බීමත් රියදුරෙකු සිදුකළ අනතුරකින් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ බිරිඳ තුවාල ලබා ඇති බව වාර්තා වනවා. (Sri Lanka Latest News)
කොළඹ පිත්තල හන්දියේ ආලෝක සංඥා අසල ඊයේ (16) මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වෙත ලබාදී ඇති පොලිස් මෝටර් රථය පිත්තල හන්දියේ ආලෝක සංඥාවලට නවතා තිබිය දී බීමත් රියදුරෙක් පැදවූ මෝටර් රථයක් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මෝටර් රථයේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර සම්බන්ධයෙන් බීමතින් රිය පැදවූ රියදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
dasathalankanew










