1969 අවුරුද්දේ පෙබරවාරි මාසේ නව වැනිදා දොඩංගොඩදී උපත ලබපු වීරසූරිය ලියනාරච්චිගේ සමන් ප්‍රියන්ත 1988 දී පොලිසියට යනවා. 69 ඉපදිච්ච සමන් ප්‍රියන්තට 88 වෙද්දී වයස අවුරුදු 19යි. අවුරුදු 19න් පොලිසියට කොස්තාපල්වරයෙක් විදිහට සේවයට එකතු වෙන සමන් ප්‍රියන්ත ගැන තමයි අපි අද මේ කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ.Sri Lanka Latest News
සමන් ප්‍රියන්ත ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ දොඩංගොඩ නෑහින්න ද්විතීයික පාසලෙන්. අධ්‍යාපනයෙන් පස්සේ කළුතර ඥානෝදය මහා විද්‍යාලයට සමන් ප්‍රියන්ත ඇතුළු වෙනවා. 1989 අවුරුද්දේම ඔහු විශේෂ කාර්ය බළකායේ සන්නිවේදන අංශයේ සේවයට එකතු වෙනවා. පසුව අම්පාර කොට්ඨාසයේ අයත් සංගමන්කන්ද ප්‍රදේශයට ඔහු සේවය සඳහා පිටත් වෙනවා. 1990 වෙනකොට ප්‍රියන්ත වීරසූරියට පොලිස් රාජකාරියේ ඉන්න ගමන්ම උසස් පෙළ විභාගය ලියන්න පුළුවන් වෙනවා. ඔහු උසස් පෙළ විභාගයට මුහුණ දීලා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් වෙන්න වරම් දිනාගන්නේ උසස් පෙළ ප්‍රතිඵලවල හොඳම ප්‍රතිඵලයක් සහිතව. නමුත් ඔහු 1992 වෙනකොට තමන්ගේ වෘත්තීය ජීවිතයේ උපරිම ජයග්‍රහණයන් ලබන තැනට සමත් වෙනවා. ඔහු පරිවාස උප පොලිස් ලෙස සේවයට එකතු වෙනවා. කොස්තාපල්වරයෙක් ලෙස සේවයට එකතු වෙච්ච ඔහු, උසස් පෙළ ලියලා, විශ්වවිද්‍යාල වරම් ලබලා, නීති පීඨයට ඇතුළත් වෙලා ආයෙත් පොලිසියට එනවා.
ඔහු ඉතාම දක්ෂ නිලධාරියෙක් සහ ඉතාම දක්ෂයෙක් බවට හඳුනාගත හැකියි. 1993 ජූලි මාසයේ ඔහු නීති පීඨයට ඇතුළත් වුණු බව සඳහන් වෙනවා ඔහු පිළිබඳ කරුණු කාරණා හොයලා බලද්දී. නීති පීඨයේ සහ නීති විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන ඔහු පසුව නීතිඥවරයකු ලෙස දිවුරුම් දෙනවා.
1999 වෙද්දී ඔහුට පුළුවන් වෙනවා ඔහුගේ ගමන තව ටිකක් ඉස්සරහට යන්න. ඔහු සහකාර පොලිස් අධිකාරී ධුරයට පත්වෙනවා, පරිවාස සහකාර පොලිස් අධිකාරී විදිහට. මේ කාලය ඔහුගේ ජීවිතයේ ඉතාම තීරණාත්මක කාලයක් වගේම රටටත් බොහොම වැදගත් කාලයක්. මොකද අපි දන්නවා ලංකාවේ දරුණු යුද ගැටුම් ඇවිළුණු කාලයක් තමයි මේ කියන කාලය.
මේ තරුණ ප්‍රියන්තට විවිධ අවස්ථවලදී දරුණු ගැටුම් අතරට මැදිවෙන්න පවා සිද්ධ වෙනවා. ශ්‍රී ලංකාවේ බොහෝ දුරට යුද්ධය ඇවිලුණු කාලයක තමයි ඔහුට මේ තනතුරු තානාන්තර ලැබෙන්නේ. ඔහු පොලිසියට එකතු වෙන්නේ. සාමාන්‍යයෙන් රටේ පොලිස් සේවයට නැත්නම් ආරක්ෂක අංශවල සේවයට පුද්ගලයන් එකතු වෙන්නැති කාලයක තමයි ඔහුට මේ විදිහට එකතු වෙන්න සිද්ධ වෙන්නේ.
කොක්කෙළිය පොලිස් මුරපළේ ස්ථානාධිපතිවරයා විදිහට කටයුතු කරන්න ඔහුට වරක් සිද්ධ වෙනවා. ඒ වගේම ඒ ප්‍රදේශයේදී ඔහුට විශාල ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වුණු බවත් ඔහු පිළිබඳ හොයලා බලද්දී අපිට දැනගන්න ලැබුණා. ඔහුත් සමග හිටපු කණ්ඩායමක්ම මියගිය අවස්ථාවක් ගැන අපි දැක්කා සඳහන් වෙලා තියෙනවා. නමුත් මේ සියලු දේවල් ජයග්‍රහණය කරමින් ඔහු ඉතාම අපහසු කාලයකින් පස්සේ දීර්ඝ ගමනක් යන්න සමත් වෙනවා. ඒ වගේම මේ සිදුවීම වෙන්නේ එල්.ටී.ටී.ඊ. පිස්තෝල කණ්ඩායමක් විසින් පොලිස් නිලධාරීන් 20 දෙනකු ඝාතනය කිරීමේ කතාව. ඔහු මඩකළපුව කොට්ඨාස භාර නිලධාරියා විදිහට පත්වෙලා ඉන්න කාලේ තමයි, අපි කියන කරුණු නිවැරදි නම් මේ සිදුවීම සිද්ධ වෙන්නේ. ඔහුට මේ වෙලාවේ සිද්ධ වෙන්නේ ඉතාම අස්ථාවර මඩකළපුවක් යළි ස්ථාවර කරන්න. අපි දන්නවා සාමාන්‍යයෙන් හමුදාවටත් වඩා ලොකු රාජකාරියක් පොලිසියට පැවරෙනවා යුද්ධ කාලේදී. හමුදාවට සිද්ධ වෙන්නේ සටන් කරන්න. සටන් කරලා ඔවුන්ට සිද්ධ වෙනවා සතුරන් මරලා දාලා ආපහු එන්න. එක්කෝ ඒ ප්‍රදේශය අත්පත් කරගන්නවා, නැත්නම් අතහැරලා දානවා. නමුත් සමහර වෙලාවට 100%ක් ත්‍රස්තවාදීන් ඉන්න ප්‍රදේශවල තමන්ගේ පොලිස් රාජකාරිය නිවැරදිව සිද්ධ කිරීමේ වගකීම පොලිස් නිලධාරීන්ට පැවරුණා. අපි කවුරුත් පොලිසියට ඒ ගෞරවය තාම දෙන්නේ නැහැ. නමුත් අපිට මේ නිලධාරියා සම්බන්ධයෙන් කතා කරද්දී මේ කාරණය ආයෙත් මතක් වුණා.
කොහොම වුණත් මේ නිලධාරියා ඉතාම දක්ෂයෙක් විදිහට තමන්ගේ ගමන ඉදිරියට යනවා. ඔහුට සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයාගේ භූමිකාව භාරගන්න සිද්ධ වෙනවා. ඔහුට පොලිස්පති ප්‍රශංසා ලැබෙනවා. 2010 අප්‍රේල් මාසේ වෙනකොට ඔහුට හයිටි රාජ්‍යයේ සේවයට යන්නට අවස්ථාව ලැබෙනවා. මේක ඔහුගේ ජීවිතයේ තවත් සුවිශේෂ අවස්ථාවක් වෙනවා. මේ හයිටි රාජ්‍යයේ කටයුතු ඉවර කරලා ඔහු ලංකාවට එන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයට පත්වෙලා, තනතුර ඉහළ නංවාගෙන. ආයෙත් 2016 මැයි 12 වැනිදා ඔහු නියෝජ්‍ය පොලිස්පති තනතුර භාරගන්නවා. 2020 වෙනකම්ම ඔහු එම තනතුර දරමින් කටයුතු කරනවා. ලංකාවේ දේශපාලන අස්ථාවර බවක් උදාවෙනවා.
පොලිස්පති සෙල්ලමක් පටන් ගන්නවා. පොලිස්පති තනතුර බරපතළ ගැටලුවක් බවට පත්වෙනවා. දේශබන්දු හිරේ යනවා. පොලිස් නිලධාරීන්ගෙ තනතුරු තාන්නමාන්න අභියෝගයට ලක්වෙනවා. ඒ සියල්ල අස්සෙ අලුත් පොලිස්පතිවරයෙක් පත්වෙනවා.
අපි දන්නවා මේක ලේසි කාර්යයක් නෙමේ. රට තියෙන තැනත් එක්ක හුඟක් දේවල් වෙනස් කරන්න වෙයි. රතිඤ්ඤා පත්තු කරනවා වගේ වෙඩි පත්තු වෙන අස්සෙ පොලිසියට කරන්න හුඟක් දේවල් තියෙයි.
කොහොම වුණත් පොලිස්පතිතුමනි,
සුබ කාලයක් උදාවේවා… රට රටක් කරන්න ඔබට ශක්තිය ලැබේවා….
‘මව්රට’ අපෙන් ඔබට සැලියුට්…

ජීවන පහන් තිළිණ










