රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් තමන්ට ද ගැටළුවක් ඇති බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි. Sri Lanka Latest News
විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක් ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බව පවසන මන්ත්‍රීවරයා, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුව සහ රට දැනුවත් කළ යුතු බව පවසයි.
රජය ප්‍රතිව්‍යුහගතකිරීමට බලාපොරොත්තුවන ආයතන කවරේද යන්නත්, එම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තීරණය කර තිබෙන්නේ කවර හේතුවක් නිසාද යන්නත්, ජනාධිපතිවරයා හෙළි කළ යුතු බව මන්ත්‍රීවරයාගේ අදහසයි.
එමෙන්ම, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී, අදාල පෞද්ගලික ව්‍යවසායකයන් සමග රජය ඇති කරගන්නා එකගතා මොනවාද යන්න රටට හෙළි කළ යුතුව ඇති බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි. විශේෂයෙන්ම, සේවකයන්ට හිමිවන අයිතිවාසිකම් සහ සේවකයන්ගේ සුරක්ෂිතතාවය පිළිබදවද රජය සැලකිලිමත් විය යුතු බව මන්ත්‍රීවරයා පවසයි.










