පාර්ලිමේන්තු මුදල් කමිටුවේ සභාපති ධුරය සමගි ජන බලවේගයේ අචාර්ය හර්ෂ ද සිල්වා මහතාට ලබා දීමට තීරණය කොට ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරයා ඊයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ බව දැනුම් දී ඇතැයි දැනගන්නට ඇත.
ඒ අනුව හෙට දිනයේදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ මේ බව මුදල් කමිටුවට දැනුම් දීමට නියමිතව තිබේ.
පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ යුත්තේ ස්ථාවර නියෝගවලට අනුව විපක්ෂයේ මන්ත්‍රීවරයෙකි.
ඒ අනුව සජබය ඊට නම් කළේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාය.
නමුත් ආණ්ඩුව පාර්ශ්වයෙන් ඊට විපක්ෂයේ මයන්ත දිසානායක මහතා පත්කොට පළමු වටයේදීම එහි කටයුතු අර්බූදයකට ලක් කිරීමට පියවර ගෙන තිබිණ.
මේ හේතුවෙන් පසුගිය කාලය පුරාම සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ හර්ෂ ද සිල්වා මහතා මෙම තනතුරට පත් කරන ලෙසටය.
අවස්ථා කිහිපයකදීම ආණ්ඩුව විවිධ මන්ත්‍රීවරුන් එම කමිටුවේ වැඩබලන සභාපති තනතුර සදහා නම් කිරීමට පියවර ගෙන වැඩකටයුතු සිදුකරගෙන ගියද විපක්ෂය දිගටම ආණ්ඩුවට බල කරමින් කියා තිබුණේ එම සභාපති ධූරය සදහා හර්ෂ ද සිල්වා මහතා පත් කළ යුතු යැයි කියාය.
ඒ අනුව ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව යාමට ප්‍රථම කබීර් හෂීම් සහ හර්ෂ ද සිල්වා මහතා ජනාධිපතිවරයා හමුවී අදාළ තනතුර ලබා ගැනීම සම්බන්ධයෙන් එකගතාව ලබා ගෙන තිබුණද ඊට පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාත්, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාත් විරෝධය පළ කිරීමට පියවර ගෙන තිබිණ.
opposition Sajith Premadasa Harsha De Silva finance committee Parliament










