ශන සිදු වන්නේ මැයි 16 වෙනිදා සිටය. මැයි 14 වෙනිදා පාස්ටර් ජෙරොම් රටින් පිටව යාමෙන් පසු ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පවා කොටුව අධිකරණය මඟින් ලබා ගන්නේ එම විමර්ශනයන්ට අදාළවය. ෆාස්ටර් ජෙරොම් නැවතත් මෙරටට පය නොතබන්නේ එම විදෙස් ගමන් තහනමට අනුව නැවත මෙරටට පැමිණි විට අත්අඩංගුවට ගන්නා බව දන්නා බැවිනි.

ෆාස්ටර් ජෙරොම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුලදී සිය විමර්ශන පවත්වන්නට යෙදුණේ මහත් උ‍ෙද්‍යා්ගයකිනි. එහිදී ෆාස්ටර් ජෙරොම්ගේ උපතේ සිට මේ දක්වා බොහෝ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා බැලුවේය. ශාන්ත පීතර විද්‍යාලයේ ඔහු අධ්‍යාපනය ලබමින් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ හැටි ගැන පවා ඒ අතර විය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් අනාවරණය වී තිබුණු කරුණුවලට අනුව ඔහු පාසල් යන සමයේදී හොඳ කතෝලිකයෙකි. ඔහුට බයිබලය කටපාඩම්ය. කුමක් හෝ හේතුවක් මත ඔහු කතෝලික දහම අත්හැර වෙනත් ආගමික නිකායක් ගොඩනඟාගන්නේ දෙවියන් වහන්සේ කේන්ද්‍රකරගෙනය. සිය දේශනා ඔස්සේ ඔහු පෙන්වන්නට උත්සාහ දරන්නේ සෑම ආගමක්ම ඔහු විශ්වාස කරන දෙවියන් හා සම්බන්ධ කරමිනි. ෆාස්ටර් ජෙරොම්ට අද රටින් පිට රැඳී සිටීමට සිදුව ඇත්තේ එම මතය සමාජගත කරන්නට ගොසිනි.

මේ හැමදෙයක් ගැනම සියුම් හා ගැඹුරෙන් සොයා බැලූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර මුලදී තිබුණු උෙද්‍යා්ගිමත් විමර්ශනයක් දැන් දකින්නට නැති තරම්ය. ඒ ඇතැම් විට ෆාස්ටර් ජෙරොම් ගැන තවදුරටත් සොයන්නට කරුණු නැති නිසාද? නොමැති නම් ඔහුට එරෙහිව ක්‍රියාත්මක වීමට ශක්තිමත් සාක්ෂි නොමැති බැවින්ද? එසේත් නොමැති නම් ඊට එහා ගිය යම් හේතුවක් නිසා දැයි දන්නේ විමර්ශන නිලධාරීන් පමණි. මේ යන හැටියට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතින් ෆාස්ටර් ජෙරොම්ට එරෙහිව ක්‍රියාත්මක වීමට හැකියාවක් තිබේදැයි යන්න පිළිබඳව ඇත්තේද ගැටලුවකි. ඒ නතාෂා සහ රාජංගණයේ සද්ධාරතන හිමියන් සම්බන්ධයෙන් ද ෆාස්ටර් ජෙරොම්ට මෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතින් ක්‍රියාත්මක වූවත් තවදුරටත් ඒ අයට එරෙහිව එකී පනතින් විමර්ශන ඉදිරියට පවත්වා ගෙන යාමට හැකියාවක් නොමැති බව අධිකරණ ක්‍රියාමාර්ග වලින්ද පැහැදිලි වී තිබෙන බැවිනි. ඒ අනුව දැන් ඉතිරි වී ඇත්තේ ෆාස්ටර් ජෙරොම් පමණි.

පාස්ටර් ජෙරොම්ට එරෙහිව දෙවැනි විමර්ශනය සිදු වන්නේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල්ගේ අධීක්ෂණයෙනි. මෙම විමර්ශනයෙන් සොයා බැලෙන්නේ පාස්ටර් ජෙරොම් මුදල් විශුද්ධිකරණයට ගැනෙන වරදක්කර තිබේදැයි කියාය. ඒ ගැන සොයා බැලීම සඳහා ෆාස්ටර් ජෙරොම්ගේ වත්කම් මෙන්ම ඔහුගේ ආගමික නිකායේ සැළැස්ම එහි ව්‍යාප්තිය ගැන පවා ගැඹුරෙන් කරුණු අධ්‍යයනය කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයට සිදුවී තිබුණි. මාස දෙකක් තිස්සේ ලොකු මහන්සියක් ගෙන ෆාස්ටර් ජෙරොම්ගේ වත්කම් ගැන සොයා බැලුවත්, මෙතෙක් තවමත් ඔහු මුදල් විශුද්ධිකරණයෙන් වරදක් කර ඇති බවක් තබා වරදක් කිරීමට ආධාර හා අනුබලදීමක් කර ඇති බවක් වත් සොයා ගැනීමටවත් නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයට හැකියාවක් ලැබී නැත. එහෙත් ප්‍රකෝටි ගණනක වත්කම් සහ මුදල් හුවමාරු කිරීම් ගැන බොහෝ තොරතුරු නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සිය පරීක්ෂණ ඔස්සේ සොයා ගත්තේය.

ෆාස්ටර් ජෙරොම්ගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශනයේදී නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ගේ විශේෂ අවධානයකට යොමු වන්නේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පෙනෙන නොපෙ‍ෙනන මානයේ පිහිටි ෆාස්ටර් ජෙරොම්ගේ ග්ලෝරියස් පල්ලියේ නිවහන (Glorious Church) ලෙස හඳුන්වනු ලබන “මිරැකල් ඩෝම්” නමැති දැවැන්ත ශාලාව කෙරෙහිය. ඔපෙරා රඟහලක් මෙන් දැවැන්ත ඉදිකිරීමක් වූ එම ශාලාව ඇත්තේ කටුනායක මිනුවන්ගොඩ මාර්ගයේය. අක්කර 03ක් පුරාවට විහිදුණු ඉඩමක 5000කට පමණ පහසුවෙන් අසුන් ගැනීමට හැකි ආකාරයට ඉදිකර ඇති මෙම “මිරැකල් ඩෝම්“ ශාලාව ඉදිකිරීමට වැය වී ඇතැයි කියනු ලබන මුදල රුපියල් කෝටි 300 කට කිට්ටු මුදලකි. පිටතින් මෙන්ම ඇතුළතින්ද ආකර්ෂණීය නිර්මාණයක් වූ මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ 2015 වසරින් පසුවය. ඒ පාස්ටර් ජෙරොම්ට මෙම ගොඩනැගිල්ල ඉදි කළ ඉඩම පරිත්‍යාගයක් ලෙස ලැබෙන්නේ 2015 වසරේදී වන බැවිනි. වර්ග මීටර් 4,134ක වපසරියකින් යුක්ත මෙම ගොඩනැගිල්ල වසර 06ක් පුරාවට ඉදිකර විවෘත කෙරන්නේ 2022 මැයි 27 වෙනිදාය. ඒ දෙස් විදෙස් අනුගාමිකයන්ගේ සහභාගිත්වය ඇතිවය. ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවට අමතරව එහි ප්‍රදර්ශන ශාලා මෙන්ම රැස්වීම් ශාලා පහසුකම්ද ඇතැයි පැවසෙන්නේ නවීන තාක්ෂණයත් සමඟ මුසුවූ පහසුකම් සහිතවය.

නිතී විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මෙම ගොඩනැගිල්ල ඉදිකළ භූමියේ හිමිකරු පවා හමුවී තිබුණි. ඒ ආර්ථික අතින් ඉහළ වටිනාකමක් ඇති ප්‍රදේශයක පිහිටි මෙම ඉඩම එහි හිමිකරුවා පරිත්‍යාගයක් ලෙස ෆාස්ටර් ජෙරොම්ට ලබා දී තිබුණු බැවින් එකී පරිත්‍යාගශීලියා ගැනද යම් සොයා බැලීමක් කළ යුතුව තිබුණු බැවිනි. නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ තොරතුරු සඳහන් කරන ආකාරයට අනුව ඔහු හිටපු පොලිස් නිලධාරියෙකි. එමෙන්ම අපේ රටේ මේ වන විට සිටින අප්‍රකට ධනපතියන් අතර ද සිටින්නෙකි. කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලබා සිටින ඔහු ඇතුළු ඔහුගේ පවුලේ සෑම අයෙක්ම පාහේ ෆාස්ටර් ජෙරොම්ගේ අනුගාමිකයන්ය. ඔවුන් පවසන්නේ ෆාස්ටර් ජෙරොම්ගේ ආශීර්වාද දේව මෙහෙයන්ට සහභාගී වූ දින සිට ලෙඩදුක්වලින්ද මිදී ව්‍යාපාරද දියුණුවෙන් දියුණුවට පත්වූ බවය.

මෙම ව්‍යාපාරිකයා ප්‍රමුඛ පෙළේ සන්නාම නාමයක් සහිත ඇගලුම් කර්මාන්තයක හිමිකරුවෙකි. දැන් එම ඇඟලුම් කර්මාන්ත ශාලාව විදේශිකයෙකුට අලෙවිකර ඇති බව කියැවෙති. එය අලෙවිකර ඇතැයි පැවසෙන්නේ ඩොලර් මිලියන 19,000කටය. එම කර්මාන්ත ශාලාව පිහිටා ඇතැයි පැවසෙන්නේ ද කටුනායක නිදහස් වෙළඳ කලාපය කිට්ටුව පැත්තේය. කර්මාන්ත ශාලාව විදේශිකයෙකුට ලබා දුන්නද එම කර්මාන්ත ශාලාව පිහිටි ඉඩමේ අයිතිය තාමත් ඇතැයි කියනු ලබන්නේ මෙකී ව්‍යාපාරිකයාටය. එබැවින් ඉඩමේ මාසික කුලිය වශයෙන් පමණක් මෙම ව්‍යාපාරිකයාට ලැබෙන බව කියන මුදල රුපියල් ලක්ෂ 110කි. මෙකී ව්‍යාපාරිකයා අමුතු ආකරයේ අයෙකි. රාජ්‍ය නායකයන් පවා සමීපව ඇසුරු කළ අයෙක් වන ඔහුගේ පාසල් මිතුරන් අතරේද සමාජයේද දැවැන්ත චරිතයක්ය. තමා ඉගෙනගත් පාසලට පවා මෙම ව්‍යාපාරිකයා සිය පුද්ගලික මුදලින් පිහිනුම් තටාකයක් පවා ඉදිකර දුන්නේය. “මිරැකල් ඩෝම්” ශාලාව ඉදිකිරීමට ෆාස්ටර් ජෙරොම්ට පරිත්‍යාග කළ ඉඩම පවා ඔහු රුපියල් කෝටි 09කට මිලදී ගත්තක් බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේය. මුලදී කියැවුණේ නම් මෙම ඉඩම ඔහු මිලදී ගත්තේ රුපියල් මිලියන 72කට බවය. ඉඩම මිලදීගත් සැබෑ ගණන් මිනුම් ගැන තොරතුරු හරියටම එළියට එන්නේ ඉඩම පරිත්‍යාග කළ ව්‍යාපාරිකයා සමඟ නීති විරෝධි වත්කම් විර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට කථාබහ කිරීමට අවස්ථාවක් ලැබීමෙන් අනතුරුවය. එහිදී අනාවරණය වී ඇති ආකාරයට අනුව එම ඉඩම ඔහු මිලදී ගෙන ඇත්තේ ගම්පහ පැත්තේ ප්‍රබල දේශපාලනඥයකුගේ ඥාතියකුගෙනි. ඒ එම ඉඩමේ තරු පන්තියේ හෝටලයක් ඉදිකිරීමේ අපේක්ෂාවෙනි. එම අපේෂාව පසෙකලා ඉඩම ෆාස්ටර් ජෙරොම්ට පරිත්‍යාග කරනු ලබන්නේ ආශීර්වාද දේව මෙහෙයන් ඒ වන විට පවත්වාගෙන යන ගල්කිස්සේ පිහිටි ගොඩනැගිල්ල අනුගාමිකයින් දිනෙන් දින වර්ධනය වීම හේතුවෙන් ප්‍රමාණවත් නොවූ බැවින් ප්‍රමාණවත් ඉඩකඩ සහිතව දේශන ශාලාවක් ඉදිකිරීම වෙනුවෙනි.

ඒ ඔවුන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඉඩකඩ වෙන්කර ගනිමින් දේව මෙහෙයන් පවත්වන්නට සැලසුම් කරමින් තිබුණු මොහොතකදීය. මේ සියල්ල හෙළිවන්නේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් කරනු ලබන විමර්ශන ඔස්සේය.

ෆාස්ටර් ජෙරොම්ගේ අනුගාමිකයන් කොපමණ පිරිසක් සිටීදැයි නිශ්චිත ලෙස තහවුරු වී නැතත් “මිරැකල් ඩෝම්“ දේශන ශාලාව ගොඩනැඟීමේදී එම අනුගාමිකයන් අතරින් 18,000ක් දෙනා එය ගොඩනැඟීමට මුදලින් ආධාර ලබා දී ඇති බව නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි. එම පිරිස විසින් කොපමණ ආධාර මුදලක් ලබා දුන්නේද? ඒ අය කවුරුන්ද? ආදී තොරතුරුද මූල්‍ය අපරාධ විර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අතට මේ වන විටත් පත්ව හමාරය.

එම ලැයිස්තුවේ මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් බොහෝය. ඒ අතර වාහන අලෙවි ව්‍යාපාරවල නිරත ප්‍රසිද්ධම ව්‍යාපාරිකයකුගේ ද නාමයක් ඇත්තේ ඉදිරියෙනි. ඒ හැරුණු කොට නීති ක්ෂේත්‍රයේ මෙන්ම නීති කෙටුම්පත් කරන තැන්වලද ලොකු පුටුවල සිටින අය ද ඒ අතර නැත්තේම නැත. වෛද්‍යවරු, ඉංජිනේරුවරු, බැංකුකරුවන් වැනි සමාජයේ පිළිගත් නමගිය වෘත්තිකයන් ද ෆාස්ටර් ජෙරොම්ගේ අනුගාමිකයන් බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ පවා නිලධාරීන් දැන ගන්නේ “මිරැකල් ඩෝම්” ඉදිකිරීමට මුදල් පරිත්‍යාග කළ අයගේ ලේඛනය පරීක්ෂා කිරීමේදීය. ඒ හැරුණු කොට ඇතැම් රාජ්‍ය ආයතනවල මෙන්ම පුද්ගලික ආයතනවල ලොකු පුටුවල සිටින අය ද “මිරැකල් ඩෝම්” ඉදිකිරීමට ආධාර හා උපකාර කළ අය අතර නැත්තේම නැත. ඇතැම් රාජ්‍ය නිලධාරීන් මේ සඳහා මුදල් පරිත්‍යාග කර ඇත්තේ ඔවුන්ට රජයෙන් ලැබෙන වාහන බලපත්‍ර විකුණා බව ද විමර්ශනවලින් පෙනී ගොස් ඇත. ඒ අයගෙන් ඉදිරියේදී ඒ ගැන ප්‍රශ්න කිරීමට නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය සිටින්නේ සූදානමිනි.

මෙසේ “මිරැකල් ඩෝම්” ශාලාව ගොඩනැඟීමට මෙම අනුගාමිකයන් 18,000 දෙනා ආධාර දී ඇත්තේ පොඩි ප්‍රමාණයන්වලින් නොවීය. හිතාගන්න බැරි ප්‍රමාණවලින් පවා ආධාර මුදල් ලබා දී ඇත. ඒ සෑම ආධාර මුදලකටම රිසිට්පතක් පවා ලබා දී ඇත්තේ මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සහ පවත්වා ගෙන යාම වෙනුවෙන් ස්ථාපිත කළ සමාගමක් මඟිනි. මෙසේ ෆාස්ටර් ජෙරොම්ගේ ආගමික නිකායට සම්බන්ධ සමාගම් හයක් ඇති බව ද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පෙනී ගොස් ඇත. එම සෑම සමාගමක්ම විගණනය කරනු ලබන්නේ ජාත්‍යන්තර පිළිගැනීම්වලට පවා ලක්ව ඇති මෙරට ප්‍රමුඛ විගණන සමාගමක් විසිනි. එම සමාගමේ විගණන නිලධාරීන් කිහිපදෙනෙකුට පූර්ණ වශයෙන් මෙම කටයුත්තේ නිරතව සිටින බව සඳහන්ය.

“මිරැකල් ඩෝම්” ශාලාව පවා ඉදිකරනු ලබන්නේ දැවැන්ත ඉදිකිරීම් සමාගමක් මඟිනි. ඒ ඉදිකිරීම් සඳහා අවශ්‍ය සෑම නෛතික අවශ්‍යතාවක්ම සපුරමිනි. එබැවින් ඒ ගැන ද නීතිමය ගැටලු නොවීය. මෙම “මිරැකල් ඩෝම්” ශාලාව තුළ සතියේ සෑම ඉරිදා දිනකම පාහේ පැවැත්වෙන ආශිර්වාද මෙහෙයන් ගණන 08කි. මෙයින් පාස්ටර් ජෙරොම් පවත්වනු ලබන්නේ ප්‍රධාන දේව මෙහෙය පමණි. “මිරැකල් ඩෝම්” ඉදිකිරීමට මුදල් පරිත්‍යාග කළ අය අතර සිටින බලවතුන් බොහෝදෙනෙක් සහභාගී වන්නේ ඔහු මෙහෙයන් පවත්වන අවස්ථාවටය. සෙසු මෙහෙයන් පවත්වනු ලබන්නේ යැයි කියැවෙන්නේ සහායක දේවගැතිවරයන්ය. ඒ හැමෝම මෙහි වැටුප් ලබන අයය. පාස්ටර් ජෙරොම් ද මාසයකට මෙමඟින් රුපියල් ලක්ෂ 15ක වැටුපක් ලබන බව සඳහන්ය.

සිංගප්පූරුවට පැනගත් ෆාස්ටර් ජෙරොම් මේ දිනවල සිටින්නේ යැයි කියැවෙන්නේ එංගලන්තයේය. ඒ බව පසුගිය සතියේ අධිකරණයේදී ද කියැවිණි. එහි සිට පවා ඔහු සූම් තාක්ෂණය ඔස්සේ පසුගි කාලය පුරාම සිය අනුගාමිකයන් ඇමතුවේය. ආශීර්වාද මෙහෙයන් පවා සංවිධානය පවත්වනු ලැබුවේය.

මේ හැරුණු කොට පාස්ටර් ජෙරොම් ව්‍යාපාර උපදේශන ආශීර්වාද මෙහෙයන් පවා සිය අනුගාමික ව්‍යාපාරිකයන් වෙනුවෙන් පවත්වන බවට තොරතුරු පවා නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයට ලැබී ඇත්තේය. මෙම උපදේශන සේවාව මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් පැවැත්වෙන එකකි. ඒ සඳහා සහභාගි වන්නට අවස්ථාව ඇත්තේ කල්තියා ලියාපදිංචි වූ ව්‍යාපාරිකයන් සඳහා පමණි. එසේ ලියාපදිංචි වූ ව්‍යාපාරිකයන් 300ක් පමණ සිටින බව නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට පෙනී ගොස් ඇත්තේය. සතියකට එකක් වශයෙන් පැවැත්වෙන මෙම උපදේශන ආශිර්වාද මෙහෙයට ලියාපදිංචි වී සිටින ව්‍යාපාරිකයන් මෙරට පුරවැසියන් පමණක් නොව, ජෙරොම්ගේ අනුගාමිකයන් වන රටවල් 08ක ව්‍යාපාරිකයෝ සිටිති. පෙනී ගොස් ඇති ආකාරයට අනුව මෙම මෙහෙයට සම්බන්ධ වන වැඩිදෙනෙක් විදේශිකයන්ය. මේ හැම ව්‍යාපාරිකයෙක්ම මෙම උපදේශන දේව මෙහෙයට සම්බන්ධ වන්නේ අමෙරිකානු ඩොලර් 210ක් ගෙවමිනි. එම මුදල අය කෙරෙන්නේ සතියකට පැවැත්වෙන එක් දේශනයකට පමණි. මාසයකට මෙම ගණන ඩොලර් 840කි. මෙම ප්‍රමාණය පමණක් නොව, ඊට වඩා ලොකු ගණන් පවා ගෙවා ජෙරොම්ගේ දේශනවලට සම්බන්ධ වීමට ව්‍යාපාරිකයෝ සැදී පැහැදී සිටින බව මේ වන විටත් පෙනී ගොස් හමාරය. මේ හැම මුදලක්ම බැරවන්නේ මෙරට පිහිටි බැංකු ගිණුමකටය.

එම ගිණුම් පවා විගණනය වන බව නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට පෙනී ගියේය. මෙම ව්‍යාපාරික උපදේශන ආශීර්වාද මෙහෙයෙන් පමණක් උපයන මුදල සුළුපටු නැත. එය මාසයකට අමෙරිකානු ඩොලර් ලක්ෂ දෙකක් ඉක්මවනු ඇත. එම ගණන රුපියල් මිලියන හැට හැත්තෑවකට වඩා වැඩිය.

විමර්ශනවලින් පෙනී ගොස් ඇති ආකාරයට අනුව ෆාස්ටර් ජෙරොම්ගේ මෙම ආගමික සංවිධානය ලෝකයේ රටවල් රැසක මේ වන විටත් ව්‍යාප්ත වී හමරාය. ඉතාලිය, ස්වීඩනය, ඉන්දියාව, එක්සත් රාජධානිය, කෙන්යා, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, මලයාසියාව, අමෙරිකාව, කැනඩාව, කටාර්, සිංගප්පූරුව සහ ඔස්ට්‍රේලියාව ඒ අතර ඇති බව සඳහන්ය. ජෙරොම්ගෙන් ආශිර්වාද ගැනීමට මාර්ගගතව සම්බන්ධ වන ව්‍යාපාරිකයන්ද මෙකී රටවල් නියෝජනය කරන්නන්ය.

විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ ජෙරොම්ගේ ආගමික සංවිධානය ක්‍රියාත්මක වන්නේ නව ආගමික නිකායක් ලෙසින් බවය. කටුනායක පිහිටි “මිරැකල් ඩෝම්” ක්‍රියාත්මක වන්නේ එහි ප්‍රධාන පල්ලිය ලෙසිනි.

“ අපේ ජීවිතේ ලොකු වෙනසක් ඇති වුණා. ෆාස්ටර් ජෙරොම්ගේ ආශීර්වාදවලින්” පාස්ටර් ජෙරොම්ගේ අනුගාමිකයන් පවසන්නේ මෙවන් කතාවකි. වැඩිදෙනෙක් ව්‍යාපාරිකයන් මෙන්ම සමාජයේ බලපෑම් කළ හැකි පිරිස්ය. ෆාස්ටර් ජෙරොම්ගේ අදටත් ආරක්ෂකයන් බවට පත්ව සිටින්නේ ඒ අයය.

ගල්කිස්සේ කුඩා ඉඩකඩක ක්‍රිස්තියානි භක්තිකයන් කිහිපදෙනකු තමා වෙත නම්මාගෙන ඇරඹි මෙම නව නිකාය ඔහු මේ වන විටත් ලොව පුරා ව්‍යාප්ත කරමින් පවතින්නේ සිය අනුගාමිකයන් හරහාය. එම අනුගාමිකයන්ගෙන් ලැබෙන හැම මුදලක්ම මෙරට බැංකු ගිණුම්වලට බැරවී ඇති බව ද විමර්ශනවලින් පෙනී ගොස් ඇත. හොර පාරෙන් ෆාස්ටර් ජෙරොම්ට මුදල් ලැබී ඇති බවක් නම් මෙතෙක් කර ඇති විමර්ශනවලින් තහවුරු වී නැත. ඒ යැයි කියා විමර්ශන තවමත් අවසන්ව නැත. නීති විරෝධි වත්කම් විර්ශන කොට්ඨාසයේ නිලධාරීන් තවදුරටත් ඒ ගැන සොයමින් සිටින්නේ පෙනෙන්නට ඇති දේට වඩා නොපෙනෙන පැත්තක් තිබෙන්නට ඇති හැකියාවන්ද ඇති බැවිනි.

ගයාන් කුමාර වීරසිංහ

සිලුමිණ

SendShareShare
Previous Post

හොඳට බීලා ඉක්මනින් ගෙදර යන්න මෝටර් බයික් එක හයිවේ එකට දාලා! I Sri Lanka Latest News

Next Post

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

MORE NEWS

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News
Exclusive

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News
Exclusive

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

Load More
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

කිසිවකුගේ කොන්ත්‍රාත්තුවකට අනුව විපක්ෂයට හා විපක්ෂනායකවරයාට ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව පොහොට්ටුවේ දැඩි ප්‍රහාරයට ලක්වූ තිස්ස කුට්ටිආරච්චි යළිත් වතාවක් විපක්ෂයට සහ...

Read more
නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.