• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජ්‍ය අමාත්‍යවරු පඩි නොගන්න කතාව රාජ්‍ය ඇමැති සනත්ම බොරු කර පෙන්වයි! සමහර ඇමැතිවරුන්ට අමාරුයි! ඒ නිසා මම නම් පඩිය ගන්නවා!

September 9, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ෆේස්බුක් එකේ කමෙන්ට් දැමූ අයකුට සනත් නිශාන්ත ‘ජාතිය අමතයි’! වීඩියෝව ‌ලීක්වෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ඉතාමත්ම අඩු ආදායම් ලබන අපහසුතාවයෙන් පෙළෙන බොහෝ මැති ඇමතිවරුන් පිරිසක් සිටින නිසා තමන් වැටුප් නොගෙන වැඩ කලොත් ඒ අයට අසාධාරණයක් වන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

එනිසා තමන් වැටුප් ගන්නා බවත් එම වැටුප් නැවතත් ජනතා සේවයට යොමු කරන බවත් ඔහු පැවසීය.

අද තම අමාත්‍යංශයේ දී පැවැති වැඩ භාරගැනීමේ අවස්ථාවේදී මාධ්‍ය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

රට තුල අද පානිය ජලය පිළිබඳව ලොකු ගැටලුවක් තිබෙනවා. සමස්ත ජනගහනයෙන් මම විශ්වාස කරන හැටියට 62% කට ආසන්න ප්‍රමාණයකට තමයි මේ වෙද්දි පානීය ජලය නල මාර්ගයෙන් අපි සපයල තියෙන්නේ. ඒ නිසා ඉතිරි කොටස ලබාදිය යුතුව තිබෙනවා. ඒ සඳහා විශාල වැඩසටහනක් විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් අපි නිර්මාණය කරා. ඒවා ඉදිරියට යමින්  තිබෙනවා. මෙතනදී අපට ප්‍රධාන වශයෙන් රටේ ඇතිවුණු ආර්ථික අර්බුදය  ලෝක වසංගත තත්ත්වය ලෝක ආර්ථික ගැටලුව නිසා අප යම්කිසි පසුබෑමකට ලක් වුණා. මං හිතනවා  පානීය ජල අමාත්‍යංශය හැටියට අපිට ගැටළුවක් නැතුව ඉස්සරහට යන්න පුළුවන් වෙයි. ප්‍රධාන වශයෙන් ඉන්දියන් credit line එකෙන් අපිට විශාල මුදල් ප්‍රමාණයක් අපිට අවශ්‍ය කරන ජල නල සහ උපාංග මිලදී ගැනීම වෙනුවෙන් අපිට ලැබී තිබෙනවා. ඒ නිසා ඒ ටික ලැබෙන කොට අපිට මේ තියෙන ව්‍යාපෘති ටික ඉදිරියට කරගෙන යන්න පුළුවන් වෙයි. ඒ නිසා පානීය ජල ගැටලුව විසඳන්න පවස නිවන ඉලක්කයට ගමට වතුර ගෙනයන වැඩසටහන තුලින්  අපිට ඉස්සරහට යන්න පුළුවන් වේවි. විශේෂයෙන්ම කෙහෙළිය රඹුක්වැල්ල අපේ අමාත්‍යතුමා එතුමා මගෙත් එක්ක පෞද්ගලිකව  කතා කළා. එතුමා අපි බොහොම දන්නා අදුනන අපි බොහොම ලෙන්ගතුව වැඩකරන අමාත්‍යවරයෙක්. මේ වෙලාවෙදි අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ වාසුදේව නානායක්කාර මැතිතුමා. එතුමා අද අපි අමාත්‍යාංශයේ කැබිනට් ඇමතිවරයා හැටියට නොසිටීම පිළිබඳව එක පැත්තකින් කණගාටු වෙනවා. එතුමා  ඉතාමත්ම මේ රටට ආදරය කරන හොඳ නායකයෙක් එතුමගේ යම්කිසි දැක්මක් තිබිච්චි නායකයෙක්. ඒවගේම එතුමා පිළිබඳව අපි විශේෂයෙන් මතක් කරන්න මම මීට පෙර රාජ්‍ය අමාත්‍යවරයා හැටියට වැඩ කරන හැම වෙලාවකම එතුමා වැඩිහිටියෙක් හැටියට ගුරුවරයෙක් හැටියට ඉදිමින් අපිව යහමග ගෙනියන්න කටයුතු කෙරුවා. එතුමගෙ ප්‍රතිපත්තිමය කාරණා එක්ක මෙවර අමාත්‍ය ධූරය භාර නොගත්තත් එතුමා කරපු සේවාව අපි අගය කරනවා සහ මතක් කරනවා.යැයි පැවසු සනත් නිශාන්ත මහතා,

අද නම වැනි මාසෙ නම වැනිදා මං හිතන්නේ අපි අමාත්‍ය ධුරයෙන් ඉල්ලා  අස් වෙන්නෙ එහෙම නැත්නම්  අපි අමාත්‍යධූරයෙන් ඉවත් වෙන්නේ මැයි මස නම වෙනිදා.ඒ නිසා මේක දෛවෝපගත සිදුවීමක් කියලයි මම විශ්වාස කරන්නේ. කොහොම නමුත් අපිට රටේ ජනතාවට විශාල වැඩකොටසක් කරන්න තියෙනවා. අභියෝගයක් තියෙනවා. ලෝක වසංගත තත්ත්වයත් එක්ක ලෝක ආර්ථික අර්බුදයත් එක්ක අපි මේ සියල්ල කළමනාකරණය කරමින් අමාත්‍යාංශයේ කටයුතු කොහොමද කරන්නේ කියන කාරණය සම්බන්ධව  අපි කල්පනා කරන්නට ඕන. අපි බොහොම සතුටින් වැඩ කරපු අමාත්‍යාංශයක්. හොඳ නිලධාරි මණ්ඩලයක් ඉන්නවා. විශේෂයෙන්ම ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, ප්‍රජා ජල දෙපාර්තමේන්තුව සහ ජල සම්පත් මණ්ඩලය කියන මේ හැම ආයතනයකම ඉතාමත්ම කාර්යශූර හොඳ නිලධාරි කණ්ඩායමක් ඉන්නවා. සමහර අලස නිලධාරීනුත් ඉන්නවා ඒ අයව උනන්දු කරවමින් අපිට ඉස්සරහට යන්න වෙයි. ඒ නිසා මේ කටයුතු අපිට කරගන්න බාධාවක් වෙන එකක් නෑ. මොකද මේ පිළිබඳ අපි විශාල  වශයෙන් අධ්‍යනය  කරලා රට තුළ තියෙන තත්ත්වය පිළිබඳව අපිට යම්කිසි අත්දැකීමක් තියන නිසා රට වෙනුවෙන් වැඩ කොටසක් අපිට කරන්න පුළුවන් වෙයි කියන විශ්වාසය අපිට තියෙනවා. 

SendShareShare
Previous Post

රුසියානු තානාපති රනිල් හම්බවෙලා යන්නම යයි!

Next Post

චානක ඊයේ වනජීවී එපා කිව්වා! අද විදුලිබල දීලා!

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.