ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද විපක්ෂයේ පක්ෂ නායකවරු පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී හමුවිය.Sri Lanka Latest News
මෙහි දී වත්මන් රජය පාර්ලිමේන්තු සභාව තුළ විපක්ෂයට ලබා දෙන අවස්ථා සීමා කිරීමත්, විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද වරප්‍රසාද කඩකිරීම් සම්බන්ධයෙන් කතානායකවරයා තවමත් සොයා නොබැලීමත් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ නායකවරුන්ගේ අවධානය යොමු විය. එසේම ඉදිරි අයවැය ක්‍රියාවලිය තුළ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද මෙහි දී සුවිශේෂී අවධානයක් යොමු විය.
මේ අවස්ථාවට විපක්ෂයේ පක්ෂ නායකයන් නියෝජනය කරමින් ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුම බණ්ඩාර, සුජීව සේනසිංහ, ජේ. සී. අලවතුවල, රෝහිණි කවිරත්න, වී. රාධාක්‍රිෂ්ණන්, සුජිත් සංජය පෙරේරා, චමින්ද්‍රානි කිරිඇල්ල, කාදර් මස්තාන්, ඩී. වී. චානක, ශානක්‍ය රාසමානික්‍යම්, මනෝ ගනේෂන්, රවී කරුණානායක, ජගත් විතාන, රෝහණ බණ්ඩාර, එම්. එස්. අබ්දුල් වසීත්, ඩබ්. එච්. එම්. ධර්මසේන, එම්එස් උතුමාලෙබ්බේ, නිසාම් කාරියප්ප, ජීවන් තොණ්ඩමන්, කාවින්ද ජයරත්න, දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් එක්විය.










