සිය සේවා කාලය අවසන් කර නික්ම යන ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මටේරි මහතා ( Yury Materiy) ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
ධුර කාලය අවසන් කර ශ්‍රී ලංකාවෙන් නික්ම ගියත්, දෙරට අතර සබදතා වර්ධනය කරගැනීමට තවදුරටත් කටයුතු කරන බව පැවසූ මටේරි මහතා, දෙරට අතර සංචාරක කර්මාන්තය වර්ධනය කරගැනීමට සුවිශේෂ අවධානයක් යොමු කරන බවද සදහන් කළේය.
යූරි මටේරි මහතා සිය ධුර කාලය තුළ ශ්‍රී ලංකාවට ලබාදුන් සහාය අගය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ඒ පිළිබද මටේරි මහතා වෙත සිය කෘතඥතාව පළ කළ අතර ඔහුගේ ඉදිරි කටයුතු සාර්ථක කරගැනීමටද සුභාශිංසන පිළිගැන්වීය.
ආර්ථික අර්බුදය ජයගෙන ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව ඇති බව සදහන් කළ මටේරි මහතා ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සිය සුභාශිංසන එක් කළේය











