චීන මහජන සමූහාණ්ඩුවේ ආධාර මත,මාතර දිස්ත්‍රික්කයේ හඳුනාගත් ආර්ථික දුෂ්කරතා ඇති පාසල්වල සිසුන්ට නොමිලේ පාසල් පාවහන් බෙදාදීමේ වැඩසටහන යටතේ ,මාර/දෙනියාය හැන්ෆර්ඩ් දෙමළ කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් සඳහා පාවහන් බෙදාදීම ඊයේ (16)දින පැවැත්වුණි.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු චී ෂෙන්හොන්ග් (Qi Zhenhong)මහතා,විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගරු කංචන විජේසේකර මහතා ,මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නිපුන රණවක මහතා ඇතුලු චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් හා ප්‍රාදේශීය නායකයින් සහභාගී විය. Sri Lanka Latest News













