කටුනායක ගුවන්තොටුපොළ ආශ්‍රිතව ලියාපදිංචි කුලී රථ 2000කට වැඩි ප්‍රමාණයක් තිබෙන බවත් මෙම කුලී රථ සේවයේ සමිති 6ක 1057කුත් ටෙන්ඩර් ක්‍රමයට කවුන්ටර් හරහා 1000කට ආසන්න ප්‍රමාණයකුත් කුලී රථ හා විදේශීකයන් ප්‍රවාහන සේවාවේ නිරතව සිටියත් පසුගිය දිනක ගුවන්තොටුපොළ බාර ඇමතිවරයා විසින් මෙවැනි සේවාවක් තිබිය දී ඌබර් සහ පික්මී සේවාවන් ඇතුළත් කිරීමට තීරණය කර ඇති බවත් ඒ හේතුවෙන් කාලයක් පුරා කුලී රථ සේවාවේ නිතරව සිටි පිරිසට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය. Sri Lanka Latest News
පසුගිය දිනක කුලී රථ සේවා සංගම් කිහිපයක සාමාජිකයන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී මෙම අසාධාරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමෙන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හඬ නැගීය.
දැනගන්නට ඇති තොරතුරු අනුව කිසිදු ප්‍රසම්පාදන ක්‍රමවේදයකින් තොරව මෙම නව ඇතුළත් කිරීම සිදු කර ඇති බවත් මිට පෙර රටේ ඇති වූ කොරෝනා ව්‍යාප්තිය පාස්කු ප්‍රහාරය සහ ආර්ථික අවපාතය හේතුවෙන් කුලී රථ රියදුරන්ට හිමි වාර සංඛ්‍යාව පවා අඩු කර ඇති මොහොතක මෙවැනි ක්‍රියාවක ඇමතිවරයා නිතර වී අනුමත කළ නොහැකි බවත් එය කුලී රථ රියදුරන්ට අසාධාරණයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ගුවන්තොටුපොළ ඇතුළත මෙම සමාගම් ද්විත්වයේ දැන්වීම් පවා ප්‍රචාරය කරන බවත් මේ හේතුවෙන් කුලී රථ රියදුරන් 2000කට ආසන්න පිරිසකගේ රැකියා සහ පවුල් අනාථ වී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ නව සංකල්ප ගෙන ඒමේදී කිසිදු පාර්ශ්වයකට අසාධාරණයක් නොවන ආකාරයට එය සිදු විය යුතු බව යි.










