මහරගම පිළිකා රෝහලේ (අපේක්ෂා රෝහලේ) පෙට් ස්කෑන් යන්ත්‍රයේ පරීක්ෂණ කටයුතු මාසයකට ආසන්න කාලයක සිට ඇණහිට ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණ නිලධාරින්ගේ සංගමය පවසයි. (Sri Lanka Latest News)
එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේල පෙට් ස්කෑන් පරීක්ෂණ සඳහා යොමුවන රෝගීන්ට ලබා දෙන එෆ් ඩී ජී නැමති ඖෂධය නොමැති වීම ඊට හේතුව බවයි.
ඒ හේතුවෙන් පෙට් ස්කෑන් පරීක්ෂණ සඳහා යොමු කර ඇති රෝගීන් රැසක් දැඩි පීඩාවට පත්ව ඇති බව ඔහු පෙන්වා දෙයිග
ඔහු ප්‍රකාශ කළේල එවැනි පරීක්ෂණයක් පෞද්ගලික අංශයෙන් සිදු කිරීමට රුපියල් ලක්ෂ 3ක් පමණ වැය වන බවයි.
මේ සම්බන්ධයෙන් මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතාගෙන් කළ විමසීමකදී
ඔහු පැවසුවේ අදාළ ඖෂධ මේ වනවිට ඇණවුම් කර ඇති බවයිග
ඖෂධ ආනයනය කරන සමාගම ජාතික ඖෂධ අධිකාරියේ ලියාපදිංචි කිරීමේ පවතින ගැටලුවක් හේතුවෙන් යම් ප්‍රමාදයක් සිදුව ඇති බවද වෛද්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
newsfirst









