වයස අවුරුදු 10 ක ළමයෙකු හෙරොයින් පානය කරමින් සිටියදී පේදුරුතුඩුව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
පොලීසියට ලැබුණු තොරතුරක් මත යාපනයේ වඩමරච්චි තුන්නාලේ ප්‍රදේශයේ අදාල ළමයා හමු වී ඔහුව පරීක්ෂා කළ අවස්ථාවේදීද ඔහු හෙරොයින් පානය කොට සිටි අතර තවත් හෙරොයින් පැකැට්ටුවක් ඔහු සන්තකයේ තිබී පොලීසියට හමු වී තිබේ.
පොලිස් පරීක්ෂණ වලදී හෙළි වි ඇත්තේ මෙම ළමයා ඊට වඩා වැඩි වයසින් යුත් ළමයින් සමග හෙරොයින් පානය කිරීමට ඇබ්බැහි වී සිටීම නිසා පාසල් ගමනද හමාර කොට ඇති බවයි.
අත් අඩංගුවට ගත් ළමයා පේදුරුතුඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.
child police taking drugs










